IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලග්ගල එනසාල් වලට හොද මිලක්

(ඉන්දික අරුණ කුමාර)

 

මාතලේ - ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉපැරණි ගම්මාන වල වැවෙන එනසාල් සදහා හොද මිලක් ලැබී ඇතැයි ගොවිහු කියා සිටිති.

මේ දිනවල එනසාල් කිලෝවක් රුපියල් 17,000 ක් වැනි මිලකට අලෙවි වන බවත් ගොවිහු කියා සිටිති.

නකල්ස් රක්ෂිත භූමියේ කළු පහන ප්‍රදේශයේ දී බහුලව වගා කෙරෙනු එනසාල් වගා සිදුවන පරිසර හානි හේතුවෙන් තහනමට ලක් කෙරිණි.

පසු කාලීනව ලග්ගල - රණමුරේ,නාරංගමුව,ඇටැන්වල,රත්නින්ද වැනි පැරණි ගම්මානවල මද වශයෙන් එනසාල් වගා කර තිබිණි.

මේ වන විට ගෙවතු ආශ්‍රිතව ද කුඩා කුඩා වශයෙන් එනසාල් වගා කර තිබේ.

මෙසේ වගා කර ඇති එනසාල් සදහා හොද මිලක් පැවතීම හේතුවෙන් ගොවීන් ද එනසාල් නෙලිමේ කටයුතු ආරම්භ කර තිබේ.

පාරම්පරික එනසාල් වගා කටයුතු වලින් ඉවත් වී අද වන විට විවිධ වෙනත් වගාවන් කෙරෙහි අවධානය යොමු කර ඇති ලග්ගල ගොවීන් රජයෙන් ඉල්ලා සිටියේ ගෘහ ආශ්‍රීතව හා සිය වගා භූමි වල වගා කළ හැකි එනසාල් ප්‍රභේද සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් දැනට සිදුකරනු ලබන වගාවන්ට අමතර ආදායමක් තමන්ට ලබාගත හැකි බවයි.

 



අදහස් (3)

ලග්ගල එනසාල් වලට හොද මිලක්

දිමුත් Thursday, 04 March 2021 09:01 AM

පරිසරය විනාශ කරන වගාවක්...

:       8       0

[email protected] Thursday, 04 March 2021 09:19 AM

පරිසරය දූෂණය සිදුකරන මෙවැනි භෝග තහනම් කළ යුතුයි.

:       8       0

shaantha Thursday, 04 March 2021 11:42 AM

මැදපෙරදිග රටවල්වල දැනට ග්‍රෑම් 100ක් යූරෝ 4ත් - 5ත් පවතින බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු. මේක හැමකෙනෙකුටම සිය ගෙවත්තේ හදාගන්න පුළුවන් දෙයක්... දැන් වෙළඳපළේ තියන තත්වය අනුව, මේ බෝගයත්, කහ වගේ කහවණු බෝගයක් බවට පත්වෙලා හමාරයි...!!! 

:       0       7

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 109 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site