IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදේශීය සංචාරකයින්ට පමණක් අවන්හල් -හෝටල් පවත්වන්නන්ට දැඩි නීතී

( තිළිණි ද සිල්වා )

දේශීය සංචාරකයින් නොමැතිව , විදේශීය සංචාරකයින් සදහා පමණක් අවන්හල් සහ හෝටල් පවත්වා ගෙන යන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

එවැනි අවස්ථාවක ආයතනයක්  වැරදිකරු වුවහොත් එවැනි ආයතනවල බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගන්නා බවත්, එම ප්‍රදේශවල නව බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා බවත් සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

"විදේශිකයින්ට පමණයි’ ප්‍රතිපත්තිය යටතේ හික්කඩුව සහ අරුගම්බේ යන ප්‍රදේශවල ඇතැම් අවන්හල් සහ හෝටල්වලට ඇතුළුවීමට ඉඩ නොදෙන බවට දේශීය සංචාරකයින් විසින් පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, එලෙස දේශීය සංචාරකයින්ට වෙනස්කම් කරන හෝටල් හා අවන්හල් වලට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගන්නා බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය කියා සිටියාය.

අපේ ව්‍යවස්ථාවෙන් සියලුම පුරවැසියන්ට සමාන අයිතියක් ලබා දී ඇති බවත් , ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ එවැනි හේතුන් මත කිසිදු පුද්ගලයෙකුට සාප්පු, පොදු අවන්හල්, හෝටල්, පොදු විනෝදාස්වාද ස්ථාන වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් කිසිම කොන්දේසියකට යටත් වීමට අවශ්‍යතාවයක් නැතැයිද අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

විදේශීය සංචාරකයින්  අඩු සමයේදී සහ පාස්කු ඉරිදා ප්‍රහාර වැනි ඕනෑම දුෂ්කර කාලයකදී සංචාරක කර්මාන්තයට සහාය වන්නේ දේශීය සංචාරකයින් බැවින් එවැනි වෙනස්කම් කිරීම වළක්වා ගන්නා ලෙස අධිකාරිය සංචාරක හෝටල් වල නිරත ව්‍යවසායකයින් ගෙන් ඉල්ලා සිටී.



අදහස් (30)

විදේශීය සංචාරකයින්ට පමණක් අවන්හල් -හෝටල් පවත්වන්නන්ට දැඩි නීතී

saminda Thursday, 02 January 2020 05:45 AM

හොඳ වැඩක් හික්කඩුවේ තියෙනවා. මේවගේ තැන් පොඩ්ඩක් හොයලා බලන්න.

:       19       102

rana Thursday, 02 January 2020 05:56 AM

නෝනේ , ඔය වගේ හෝටල් දැන් රට පුරාම තියනවා , මේවා කොටු කර විදේශීකයින්ට පමණි , ඔබේ සංචාරක ව්‍යාපාරය ගැන දැනුම මදි වගේ නේ ?

:       87       4

ravi Thursday, 02 January 2020 06:08 AM

ඔන්න. ඔය හෝටල්වල තමයි කුඩු සහ හැම නීතිවිරෝධී ක්‍රියාවක්ම විදේශිකයන් සමග කරගෙන යන්නේ..

:       8       100

sam Thursday, 02 January 2020 07:38 AM

එතකොට ලංකාවේ ඓතිහාසික ස්ථාන නරඹන්න විදේශිකයින්ගෙන් ඩොලර් තිහ හතළිහකුත්, ලාංකිකයින්ගෙන් රුපියල් දෙතුන් සීයකුත් අයකිරීම ඔය කියන සමාන අයිතිවාසිකම් ගණයට වැටෙන්නේ නැද්ද?

:       164       693

AkilaThursday, 02 January 2020 09:59 AM

ඔව් ලැජ්ජාවේ බැහැ. පන්සල් බල්ලන් ආවත් ටිකට් එකක් ගන්න ඕනේ.., ලෝකේ නව පුදුම 7න් එකක් වන ටජ් මහල බලන්න විදේශිකයෙක්ගෙන් අයකරන්නේ ටිකට් එකට ඩොලර් 15 අපේ සීගිරිය බලන්න ඩොලර් 30යි..

:       144       172

jay Thursday, 02 January 2020 09:11 AM

ඊයේ ජනවාරි 1 රාත්‍රී කෑමට මමත්, මගේ සහෝදර සහෝදරියන් සහ දූදරුවනුත් සමග මීගමුවේ හෝටලයකට කෑමට ඇතුල් වුණා. එ්කේ නම රෙජීස් ගෙස්ට් හවුස් .. වටේම තියෙන්නේ සංචාරකයන් සඳහා ප්‍රමුඛත්වය දෙන අවන්හල් සහ හෝටල්.. ඉතින් මේ ස්ථානයේ පිළිගැනීමේ කටයුතු බාරව ඉන්න සේවකයාට අපි කිව්වා 16 දෙනෙකුට ආසන පනවලා දෙන්න කියලා. එතකොට සේවකයන් කිව්වා ලෝකල් කට්ටියට මෙහෙ සර්විස් දෙන්නේ නැහැ... මෙහෙ පිටරට කට්ටියට විතරයි කෑම දෙන්නේ කියලා. පස්සේ අපි එකේ මැනේජර්ගෙන් ඇහුවා මොකක්ද ඒ හේතුව කියලා .. මිනිහා මොකුත් කිව්වේ නැහැ අපිව වැඩියේ ගණන් ගත්තේ නැහැ. වෙන තැනක් බලන්න කිව්වා. මමත් අපේ පවුලේ තව කීපදෙනෙකුත් ඉන්නේ ව්‍යාපාරික අංශයේ... අපේ දරුවන් 3 දෙනෙක් ඉන්නේ ජපානේ රැකියාවල... එක දරුවෙක් රේගුවේ... තව දරුවෙක් විශ්ව විද්‍යාලේ.. අපේ අම්මට වයස 85. අම්ම අඳින්නේ චීත්තේ සහ හැට්ටේ ගෙදරට. ඉතින් අපි හදිසියේ එකතුවෙලා ගෙදරට හිටපු විදියටම තමයි ඔය ස්ථානයට ගියේ... මැනේජර් අම්මා දිහා බලලා තමයි ගොඩක් අපිට එතන අවස්ථාව දුන්නේ නැත්තේ... අපි 1 වැනිදා නිසා බැන්නේ නැහැ. මගේ බිරිඳ ජපන් ජාතිකයෙක්... එ්ත් ඇය මේ වතාවේ ලංකාවේ හිටියේ නැහැ...

:       20       66

විජිත් Thursday, 02 January 2020 02:48 PM

ඔය කියන මැනේජර්ගේ අතීතය හොයා බැලුවොත් ඔයාට පෙනේවි ඔහු කුඩාකළ අන්ත අසරණ දුප්පත් තත්වයට පත්වී සමාජයෙන් කොන්වුණු කෙනෙක් බව.. නමුත් ඔහු යම් ප්‍රමාණයක අත මිට ඇති කෙනෙක් වුණාම ඔහුගේ යටිසිත බලකරනවා. අර අතීතයට වෛර කරන්න. ඒ වෛරය ඔහුටත් නොදැනී එළියට එන්නේ ඔහු ඔබලාට සැලකුව අකාරයටයි. අමතක කරන්න එපා දුප්පත් වෙලා ඉපදිලා පසුව පොහොසත් වුණු ගොඩක් දෙනෙක් තමන්ගේ අතීතය ආදරයෙන් සිහි කරනවා. දුප්පත් අයට, අසරණ අයට හොඳට සලකනවා. ඒ අතරේ තවත් සුළු කට්ටියක් ඉන්නවා. 20%කට පමණ මේ හීනමානය නිසා සමාජයේ නොයෙකුත් ප්‍රශ්න ඇති කරන... ඔයා දන්නවද දෙවැනි ලෝක යුද්ධය පටන්ගත්ත " හිට්ලර් " යුදෙව්වෙක් කියලා..? ඔහුගේ යටිසිත ඔහු යුදෙව්වේක් වීම ගැන ඔහුටම වෛර කළා. අවසානයේදී සියලුම යුදෙව්වන් විනාශ කිරීමෙන් ඔහු අමානුෂික සතුටක් ලැබුවා. ඒ ඔහු යුදෙව්වෙක් නොවෙයි කියා සමාජයට පෙන්වන්නට ඔහුගේ යටි සිතෙන් දුන්නු සංඥාව නිසයි. ඔබ සැමට වාසනාවන්ත නව වසරක් වේවා..!!!

:       0       47

lankaFriday, 03 January 2020 05:50 AM

කොට්ටෝරුවා කෙහෙල් ගහකට කොටපු දාට තමයි හොට පටලවගන්නේ.

:       0       34

SISIRAFriday, 03 January 2020 09:04 PM

මේ තීරණය හොටල් හිමිකාරීත්වයේ නොවෙන්න පුළුවන්... මේක මැනේජර්ගේ තීරණයක් වියහැකියි.

:       0       0

jay Thursday, 02 January 2020 09:29 AM

ඔහොම තැන් මීගමුවේ කොච්චර තියෙනවද..? කවුරුන් හෝ කොම්ප්ලේන් කළොත් වහාම අල්ලලා දඩ ගහන ක්‍රමයක් තමයි ඕනෑ. සාක්කි ඉදිරිපත් කරන්න තියෙනවා නම් එවෙලේම දඩ ගහන්නත් පුළුවන්නේ... පොලිසියට වගේ.. මීගමුවේ වැල්ලවීදිය පාරේ තියෙන රෙජිස් ගෙස්ට් හවුස් අවන්හලත් ලෝකල් කට්ටියට ඉඳගන්න දෙන්නේ නැහැ...

:       0       56

gayan Thursday, 02 January 2020 11:19 AM

ඇතුලට ගත්තටම මදි. ආවට පස්සේ දේශීය සංචාරකයන්ට කුඩම්මාගේ සැලකිලි දෙන හෝටල් ගැනත් දැඩි තීරණ ගන්න ඕනේ.

:       0       11

sugath Thursday, 02 January 2020 12:02 PM

හෝර්ටන් තැන්නේ ඉන්නවා මේ වගේ රොත්තක්ම. හරියට හෝර්ටන් තැන්න අම්මගෙ, අප්පගේ බූදලේ වගේ හිතාගෙන.. ලංකාවේ මනුස්සයෙක් ආවොත් දඟලනවා හරියට භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ..

:       0       10

Laal Thursday, 02 January 2020 12:34 PM

ඒ වගේම විදේශිකයින්ගෙන් අසාධාරණ ලෙස අය කරන සහ දේශීය අයට එක ගාණකුත්, විදේශීය අයට තව ගානකුත් අය කරන හෝටල් සහ සංචාරක ස්ථානවලටත් මොනවා හරි කරන්න ඕනෑ.

:       3       69

Kumar Thursday, 02 January 2020 06:28 PM

ඔය කියන නීතිකාරයන් නුවරඑළිය පැත්තේ යනවා නම් අර ලබුකැලේ වත්තේ අවන්හල් දෙකටම ගිහිල්ලා බලන්න. කට්ටියක් ගම්බද අය වගේ අලුත් ගොඩනගිල්ලට යන්න. ඇතුල්වෙනකොට දොර හරස් කරයි. එසේ කරලා පරණ ගොඩනැගිල්ලට යන්න කියයි.

:       0       1

kenath Thursday, 02 January 2020 07:43 PM

අනෙක ලංකාවට වැඩියෙන් එන්නේ හොද සල්ලිකාර සංචාරකයින්ට වැඩිය යන්තමින් යැපෙන අය. ලංකාවේ දේශීය සංචාරකයන්ට ඊට වඩා වියදම් කරනවා. අනෙක ඔය තැන්වල විදේශිකයන් කිව්වට ලංකාවට අන්ත අප්‍රිකානු රටවල සංචාරකයන් ට දොර ඇරෙනවද? නැහැනේ. ඔය විදේශිකයන් කියන්නේ හම සුදුනම් පමණයි. වයිට් ඔන්ලි වගේ පරගැති තත්වයක් ඕක.

:       0       4

Mahesh Friday, 03 January 2020 04:10 AM

ලෝකයේම ප්‍රසිද්ධ ඉන්දුනීසියාවේ බාලි දූපතේ ඕනෑම දේශයක කෙනෙකුට ඕනෑම හෝටලයකින් සේවය සපයනවා.

:       0       32

Jaya Friday, 03 January 2020 05:25 AM

මේ කතා ඔක්කොම ඇත්ත. එත් ඇයි දේශීය සංචාරකයන්ට පහසුකම් නොදෙන්නේ ඇයි කියන එකත් හිතල බලන්න ඕන.

:       0       1

KumarSaturday, 04 January 2020 02:44 AM

මම සිතුවේ සමේ පාට නිසා කියලයි. අනෙක පිටරටින් එන සංචාරකයින්ගෙන් වැඩිය අයකර ගන්න පුලුවන්නේ...

:       0       6

AkilaSaturday, 04 January 2020 08:01 AM

ඒ ගොල්ලන් හිතන් ඉන්නේ සුද්දන්ට යහමින් සල්ලි තියනවා.. එ්ක හින්දා මෝඩයට අන්දලා වැඩිපුර ගාණක් කපාගන්න පුළුවන් කියලා... නමුත් සුද්දන් ලෝකේ හැමතැනම ගිහින් ඒවායේ මිල ගණන් හොඳට දැනගෙන තමයි මෙහෙ එන්නේ.. පළවෙනි සැරේ මෝඩයට අන්දලා බලෙන් ගානක් කැපුවත්, ඊටපස්සේ ඒ ගොල්ලන් ගිහින් ලෝකේ හැමතැනම ඕක ගිහින් කියනවා.

:       0       0

lankasri Friday, 03 January 2020 10:37 AM

මන් දැක්කා නුවර දුම්රිය ස්ථානයේ විදේශිකයින්ට පමණයි කියලා වැසිකිලියක් තියෙනවා. මන් විදේශිකයෙක් නිසා ප්‍රශ්නයක් වුනේ නැහැ. තාම තියෙනවද නම් දන්නේ නැහැ...

:       0       1

leel guanawrdena Friday, 03 January 2020 01:59 PM

අපේ රටේ ජනතාවට ගරහන මෙවැනි හෝටල්වලට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       1

lasantha Friday, 03 January 2020 03:35 PM

පිටින් එන සංචාරකයෙක් හින්දා තමන්ගේම රටේ මිනිස්සුන්ව ඇතුළට ගන්නේ නැත්නම් අපේ රටේ අයට කොහොම සැලකුවාම මොකද අනේ....?

:       0       0

lasantha Friday, 03 January 2020 03:36 PM

මේවගේ සීන් දකින සුද්දන්ට අනික් පැත්තෙනුත් හිනා යනවා ඇතිනේ...

:       0       3

leel gunawardena Friday, 03 January 2020 07:27 PM

ලසන්ත, සුද්දන්ට විතරක් නොවෙයි මටත් ඕක වෙනවා මේවා දැක්කාම මීගමුවේත් වුණා. අාරුගම්බේදීත් වුණා. තවත් වෙයි. තැන්තැන් වලදී...

:       0       0

Nalaka Friday, 03 January 2020 10:31 PM

ඩුබායි වල ලෝකල් අයට දීලා තමයි විදේශිකයින්ට කන්න දෙන්නේ... තමුන්ගේ අය හරියට හැසිරෙන්නේ නැත්නම් නීති දමන්න. ෆොර්මල ඩ්‍රෙස් කෝඩ් නම් ඒකත් කමක් නැහැ. නමුත් ඇතුළුවීම තහනම් කිරීම නම් කැතයි.

:       2       1

Nandalal DE SILVA - France Saturday, 04 January 2020 12:23 AM

මේ ප්‍රශ්නයට කෙළින්ම සම්බන්ධ නැතත් අපේ රටේ තවත් අවන්හල් මාෆියාවක් හොඳින් කෙරීගෙන යනවා. වසර කිහිපයකට පෙර මම මගේ ප්‍රංශ බිරිඳත් සමග පේරාදෙණියේ උද්භිද උද්‍යානය නරඹා දිවා ආහාරය සඳහා ඒ ලඟම පිහිටි අවන්හලකට ගොඩවැදුණා. සප්පායම් වීමෙන් පසුව බිල ගෙනඒමට පෙර වේටර් මගේ කනට කොඳුරා රහසක් කීවා.. "සර් බිලක් හැදුවොත් මුළු ගණනම ගෙවන්න වෙනවා. සර් බාගයක් ගෙවන්න, අපි බිල නොහදා ඉන්නම්". එම අවන්හලට ලැබිය යුතු මුළු අදායම යන්නේ කොහාටද කියා සිතා ගැනීමට මම ඔබට බාර කරමි. එම ස්ථානය තවමත් තිබේ දැයි නොදනිමි.

:       0       10

රන්ජන Saturday, 04 January 2020 08:18 AM

නමුත් අපේ ගොඩක් දේශීය සංචාරකයින් හෝටල්වලට ගිහිල්ලා සංවරව හොටෙල් එක පාවිච්චි කරන්න නැහැ. විදේශීය අයෙක් පාවිච්චි කල table එකක් පොඩ්ඩක් වෙනස් කරලා ආපසු වෙන කෙනෙකුට දෙන්න පුලුවන් .... නමුත් සමහර අපෙ අය කාපු දේවල්. පුදුම අසහනයකින් ඒවා පාවිච්චි කරන්නේ කියලා තේරෙනවා. මේ ෆීල්ඩ් එකේ අය හොඳින් දන්නවා... පූල් එකට සබන් ගාගෙනත් සමහර අය පනිනවා. ක්ලීන් කරන්න ලොකු මහන්සියක්, වියදමක් යනවා. ඒ වගේ තැනක් පාවිච්චි කරන්න උගන්වන ක්‍රමයක් රටේ තියනවා නම් හොඳයි.

:       0       12

bandula Monday, 06 January 2020 04:21 AM

බොහෝ ආයතන "සුද්දන් වන්දනාව " තමයි කරන්නේ... අපේ සල්ලි සල්ලි නෙමෙයිද?

:       0       0

latha Monday, 06 January 2020 07:06 AM

අපේ අය කාලා වනසලා යනකොට සුද්දෝ එන්නේ නෑ.

:       0       0

Kumar Monday, 06 January 2020 05:47 PM

ඇත්තටම ලංකාවේ සෑම තැනින්ම පිට රටියන්ගෙන් වැඩිය අයකරනවා. දෙහිවල සත්තුවත්ත, පින්නවල අලි අනාථාගාරය. සිගිරිය, දඹුල්ල සහ නුවර දළදා මාලිගාවත් පිට රටියන්ගෙන් වැඩිය අයකරනවා නේද? ඒ වැනි ආකාරයට වැඩිය අයකරන්න මෙරටේ නීතියෙන් තහනම්. සැමට එකම මිලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 39 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 116 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 81 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site