(තිළිණි ද සිල්වා)
ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා හඳුන්වා දීමට යෝජිත සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි සතියේදී විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති හරහා සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන අන්තර්ජාතික ආයතන වෙත යොමු කරන බවද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටඅරච්චි සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සකස් කරන ලද මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ දීර්ඝ ලේඛනයක් බවත්, ඒවා ක්‍රියාත්මක කිරීම සංචාරකයන් මෙරටට පැමිණීම ආරම්භ කරන දිනයේ පටන් ක්‍රියාත්මක කරන බවත් ලේකම්වරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළෙ විවෘත කරන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බවද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් කෝවිඩ් -19 වයිරසය පිළිබඳ පී.සී.ආර්. පරීක්ෂණය සිදු කළ බවට සහතිකය රැගෙන ආ යුතු අතර අවම තරමින් රාත්‍රී පහක්වත් මෙරට රැඳී සිටිය යුතු යැයිද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී.
මීට අමතරව පොදු ප්‍රවාහන පද්ධති භාවිත කිරීමද විදෙස් සංචාරකයන්ට තහනම් කිරීම ඇතුළු තවත් උපදෙස් රැසක්ද මෙම සංචාරකයින් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අයත් බව සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දේ.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සෞඛ්‍ය මාර්ගෝපදේශ තානාපතිවරුන් හරහා අන්තර්ජාතික ආයතන වෙතට
de silva Friday, 24 July 2020 09:55 PM
සංචාරකයෝ ගෙන එන්න ඉස්සරවෙලා විදේශවල අතරමංවෙලා ඉන්න අපේ විදේශ ශ්‍රමිකයෝ ලංකාවට ගෙන්වලා ඔවුන් නිරෝධායනය කරලා සමාජගත කරන්න වැඩ පිළිවෙළක් සකස් කරන්න.. අපේ පුරවැසියන්ට සලකගන්න බැරි අපෙන් ආගන්තුක සත්කාර විඳින්න කිසිම සංචාරකයෙක් කැමැති වෙන එකක් නැහැ.