IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පොකට්ටුවේ රැගෙන යාහැකි පරිසර හිතකාමී බෑගයක්

(ගයාන් සූරියආරච්චි)

කැලණිය සරසවියේ තිරසර විසඳුම් මධ්‍යස්ථාන විසින් පොකැට්ටුවේ දමාගෙන යාහැකි පරිසර හිතකාමී බෑගයක් හඳුන්වාදී තිබේ. එය සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයකුගේ පොකැට්ටුවෙන් බාගයක පමණ ප‍්‍රමාණයක බහාලිය හැකිය.

පොලිතින් වෙනුවට ඉදිරිපත් කෙරෙන විකල්පයක් ලෙස මෙම බෑගය හැඳින්විය හැක. කැලණි සරසවිය හඳුන්වාදෙන විකල්පය බෑගය පිළිබඳව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය යූ.පී.කේ. ඈපා මහතා අදහස් දැක්වූයේ මෙසේය.

‘‘2016 වසරේ සිට අප විශ්වවිද්‍යාලයේ පොලිතින් භාවිතය තහනම් කළා. එහිදී අප විශ්වවිද්‍යාලයේ පොලිතින්, ප්ලාස්ටික් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමත් සමඟ ශිෂ්‍යයන්ට ෆයිල් කවරයක්, ආහාර පාර්සලයක් රැුගෙන යන්නේ කුමන විකපල්පයකද යන්න මූලිකව ඇතිවූ ගැටලූවයි. ලන්ච් ෂීට් භාවිතය වෙනුවට අප ආපන ශාලාවේ දැනට පිඟනකට ආහාර බෙදාදීම සිදුකරන අතර ශිෂ්‍යන් විසින්ම පිඟාන සෝදා පිරිසිදු කිරීමේ කටයුත්ත සිදුකරනවා. ලන්ච් ෂීට් වෙනුවට ඔවුන් කෑම පෙට්ටි භාවිත කිරීම සිදුකරනවා. ලන්ච් ෂීට් භාවිත කරන කාලයේ සතියකට ලන්ච් ෂීට් 50,000 ක් පමණ භාවිත කළා.

‘‘ඒ අනුව මාසයකට ලක්‍ෂ 2 ක් පමණ භාවිත කළා. විශ්වවිද්‍යාල පොලිතින් තහනමත් සමඟ අප ලන්ච් ෂීට් මිලියන ගණනක් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. ඉන් අනතුරුව අපට ඇති ගැටලූව දරුවන්ට ෆයිල් කවරයක්, පොත් ටිකක්, කෑම පෙට්ටියක් රැුගෙන යාමට අවශ්‍ය විකල්ප බෑගයක් හඳුන්වාදීමයි. දැනට වෙළෙඳ පොළේ පවතින විවිධ ද්‍රව්‍ය පරීක්‍ෂා කර පහසුවෙන්, බර අඩුවෙන් භාවිත කළ හැකි විකල්ප බෑගයක් නිර්මාණය කිරීමට පෙළැඹුණා.’’

‘‘එය  ඕනෑම අයකුට පහසුවෙන් තමන්ගේ බෑගයේ හෝ සාක්කුවේ දමාගෙන යාහැකි පරිදි මෙය නිපදවා තිබෙනවා. එමගින් කිලෝ 5 ක පමණ බරක් රැුගෙන යා හැකිය. මෙම බෑගයේ අමුද්‍රව්‍යවල යම් ප‍්‍රමාණයක් පොලියෙස්ටර් සහ නයිලොන් අඩංගු වෙනවා. අප සාමාන්‍යයෙන් අඳින පොලියෙස්ටර් ඇඳුම් රෙදි ගණයට වැටන්නේ. මේ බෑගයත් රෙදි ගණයට තමයි අයත් වෙන්නේ. මෙය වසර දෙකක් හෝ නිවැරැුදිව භාවිත කළ හොත් වසර 3 ක් පමණ භාවිත කිරීමේ හැකියාව තියෙනවා. මෙය ඇත්තටම පන්, කොහු ලණුවලින් සැදූ බෑග් වගේ නෙවෙයි. ඒවා ඉක්මනට දිරාපත් වෙලා යනවා. ප්ලාස්ටික් සහ පොලිතින් වලට සාපේක්‍ෂව ඉතා අඩුකාලයකින් පරිසරයේ දිරාපත් පත්වී යනවා. මෙය දැනටමත් ලොකයේ බොහෝ රටවල් පොලිතින්වලට විසඳුමක් ලෙස භාවිත කරනවා. අප මෙහිදී සිදුකළේ අපේ රටේ වෙළෙඳපොළේ පවතින ඊට සුදුසුවන අමුද්‍රව්‍ය සොයාගෙන නව සැලැස්මක් ඉදිරිපත් කිරීම අප සිදුකළා. මේවන විට මෙය වෙළඳපොළට හඳුන්වාදෙන ලෙස ඉල්ලීමක් තිබෙනවා. ඉදිරියේදී එය වෙළෙඳපොළට හඳුන්වාදීමට අප සැලසුම් සකස් කරනවා. අනෙක මෙය තවදුරටත් භාවිත කරන කාලය, රැගෙන යාහැකි බර වැනි විශේෂතා වැඩි කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.’’

මෙය නිර්මාණය කිරීමේදී උපකුලපති මහාචාර්ය ඞී.එම්. සේමසිංහ සහ උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ මහාචාර්ය රංගිකා බණ්ඩාර, ආචාර්ය සුජීවා ද සිල්වා, ආචාර්ය වසන්ත ජයතිස්ස, ආචාර්ය දිල්රුක්‍ෂි රත්නායක, ආචාර්ය වසන්ති රූපසිංහ, ආචාර්ය නාරද ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහයෝගය දක්වා ඇත.



අදහස් (7)

පොකට්ටුවේ රැගෙන යාහැකි පරිසර හිතකාමී බෑගයක්

සරත් Friday, 15 September 2017 02:14 PM

මේවා අනිවාර්ය කරන්න.තවමත් කඩවල දෙන්නේ පොලිතින් බෑග් .

:       0       61

perakum Friday, 15 September 2017 03:53 PM

සරත් පොඩ්ඩක් ඉවසන්න. වාණිජ මට්ටමෙන් මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස නිෂ්පාදනය ඇරඹු පසු ඔබේ අදහස ඉටුවේවි.

:       1       16

hesa Friday, 15 September 2017 06:04 PM

බටහිර රටවල බෑගයකට මුදලක් අය කරනවා. ඒ නිසා බෑගයක් ගෙදරින් ගෙනියන්න පුරදු වෙලා ඉන්නවා සෑම කෙනෙක්ම. මේ පින්තූරයේ පෙන්වාදි තියෙන ලෙසටම බෑග් විකුනන්නත් තියෙනවා. මහගන්නත් හරිම පහසුයි. පේනවානේ ඒ මහත්මයා අතේ තියෙන ලෙසට , අත් කට,කර කපා වාටිය මසා ගැනීම පමනයි. සෝද සෝදා පාවිච්චි කරන්න පිලිවන්

:       0       1

abaran Friday, 15 September 2017 11:48 PM

රෙද්ද ලාබයි නම් කමිසයක්, හැට්ටයක්, සායක් මහගන්නට හැකිවේවි !!!

:       9       21

piyal batuwangala Saturday, 16 September 2017 06:22 AM

අපේ රටට මෙහම ගියොත් හොඳ කල දවසක් යාවි... මෙය නිර්මාණය කරන්න සහයෝගය දුන් සැමට ගොඩක් පින්... ප්ලාස්ටික් වතුර බෝතල්වලටත් ඉක්මන් විසඳුමක් ලැබේවි !!! ස්තුතියි...

:       0       0

දොන් කුමුදු Sunday, 17 September 2017 02:36 AM

ඇත්තටම මෙහි ප්‍රයෝජනයක් තිබෙනවා වගෙයි. බඩු ගෙනයන්නටම වාගෙත් හදිසියකට උඩ කොටසටත් ඇඳගන්නටත් පුලුවන් වගෙයි.

:       0       28

gunda Sunday, 17 September 2017 11:53 PM

අපි බඩු ගන්න යනවිට බෑගයක් අරන් යනවා. ඇමෙරිකාවේ අප ඉන්න පළාතේ බෑගයකට සත පහක් අයකරනවා. මෙය ගණන් නොගත යුතු මුදලක් වුවත්, එයින් අපි බෑගයක් ගෙදරින් ගෙනයන්න පුරුදු වුණා. මෙහෙ පොලිතින් තහනම් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site