2021 SLIM - නීල්සන් ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ බැංකු සේවා සැපයුම්කරු’ ලෙස සම්මාන දිනා ගැනීමට ලංකා බැංකුව (BOC) සමත් විය. මෙරට ප්‍රමුඛතම බැංකුව වන ‘ලංකා බැංකුව’ සන්නාමයක් ලෙස ජනතාව තුළ නිර්මාණය කර ඇති ශක්තිය හා හැඟීම මෙම සම්මානය මගින් පිළිබිඹු වන බව එම බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන දෙ මෙම වැඩසටහන, ලොව සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සමීක්ෂණ සමාගමක් වන නීල්සන් සමාගම සමඟ ඒකාබද්ධව දිවයිනේ කීර්තිමත් සන්නාම සහ ආයතන ඇගයීමට ලක්කරන ප්‍රමුඛතම වැඩසටහනකි. සියලුම සම්මානලාභීන් තෝරාගනු ලබන්නේ නීල්සන් සමාගම විසින් දිවයින පුරා සිදු කරන ලද සමීක්ෂණයක් මගිනි.
‘BOCසන්නාමය මේ රටේ ජනතාවගේ සිත් සතන් තුළ සනිටුහන් කිරීමට අපි ගත් උපායමාර්ගික ක්‍රියාමාර්ග සහ ආයෝජනය ඉතාමත් සාර්ථක බව මෙම ජයග්‍රහණයෙන් සනාථ වෙනවා. ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් BOC සන්නාමය ජනප්‍රිය සහ ශක්තිමත් සන්නාමයක් බවට පත්කිරීමට දැරූ වෙහෙස හා කැපවීම පිළිබඳව අපගේ කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා. විශිෂ්ටත්වය කරා යන ගමනට සහයෝගය දක්වමින් අප හා අත්වැල් බැඳගැනීම පිළිබඳව අපගේ වටිනා ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම ශ්‍රී ලංකිකයන්ට මම ස්තුතිවන්ත වෙනවා.” යනුවෙන් ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.පී.කේ. ගුණසේකර මහතා පැවසීය.
ලංකා බැංකුව දශක 8කට වැඩි කාලයක් පුරා මෙරට ගනුදෙනුකරුවන්ගේ විශ්වාසනීය මූල්‍ය හවුල්කරුවා ලෙස කටයුතු කරන අතර මෙරට තනි ආයතනයක් සතු ඉහළම වත්කම් පදනම වන රුපියල් ට්‍රිලියන 2.8 කට හිමිකම් කියයි. එහි ණය සහ අත්තිකාරම් කළඹ රුපියල් ට්‍රිලියන 1.9 ඉක්මවන අතර, තැන්පතු රු. ට්‍රිලියන 2.3 ඉක්මවයි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘වසරේ බැංකු සේවා සැපයුම්කරු’ ලංකා බැංකුව