( හර්ෂණ තුෂාර සිල්වා)
“පශ්චාත් කොවිඩ් - නව ආර්ථිකයේදී, මූල්‍ය කළමනාකරණය, බැංකු අරමුදල් ලබාගැනීම සහ ව්‍යවසායක නායකත්ව ක්ෂේත්‍රවලදී කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් මුහුණපාන අභියෝග ජයගැනීම සඳහා විසඳුම්” යන මාතෘකාව යටතේ විශේෂ සම්මන්ත්‍රණයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අනිද්දා (20) වැනිදා පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (සී.එම්.ඒ. ශ්‍රී ලංකා) “සී.එම්.ඒ. ශ්‍රී ලංකා කොවිඩ්-19 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන කමිටුව” මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරයි.
සම්මන්ත්‍රණයේ ආරම්භක උත්සවය පෙරවරු 8.30 සිට පස්වරු 10.30 දක්වා පැවැත්වෙන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ.
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වාණිජ බැංකුවල ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීම මෙම සම්මන්ත්‍රණයේ එක් අරමුණකි. මෙම සම්මන්ත්‍රණය සඳහා කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය 300ක් පමණ සහභාගී වනු ඇතැයි සංවිධායක මණ්ඩලය අපේක්ෂා කරයි.
මූල්‍ය කළමනාකරණය, බැංකු අරමුදල් ලබාගැනීම, ව්‍යවසාය කළමනාකරණ නායකත්වය, කම්කරු,සහ අලෙවිකරණ යන මාතෘකා යටතේ ප්‍රධාන පෙළේ කථිකයන් මෙහිදි දේශන පවත්වන බවත් එම කටයුතු සමඟ එක්ව ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයන් සමඟ විශේෂ සාකච්ඡා වාර ද පැවැත්වෙන සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.
දේශීය මෙන් ම විදේශීය යන අංශ දෙකෙහි ම කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශ වර්ධනය කිරීම සඳහා “සී.එම්.ඒ. ශ්‍රී ලංකා කොවිඩ්-19 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන කමිටුව” බදුකරණය සහ දිරිගැන්වීම් පිළිබඳ යෝජනා මාලාවක් ද සකස් කර ඇති අතර මෙම සම්මන්ත්‍රණයේ දී එම යෝජනා මාලාව ද ඉදිරිපත් කිරීමට නියමිත ය.
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, මුදල් සහ ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, සහ ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහත්වරුන් ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමට නියමිත ය.
ආසන්නයේ පිහිටි බැංකු ශාඛාව හෝ හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය සම්බන්ධ කරගැනීමෙන් මෙම සම්මන්ත්‍රණය සඳහා ලියාපදිංචි විය හැකි යැයි සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුඩා - මධ්‍යම ව්‍යවසායක අභියෝග ජයගැනීමේ සම්මන්ත්‍රණය අනිද්දා