IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සංචාරක සේවා සපයන ආයතන-මඟ පෙන්වන්නන් ලියාපදිංචි ගාස්තු වසරක් අය නොකරන්න යයි

( තිළිණි ද සිල්වා )
 
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිව සිටින සංචාරක සේවා සපයන ආයතන හා සංචාරක මග පෙන්වන්නන් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු වසරක කාලයක් සදහා අය නොකිරීමට රජය  තිරණය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සිටී.
 
කොරෝනා  වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලීමේ අරමුණෙන් සංචාරක  හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මකයි.
 
ඊට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අදාළ ආයතන වලට ලබා දෙන තාවකාලික බලපත්‍රය මාස 06 ක කාලයක් සදහා ලබා දිමට කටයුතු යොදා තිබේ. ඊට අදාළ ලියාපදිංචි ගාස්තු ද ලිහිල් කළ ඇතැයි ඇමතිවරයා කියයි.
 
ඒ අනුව ආගන්තුක නිවාස සංචාරක හෝටල්, අවන්හල් තාවකාලික බලපත්‍ර ලබාදිමට අය කරන මුදල රුපියල්  2200 ක් පමණ වන අතර සංචාරක නිවාස, බංගලා , කුලියට ගත් මහල් නිවාස, සංචාරක හිතකාමී ආහාර ලබා ගැනීමේ ස්ථාන සදහා තාවකාලික බලපත්‍ර ලබා දිමට අය කරනු ලබන ගාස්තුව රුපියල් 1100 දක්වා අඩු කර ඇතැයි ද සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 
 
 මීට පෙර මේ සදහා ගාස්තු අය කෙරුණේ අදාළ ආයතන වල ඇති කාමර ගණන, පහසුකම් සැලකිල්ලට ගනිමිනි. එහෙත් කොවිඩ් 19 වසංගතයෙන් පසු සංචාරක ව්‍යාපාරයේ බිද වැටීම් සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹී බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.
 
මීට අමතරව මෙම ආයතන ලියාපදිංචිය සදහා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ලබා ගන්නා ලියකියවිලි ද ලිහිල් කර ඇත.
 
ව්‍යාපාරික ස්ථානයේ අයිතිය සනාථ කරනු ලබන ඔප්පුව හෝ ඒ වෙනුයට බදු ගිවිසුම හෝ අදාළ ස්ථානයේ ව්‍යාපාරික කටයුතු ද තහවුරු කිරිම සදහා ඉඩම පිහිටි ස්ථානය අයත් රාජ්‍ය ආයතනය මගින් එකගතා ලියවිල්ලක් ලබා ගැනීම, වෙළද බලපත්‍රය හෝ ඒ වෙනුවට පළාත් පාලන ආයතනය විසින් ව්‍යාපාරික කටයුතු තහවුරු කරනු බලන ලිපියක් ඇත්නම් එම ලියාපදිංචිය දීර්ඝ කිරීමට ප්‍රමාණවත් වන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී 
 
 එමෙන්ම මුද්‍රාව සහිත අනුමත ගොඩනැගිලි සැලැස්ම හෝ ඒ වෙනුවට මධ්‍යම පරිසර අධිකාරිය හෝ පළාත් පරිසර අධිකාරිය හෝ පළාත් ගැන ආයතනය විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබා ගැනිම ඊට ප්‍රමාණවත් බව ද සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . 
 



අදහස් (0)

සංචාරක සේවා සපයන ආයතන-මඟ පෙන්වන්නන් ලියාපදිංචි ගාස්තු වසරක් අය නොකරන්න යයි

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 25 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 104 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 73 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site