IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ කුළුබඩු වර්ග පිළිබඳව අත්හදාබලන්නැයි තුර්කි ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලයි


( තිළිණි ද සිල්වා )


ශ්‍රී ලංකාවේ කුළුබඩු නිෂ්පාදන වර්ග පිළිබඳව අත්හදා බලන්නැයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මහතා එරට ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
 
තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ “තුර්කි-ශ්‍රී ලංකා ව්‍යාපාරික සභාව” සමඟ එක්ව පැවැත්වූ  කුළුබඩු අංශය පිළිබඳ තොරතුරු හුවමාරු කිරීමේ ව්‍යාපාරික අන්තර්ජාල සැසියකදී තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මහතා විසින් මෙම ආරාධනාව කළේය.
 
“තුර්කි - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ” සාමාජික, නෙව්සෙහිර් සඳහා නිර්වේතනික ශ්‍රී ලංකා කොන්සල් සහ සහ ලංකා බැලොනිං (පුද්) සමාගමේ සභාපති මහමුත් උලුවර් මහතා මෙම සැසිවාරයට එක්වෙමින් මෙහදී ශ්‍රී ලංකාවේ සිය අත්දැකීම් බෙදාහදා ගත් අතර, ලංකා කුළුබඩුවල විශේෂත්වය පිළිබඳව විස්තර කළේය.
 
තුර්කි කුළුබඩු ඇසුරුම්කරුවන්ගේ සංගමයේ සභාපති මුස්තාපා අයිඩාන් අකුන් මහතා සැසිවාරය අතරතුරදී අදහස් දක්වමින්, දෙරට අතර වෙළඳාම පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා සමාගම් සහ ශ්‍රී ලංකා සංගම් සමඟ එක්ව කටයුතු කිරීම සඳහා දක්වන උනන්දුව පිළිබඳව පැවසීය. මෙම සැසිය අතරතුර දී, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලාංකික කර්මාන්ත නියෝජිතයන් වන, ඉන්ටර්නැෂනල් කොමෝඩිටි ට්‍රේඩර්ස්/සිල්වර්මිල්ස් සමූහය (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ නන්ද කොහොන මහතා, එච්ඩීඩීඊඑස් එක්ස්ට්‍රෑක්ට්ස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ ගෙහාන් ද සිල්වා මහතා සහ සීමාසහිත ඉම්පීරියල් ස්පයිසස් (පුද්.) සමාගමේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ රූමේෂ් ජයසූරිය මහතා විසින් ලංකාවේ කුළුබඩු පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.



අදහස් (1)

ශ්‍රී ලංකාවේ කුළුබඩු වර්ග පිළිබඳව අත්හදාබලන්නැයි තුර්කි ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලයි

de silva berlin Friday, 25 December 2020 04:44 PM

ශ්‍රී ලංකාවෙ කුලුබඩු වගාවෙදී.... ශ්‍රමය සහ වෙනත් අවශ්‍යතාවල මිල අධික නිසා සහ පැරැණි වගා ක්‍රම නිසා කලාපයේ අනෙක් රටවල කෘෂි නිෂ්පාදන සමග තරගයක් දෙන්න අපේ කුළු බඩුවලට බැහැ. අපේ රට පරිභෝජනයට අවශ්‍ය කහ ටිකවත්අපේ රටෙ නැහැ. කොත්තමල්ලි ගෙන්වන්නේ යුක්රෙනයෙන්... ඉතින් අපි කොහොමද කුලුබඩු පිටරට යවන්නේ?

:       0       6

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 86 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 145 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 112 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site