IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව ඉලෙක්ට්‍රොනික අපනයනයට අත තියයි

( තිළිණි ද සිල්වා )
 
විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමි වී ඇත.


ඒ අනුව ව්‍යාපාරිකයාගේ  සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු, ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම පිණිස වන මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.
 
ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුදු විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මෙතෙක් අවස්ථාවන් ලැබී නොමැත.


ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවක උපරිමය ඇ.ඩො. 3000 ක් වටිනා භාණ්ඩ මෙසේ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයන්වෙත අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මින් පසු අවස්ථාව ලැබේ.


මෙසේ, එක් වරකට උපරිමය ඇ.ඩො. 3000 දක්වා වටිනා භාණ්ඩ ඕනෑම ප්‍රමාණයකින් විදේශීය පාරිභෝගිකයන් වෙත යැවීමෙන් පසුව එසේ මසක් ඇතුළත එසේ යවන ලද සියලු භාණ්ඩ වෙනුවෙන් මාසය අවසානයේදී ඒ සඳහා වන රේගු ලේඛණය ශ්‍රී ලංකා රේගුව වෙත අපනයනකරුවන් විසින් ඉදිරිපත් කළ යුතුවේ.


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්,  ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට, ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා වෙත ඍජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමට ලබාදී ඇති මෙම පහසුකම භුක්ති විඳීමට අවසරය හිමිවේ.



අදහස් (12)

ශ්‍රී ලංකාව ඉලෙක්ට්‍රොනික අපනයනයට අත තියයි

Piyal Tuesday, 23 October 2018 12:55 PM

කෝ මේකේ වැඩි විස්තරයක් නැහැනේ? කොහොමද වැඩි විස්තර හොයාගන්නේ? මොකක්ද ඉලෙක්ට්‍රෝනික් බැංකු පහසුකම?

:       0       25

PereraWednesday, 24 October 2018 03:37 AM

පියල්, පේ පෑල් ගිණුම් ගැන අහලා තියෙනවද?

:       18       0

tommyFriday, 26 October 2018 02:11 PM

මා සිතන හැටියට ලංකාවේ පේපෑල් නැහැ.

:       14       8

sachith Wednesday, 24 October 2018 01:43 AM

මේකත් හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වැඩක්... පේපැල් නැතුව බඩු විකුණලා සල්ලි කොහොමද ගන්නේ?

:       11       40

Perera Wednesday, 24 October 2018 03:34 AM

ඊ බේ එකේ දාලා ඇමරිකන් ඩොලර් 3000ක් වෙනකම් වටිනාකමකින් යුත් භාණ්ඩ අපනයන බදුසහන යටතේ භාණ්ඩ විකුණන්න පුළුවන් කියන එකනේ ඔය කියන්නේ...

:       0       10

lankaWednesday, 31 October 2018 02:20 PM

පෙරේරාට නිව්ස් එකේ තියෙන දේ තේරෙනවා. ඒත් ඊබේ එකේ බඩු විකුණන්න පේ පෑල් ලංකාවට නැහැ කියලා තේරිලා නෑ අයියෝ ඩොලර්...

:       0       1

lalith Wednesday, 24 October 2018 01:30 PM

මෙතන පොඩි ගැටළුවක් තිබෙනවා. භාණ්ඩ ලැයිස්තුව මාසය අවසානයේදී රේගුවට ඉදිරිපත් කළාට පස්සේ කීයක් බදු ගෙවන්න වෙයිද කියන එකයි ප්‍රශ්නේ... එහෙමනම් කල් ඇතුව භාණ්ඩයට අදාල ස්ථිර රේගු ගාස්තුවක් නිර්ණය කරවා ගැනීමේ ක්‍රමයක් තිබිය යුතු වෙනවා. නැතිනම් අන්තිමේ භාණ්ඩයට ලැබුණු මුදලෙන් වැඩි කොටස රේගුව ගනීවි... මාසේ අන්තිමේ ලැයිස්තුව බලලා. එ්ක අඩු කරවගන්න වෙනමම කුට්ටියක් දෙන්න වෙනවා අත යටින්. අනික මේ විදියට විකුණන භාණ්ඩ සියල්ල දේශීය භාණ්ඩම විය යුතු නම් එ්කෙන් ඔය කියන තරම් වෙළඳාමක් වෙන්නේ නැහැ. දේශීය භාණ්ඩ වගේම විදේශවලින් ආනයනය කළ භාණ්ඩත් නැවත විකිණීමේ හැකියාව තිබිය යුතුයි. එවිට අර ඇමෙරිකාවට කෙලින්ම ගෙන්විය නොහැකි බඩු කැනඩාවට ගෙනවිත් ඇමෙරිකාවට විකුණලා කැනේඩියානු සමාගම් මුදල් උපයනවා වගේ අපටත් ඉන්දියාවට විදේශික භාණ්ඩ යැවීමෙන් මුදල් ඉපැයීමට පුළුවනි. මේ ප්‍රතිඅපනයනය කරන භාණ්ඩ ආනයන බද්දෙන් තොරව මෙරටට ගෙන්වීමට හෝ නැතිනම් ප්‍රතිඅපනයනය කළ පසු එහි ආනයන බද්ද ආපසු ලබාගැනීමට හැකියාවක් නැතිනම් ඒ වෙළඳාමත් සාර්ථක වෙන්නේ නැහැ. එහෙම බද්දෙන් තොරව භාණ්ඩ ගෙන්වා ගබඩාකල හැකිනම් ලංකාව "FULFILLMENT CENTER HUB " එකක් කළ හැකියි.

:       0       42

Chaminda Thursday, 25 October 2018 06:26 AM

ලංකාවේ බැංකුවලට ඔපන් කරන්න ගොඩක් ඩොලර් හිරවෙලා ඉන්නවා ලංකාවට ගෙන්න බැරුව. කියවන්න මොකක් හරි වචනයක් හම්බ උනහම ඔහේ කියවනවා ලංකාවේ වැඩකරන ගොඩක් අය ඉන්නවා ඒගොල්ලොන්ගේ මුදල් ගෙන්න බැරුව ලතවෙනවා......

:       26       4

lanka Friday, 26 October 2018 08:05 AM

පේ පෑල් නැතුව අපට සියඹලා කරලක්වත් සුද්දන්ට විකුණගන්න බෑ කියලා ලංකාවේ පාලකයෝ කවදා තේරුම් ගනීද...

:       0       72

SAHANA Tuesday, 30 October 2018 06:42 PM

ඊ බේ එකේ නැතිනම් ඇමසෝන් එකේ විකුණන එක ඔය හිතන තරම්ම පහසු නැහැ. ඔය මොන මුදල් රෙගුලාසි වෙනස් කලත් ඒ සඳහා පුහුණුවක් අධ්‍යාපනයක් අවශ්‍ය වෙනවා. "SEARCH ENGINE OPTIMISING ", "kEY WORD OPTIMIZING " වගේ දේවල් නොදැන වැඩේ අමාරු වෙනවා. ඉන්දියානුවෝ මෙව්වා දැනටමත් ප්‍රගුණ කරලා හමාරයි. මෙව්වා අපේ රටෙත් විද්‍යුත් පාඨමාලා මගින් හෝ, කාර්මික විද්‍යාල වල හෝ නැතිනම් පාසල් වලම නිවාඩු කාලයට පාඨමාලා පවත්වා උගන්වන්නේ නැතිනම් වැඩේට බැහැලා අතරමන් වෙන්නයි වෙන්නේ.

:       8       1

sameera Wednesday, 31 October 2018 07:40 AM

විසිතුරු මසුන් මේ ක්‍රමයට යවන්න වැඩ පිළිවෙලක් තිබේද?

:       0       0

shan saudi Thursday, 01 November 2018 11:10 AM

බලා ඉන්න ගිය මහින්ද ආණ්ඩුව කලේ මෙය හොදට බිස්නස් කලා. අර වෙන රටක ළමා අපචාර වලට වැරදි කරුවෙක් උන එකෙකුට මිලියන 16 නඩුවට ලොස් නැතුව වියදම් කලේ ඒ වගේ මේ පාරත් හොද හොද බිස්නස් කරාවි ජනතාවට ඉලෙක්ට්‍රොනික් ලබ්බක් තමා ලැබෙන්නේ මොකද දැන් ජනතාව ගොනාට අන්දවල සල්ලි හොයන ක්‍රම හොයා ගන්න එපාය

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site