IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැව් මාළුවාත් ටින්කර යුරෝපයට යවයි

විනිතා එම් ගමගේ

ටින් මාළු කී සැනින් සිහිපත් වන්නේ සැමන්, ටූනා, මැකරල් වැනි මසුන්ය. එසේ නැතිනම් ආනයනය කරන ලද ටින් කළ මසුන්ය. එහෙත් වැව් මාළු ටින් කරන බව ඔබ දන්නවාද?


මේ සටහන කැට්ලා නමැති වැව් මාළුවා ටින් කර යුරෝපා වෙළඳපොළට යැවීමට සැරසෙන ව්‍යාපාරිකයකු වන නිමල් ජයසූරිය මහතා පිළිබඳවයි. ලංකාවේ ගම්මානවල වැව් මාළු පළමුවරට ටින් කිරීමේ ගෞරවය හිමිවන්නේ ඔහුටය. ෆොර්කොන්ස් සමාගමේ නිර්මාතෘවරයා වන ජයසූරිය මහතා මේ වනවිට යුරෝපා වෙළඳපොලේ නම ගිය ව්‍යාපාරිකයෙකි. ඔහුගේ උපන් ගම බේරුවල ය.


මාළු ඇඹුල් තියල්, කජු මාළුව, මැකරල් මාළු, කොස් දෙල්,  මස් මාළු මිශ‍්‍ර කළ ෆ්‍රයිඩ් රයිස් ආදිය ටින් වශයෙන් ද බැදපු කරවල වර්ග, උම්බලකඩ, චට්නි, පොල්සම්බෝල ආදි ආහාර බෝතල් සහ වායු රික්තක පැකට්ටු වශයෙන් ද විදේශයන්ට අපනයනය කරන ජයසූරිය මහතා ඒවා ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව ගුණාත්මක නිෂ්පාදන වශයෙන් සකස් කිරීමට උත්සුක වෙයි.


නිවෙස්වල සකසන  ඕනෑම ආහාරයක් විදේශ රටවල සිටින ඥාතීන් වෙත යැවීම සඳහා ඔහුගේ  උපකාරයෙන් වැකියුම් පැකට් සාදාගැනීමට ලාංකිකයන්ට අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකාව තුළ මේ ආහාර ටින් කර යුරෝපා රටවලට යැවීමේ අවසරය පවතින්නේ ද ඔහුට පමණි.


නිමල් ජයසූරිය මහතා සකස් කළ පළමු වැව් මාළු ටින් නිෂ්පාදනය පසුගියදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත තිළිණ කළේය. වැව් මාළු ටින් නිෂ්පාදනය පිළිබඳව ඔහු මෙසේ කියයි. 


‘‘මේක කරන්න පුළුවන් ද කියා මට සැකයක් තිබුණා. නමුත් මම ඒ ගැන සොයා බැලූවා. දේශීය දෑ අගයන ව්‍යාපාරියකු වන ආරියශීල වික‍්‍රමනායක මහතාගේ මැදිහත් වීම මට ශක්තියක් වුණා. 


සැමන්වලට නැත්නම් මැකරල් වලට වඩා රසට කටු හැපෙන කැට්ලා නම් මාළුවා ටින් කරන්න පුළුවන්. කැට්ලා කිලෝ 35 ක් වෙනතෙක් ම වැව්වල වර්ධනය වනවා. එනිසා ඈත ගම්වල වැව්වල මේ මාළුවා බෝකර මේ ව්‍යාපාරය කරන්න පුළුවන්. 


ග‍්‍රාමීය ප‍්‍රදේශවල වැව් ප‍්‍රතිසංස්කරණය කර ඒවාට මාළු පැටව් බෝකර වැව් ආරක්ෂා කරන්න පුළුවන් නම් හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන්. එයින් ග‍්‍රාමීය ආර්ථිකයත් දියුණු වෙනවා. එමෙන් ම අපනයන ආර්ථිකයත් ශක්තිමත් වෙනවා. පිටරටින් ගෙන්වන පණු සැමන් කන්න වුවමනාවක් නැහැ. නාරා හෝ සමාන ආයතනයක් මේ කටයුත්තේ වගකීම භාර ගෙන කටයුතු කළ යුතුයි. මේ සම්බන්ධව තවදුරටත් පර්යේෂණ සිදුවිය යුතුයි. 



අදහස් (9)

වැව් මාළුවාත් ටින්කර යුරෝපයට යවයි

Deepal Nirosh Friday, 19 October 2018 03:40 AM

මෙන්න ඩොලරයේ අගය ඉහළ යාමේ ගැටළුවට එක් ප්‍රායෝගික විසඳුමක්. මේ ව්‍යාපාරය දිරි ගැන්වීමට මැදිහත් රජයේ යුතුකමක්.

:       20       1219

chathura Friday, 19 October 2018 11:26 AM

හොද ආදර්ශයක්. සාර්ථක වේවා!

:       5       75

lalith Friday, 19 October 2018 04:28 PM

ශ්‍රී ලංකාව තුළ මේ ආහාර ටින් කර යුරෝපා රටවලට යැවීමේ අවසරය පවතින්නේ ද ඔහුට පමණි කියනවනේ. බලාගෙන ගියාම මේ වගේ අලුත් යමක් රට යවන්නත් වෙනමම අවසර ගන්න වෙනවා. ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නේ?

:       3       28

benatWednesday, 24 October 2018 08:52 AM

ඔය මාලුවාව බෝකර ගන්නත් පුළුවන්... අල්ලලා ප්‍රමිතියට අනුව ටින් කරගන්නත් පුළුවන්... එම ටින් ගුවනින් හෝ නැවෙන් පිටරටට අරින්නත් පුළුවන්. එම රටවල්වල තත්ත්ව පරීක්ෂාවෙන් සමත්වෙන්නත් පුළුවන්. පිටරටවල්වල ගැනුම්කරුවන් හොයාගන්නත් පුළුවන්... ඒ ඔක්කොම ලේසියෙන්ම පුළුවන් කියමුකෝ. හැබැයි අමාරුම දේ තමයි ඒ ටික කරන්න ඕනෑකරන අවසරය අපේ අදාළ ආයතනවලින් ගන්න ගියහම ලෝකෙම නැති ප්‍රශ්න දාලා කොහෙන් හරි හිලක් හාරාගෙන හරි එම අවසරය දෙන්න ගානක් කොටාගන්න එක... ගානදුන්නේ නැත්නම් අවසරේ ගැනීම හීනයක් පමණයි.

:       0       1

hesa Friday, 19 October 2018 09:54 PM

හොඳ වැඩක් නම් තමයි. ඒත් ගමේ මිනිසා අඩු ගානකට ගත් වැව්‍ මාළු වල මිල ඉහල යන්න පිළිවන්. මොකද වැවේ මාළු සේරම වැඩි ගානට මුදලාලිලා ගනිවි.ටින් කරන්න

:       3       3

සෙනෙවි Saturday, 20 October 2018 02:18 AM

අවසරය යන්න යුරෝපා සංගමයේ තීරණය විය හැක. තේ සමග කොහුබත් යවන, ගොරකා වලට පරණ ට‍යර් කෑලි දාන රටේ එහෙමත් ආවට ගියාට අවස‍ර දේවිද?

:       0       12

සුජිත් අන්නමලේ Saturday, 20 October 2018 05:45 AM

මට මේ ව්‍යවසායකයව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන්ද?

:       3       12

Kumar Saturday, 20 October 2018 04:41 PM

සෙනෙවි මහත්මයගේ කතාව ඇත්ත සෑම තැනම හොරකම. මේ රටට එන කොහුබත් එන්නේ මල් පෝච්චි සමඟ පෙත්තක් වශයෙන්. වතුර මුසු කල විට පෝච්චිය පිරෙන්නම ලොකුවෙනවා. මේ රටේ ටයර් තුනියට කපා මහාමාර්ග වලට දමන මිශ්‍රනයට මුසු කරන වග නම් මම දන්නවා.

:       0       2

Ranga Wednesday, 24 October 2018 05:23 AM

නියම වැඩක්!

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 68 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 138 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 97 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 54 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site