IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දඹුල්ලේ එළවළු මිල පහළට

 

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමඟ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි  ගොවීහු පවසති.

එළැඹෙන සිංහල හින්දු  අලුත් අවුරුද්ද  බලාපොරොත්තුවෙන්  ගොවීහු මෙවර එළවළු වගා කළ ද සිය අස්වැන්නට මිලක් නොමැති නිසා ගොවීන්ගේ අවුරුදු සිහින බොඳව ගොස් ඇති ඔවුහු කියති.

අද (01)  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් විශාල වශයෙන් තම බෝග  නිෂ්පාදන රැගෙන ආවද ඒවා අලෙවි නොවීම නිසා ගොඩ ගසා තිබිණි.

වම්බටු, මෑකරල්, පිපිඤ්ඤා, ගෝවා ,වට්ටක්කා ,දඹළ, කැකිරි ,නෝකෝල්, රාබු, බිට් ,මාළුමිරිස් අමුමිරිස් ආදී  එළවළු කිලෝවක තොග මිල රුපියල් 10 සිට 30 දක්වා වූ මිලකට අලෙවි වන බව ගොවීහු මෙන්ම ව්‍යාපාරිකයෝ ද පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තක්කාලි රැගෙන ආ ගොවීන් පැවසුයේ  සිය නිෂ්පාදන කිලෝවක් සඳහා රුපියල් 10 ක මිලක් වත් නොලැබෙන බවය.

වට්ටක්කා කිලෝවක් රුපියල් 10 සිට 14 දක්වා මිලකට වම්බටු කිලෝව රුපියල් දහයේ සිට විස්ස දක්වා මිලකට,  බීට් කිලෝව රුපියල් 5 සිට 10 දක්වා මිලකට අලෙවි වන බව ඒළවළු සඳහා මිල ගණන් කීවද ඒවා මිලදී ගැනීමට වෙළෙන්දන් නොපැමිණීම මේ තත්ත්වයට හේතුව ඇති බවද  ඇතැම් ව්‍යාපාරිකයෝ සහ ගොවීහු කියති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා රැගෙන ආ ගොවිමහතෙකු දැඩි කෝපයෙන් යුතුව අප සමඟ කියා සිටියේ තම වට්ටක්කා කිලෝවට රුපියල් 10ක මිල තබන බවත් රුපියල් 35 ක මිලකට තම නිෂ්පාදන නොදෙන්නේ නම් මේ සියල්ල වන අලින්ට ආහාර සඳහා රැගෙන ගොස් දමන බවය.

විශාල නිෂ්පාදන පිරිවැයක් දරා නිෂ්පාදනය කළ එළවළු වෙළෙඳ පොළට රැගෙන විත් ඉතා අඩු මුදලකට අලෙවි වන බවද බොහෝ එළවළු අලෙවි නොවීම නිසා විනාශ කර දැමීමට සිදු වන බව ඔවුහු කියති.



අදහස් (5)

දඹුල්ලේ එළවළු මිල පහළට

ROSHAN Sunday, 01 April 2018 03:34 PM

ගොවි මහත්වරු පත් කල රජයෙන් මේ සඳහා විසඳුම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ කට්ටියට තියෙන්නේ විශ්වාස භංගය. ඔය එළවලු සේරම එකම තැනට අරගෙන එන්නේ නැතිව කොළඹ අවට ප්‍රදේශ වලට රැගෙන එන්න. අනික් විසඳුම තමයි පිටරටවලට අපනයනය කරන්න ඔබලා එකතුවන්න. බැරිමනම් මාමයිට් එකක්වත් හදන්න.

:       3       6

Perakum Sunday, 01 April 2018 04:02 PM

වෙළෙන්ඳන්ට කැමති පරිදි ගොවියා සූරාකෑමට ඉඩ දී රජය නිහඬව ඉන්නේ වුවමනාවෙන්ද? ඇයි රජය ඉදිරිපත් වී සාධාරණ පියවරක් නොගන්නේ? එසේ නොහැකි නම් රජයකින් ඇති ඵලය කිම? බලධාරීන් රජ සැප විඳිද්දී අසරණ ගොවියා ගැන බලන්න කෙනෙක් නැද්ද?

:       0       40

ajithkaru Monday, 02 April 2018 02:39 AM

දඹුල්ලේ එළවලු මිල කොපමණ අඩු උනත් අපේ ගම්වලට එනකොට එළවලු මිල එදා වගේමයි. මේ දිනවල අඩු මිල ගණන්වලට තියෙන්නේ, රටලූණු, අර්තාපල්,රතුලූනු පමණයි.පැලියගොඩ මාළු මාර්කට් එකේ තලපත් කිලෝවක් රුපියල් 600/- - 650/- යි. ඊට කිලෝ මීටර් 06 ක් 08 ක්දුර පිහිටි බියගම, මල්වාන දෙල්ගොඩ යන නගරවල තලපත් කිලෝවක් රුපියල් 1100/- 1200/- යි. අනිත් මාළු වර්ගත් එහෙම තමයි. එළවලු ගොවියටත් නියම මිල ලැබෙන්නේ නැහැ. ධීවරයින්ටත් නිසි මිලක් ලැබෙන්නෙත් නැහැ. මේක තමයි යතාර්ථය පාරිභෝගිකයා වැඩි මුදලක් ගෙවන්නේ වෙළෙන්දන්ට.

:       40       90

දිලුම් Monday, 02 April 2018 08:38 AM

මේවා ගැන නම් කථ‍ා කරලා වැඩක් නෑ. කෘෂිකර්මයට ඉන්නවා හැට හුටාමාරක් නිලධාරියොයි ඇමතිලයි. ඒ කවුරුවත් මේවගේ ප්‍රශ්නවලට අත ගහන්නේ නෑ. ඒඅයට ඔක්කොම නිකම් පිනට හම්බෙන නිසා. ඇයි බැරි එළවළුවලට පාලන මිලක් දාන්න. මේ අසරණ ගොවියාගෙන් මේ වගේ අඩු ගාණට ගත්තට කවදාවත් අපිට මේ එළවළු ඔය කියන ගාණට හම්බ වෙනවද? ඒ කියන්නේ අතරමැදියා විශාල ලාභයක් තියාගෙන මේවා විකුණනවා. හදන මිනිහ වහ බොනවා. මේවා මේ ඇමතියන්ටවත්, නිලධාරීන්ටවත් පේන්නේ නැද්ද?

:       0       46

de silva Monday, 02 April 2018 10:43 AM

කරුණාකරලා ගොවි මහත්වරු 2-3 එකතුවෙලා නිෂ්පාදන ලොරියක පටවාගෙන කොළඹ අවට හෝ දකුණට ගෙනවිත් සාධාරණ මිලකට ලොරියේ තියාගෙනම විකුනන්න එතකොට ඔබතුමාලට හොඳ ආදායමක් ලබාගන්න පුළුවන්, බොරුවට ඔය ආර්ථික මධ්‍යස්ථාන වලට අරගෙන ගිහින් කුණු කොල්ලෙට විකුණන එකේ තේරුමක් නැහැ , අපේ පැත්තේ සමහර වෙලාවට ලොරි එනවා , පොල් , එළවලු , පලතුරු අරගෙන ඔවුන් ඒවා වෙළඳ පලේ මිල ගණන් වලට වැඩිය අඩුවට දෙනවා , මිනිස්සු ඒවා ගන්න පෝලිමේ ඉන්නවා.

:       0       22

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 80 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 141 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site