IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලොව ලොකුම මගී ගුවන්යානයක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

එමිරේට්ස් ගුවන් සමාගම ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් අද(14) සවස 4.30 ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළට එවා තිබිණි.

කොළඹ සිට ගුවන්ගමන් කටයුතු සිදුකිරීම සඳහා කටුනායක ගුවන්පථයට එම යානය ගොඩබස්සවා පරීක්ෂා කිරීම සඳහා යානය එහි පැමිණ තිබූ අතර මෙම යානයේ බඳ තට්ටු දෙකකින් සමන්විතය.

ප්‍රංශයේ නිෂ්පාදිත A -380 වර්ගයට අයත් එකක් වන අතර , එහි මගීන් 540 කට එකවර ගමන් කළ හැකිය . දැනට මෙම සමාගම සතුව මෙවැනි ගුවන් යානා 96 ක් ඇති අතර , තවත් යානා 48 ක් මිලදී ගැනීම සදහා ඇනවුම් කර ඇති බව කියති.

 



අදහස් (18)

ලොව ලොකුම මගී ගුවන්යානයක් කටුනායකට

Ruwani Monday, 14 August 2017 04:41 PM

නරකද මෙවැනි දෙක තුනක් අරගෙන යුරෝපීය දියුණු රටවල ගමනාන්තයට සේවයේ යෙදුවොත් .

:       13       47

Rex DubaiMonday, 14 August 2017 05:40 PM

ශ්‍රීලන්කන් ආයතනයෙන් පළිගත්තේ නැත්නම් මේ සමාගමෙන් ලංකාවට වැඩි වාසි ගන්න තිබුණා. කෝටි ගණන් පාඩු ලබා මහා භාණ්ඩාගාරයට බරක් නොවී.

:       88       86

uddikaTuesday, 15 August 2017 02:33 AM

එමිරේට්ස් කලේ එයාලට නැති අපට තිබෙන ගුවන් මාර්ග වල ගුවන් යානා ධාවන කරපු එක නේද ? අපට වාසියක් තිබ්බේ නැහැනේ. අපේ කට්ටියට ඔය ආයතන විකුනන්න ඕන නැහැ නිවැරදි දැක්මක් නැහැ එකයි ගැටලුව. ටයි පටිය බෙල්ලට හිර කරගෙන උඩ බලන් ඉන්නවා. රාජ්‍ය ආයතන බොහොමයක් ඔහොම තමා. හැබැයි කරන එක දෙය තම වෙලාවට වැඩට එන එකයි යන එකයි. එකත් 3 ඉදන් ලෑස්තිය

:       204       186

මම1Wednesday, 16 August 2017 11:50 AM

එමිරේට්ස් කළමණාකරණය කාලේ බිලියන ගාණක ලාභයක් ශ්‍රී ලංකන් එක ලැබුව කියලා දන්නේ නැත්ද? මගීන් ඉවත්කරල පවුලේ කට්ටියටයි, ගැත්තන්ටයි සීට් 40 ක් දුන්නේ නැහැ කියලා තමයි දැන් බිලියන 18 ක්ද කොහෙද වෙන පාඩුව කලේ.... අනික 3000 ක් ඉන්න ඕන තැනට නිල් බලකායේ 7000 ක් දාලා. වසරක පඩි වලටම බිලියන 6 ක් විතර යනවා.

:       153       1136

ජයරත්න Monday, 14 August 2017 11:11 PM

මෙම යානයේ ප්‍රධාන නියමුවා ශ්‍රී ලාංකිකයෙක්. ඒක රටට ගෞරවයක්

:       2       15

husen-riyad Tuesday, 15 August 2017 06:22 AM

රියාද්වලින් හැමදාම ලංකාවට ශ්‍රී ලන්කන් ෆ්ලයිට්ස් තියෙනවා වගේම හැමදාමත් ෆුල්. ඒ වුනාට පාඩු පිටයි දුවන්නේ කියල හැමදාම වගේ මාධ්‍යත් වාර්තා කරනවා. වැරැද්ද තියෙන්නේ කළමනාකාරිත්වයේ මිසක් වෙන කොහෙවත් නෙමෙයි. යහපාලනයටත් දැන් අවුරුදු දෙකහමාරක්. ඔවුනුත් ප්‍රදර්ශනය කරන්නෙත් ඔවුන්ගේත් නොහැකියාවද .? නැතිනම්, හිටු කියල මුනුත් ගහනවද..? දැන් දැන් යහපාලනේ කියන වචනෙටත් ආණ්ඩුව කැළලක් වෙලයි ඉන්නේ.

:       21       186

aseWednesday, 16 August 2017 08:04 AM

ප්‍රශ්නය එක නොවෙයි. ශ්‍රී ලන්කන් වල වුවමනාවට වැඩ... විශාල සේවක සංඛ්‍යාවක් බඳවාගෙන තියෙනවා. එ්කෙන් ලැබෙන අදායමට වඩා වියදම් කරපු අය දන්නවනේ....

:       0       54

aravinda Tuesday, 15 August 2017 08:50 AM

මෑත කාලයේදී කරනලද ගුවන් පථය අලුත්වැඩියා කිරීමෙන් පසු, මෙවැනි ගුවන් යානා ගොඩබැසිය නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශන නිකුත් කරා නේද?

:       113       171

මම1Wednesday, 16 August 2017 11:47 AM

ඒ ගොල්ලො කිව්වේ ඒවා පාර්ලිමේන්තුවට ගොඩ බස්සන්න බැහැ කියලලු.

:       0       5

janatha anura Tuesday, 15 August 2017 10:53 AM

රුවනිගේ මොලේ, සිත ඇමෙරිකාවේ ඉන්නේ අපි ලංකාවේ එදාවේල තමා ප්‍රශ්නේ නැතිනම් අරන් දාන්න තිබුන

:       0       25

dambane API Tuesday, 15 August 2017 10:55 AM

අනුන්ගේ ගුවන් යානා සේදීම් ගිනි නිවන අංශයේ කාරියක් නොවේ.. හුරේ සබන් අපෙන්

:       20       40

මම1Wednesday, 16 August 2017 11:56 AM

නොදැනුවත්කම නිසා දාපු කමෙන්ට් එකක්. ඕකට කියන්නේ වෝටර් සලූට් කියලා. ගුවන් සේවයක් හෝ ගුවන් යානා වර්ගයක් අළුතින් ගුවන් තොටුපලකට එන විට, එහෙම නැත්නම් ගුවන් සේවයක් ගුවන් තොටුපලකින් ඉවත්වී යන අවසාන ෆ්ලයිට් එකට, එහෙම නැත්නම් කැප්ටන්වරයෙකු විශ්‍රාම ගන්නා අවසාන ෆ්ලයිට් එකට මෙය කරනවා. මේ සඳහා ගිණි නිවීමේ කටයුතු වලට හානියක් නොවන පරිදි ගිණි නිවීමේ රථ ඉරට්ටේ ගණනක් සහභාගී වෙනවා. මීට කලින් ඒ380 ඇවිත් තිබුණත් මෙය තමයි කොලඹටම ආපු පළමුවෙනි එක.

:       1       52

sanjeewa Wednesday, 16 August 2017 09:26 AM

ගොඩයට මැජික් වගේ. මේවා අනිත් ගුවන් තොටුපළවල් වල සාමාන්‍ය අහස්යානා.

:       3       650

PRIYANTHA Wednesday, 16 August 2017 03:36 PM

අපිට අනුන්ගේ යනා වලට වතුර විද විද තමයි ඉන්න වෙන්නේ .

:       9       8

larry Thursday, 17 August 2017 02:15 AM

ලංකාවට මම ආවේ මෙම යානයෙන් ඇමතිවරු කීපයක් මාව පිළිගන්ඩ අවා

:       1       1324

Sampath Thursday, 17 August 2017 10:57 AM

මේවා සාමාන්‍ය දේවල්නේ...

:       1       1

rocky Friday, 18 August 2017 04:24 AM

ඔයිට වඩා ලොකු අහස් යානා අපේ රාවනා රජතුමා නිෂ්පාදනේ කෙරුව ලු !මේ මිනිස්සු ඔය තාක්ශනේ ඉගෙනගෙන තියෙන්නේ හොරෙන් අරන් ගිය අපේ පුස්කොල පොත්වලින්!

:       81       22

AsankaFriday, 18 August 2017 08:55 AM

මම මේ කතාව අන්තර්ජාලේ තැන් ගණනාවක දැක්කා. හිනා ගිහින් බඩත් රිදෙනවා...

:       2       15

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site