IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඉන්දීය පාවහන් කම්හල ශ්‍රී ලංකාවට එපාලු

ඉන්දියාවේ පිහිටි දැවැන්ත පාවහන් කම්හලට ශ්‍රී ලංකාවේ වෙළඳපල සඳහා පාවහන් නිෂ්පාදනය කිරීමට ආයෝජන මණ්ඩල පහසුකම් සහිතව අවසර දීමෙන් ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයට මරු පහරක් වදින බව ශ්‍රී ලංකා සම්භාන්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී.ජී.ඩී. නිමලසිරි මහතා පවසයි.

ශ්‍රී  ලාංකිකයන් 40,000ක්  පමණ සෘජු හා වක්‍ර රැකියා කරන විවිධ පරිමාණයේ සම්භාණ්ඩ කම්හල් 1250ක් පමණ රටපුරා ක්‍රියාත්මක බව පවසන සභාපතිවරයා වසරකට දේශීය නිෂ්පාදනයේ වත්කම රුපියල් කෝටි 4,000 පමණ වන බවද සඳහන් කරයි.

මෙබඳු විදේශීය පාවහන් කම්හලකට සිය නිෂ්පාදන මෙරට තුළ අලෙවියට ඉඩ සැලැස්වුවහොත් එයින් දේශීය නිෂ්පාදන විනාශයට පත්වන බව පැවසේ. මෙම කම්හලේ නිපදවන පාවහන් දේශීය වෙළඳපලේ අලෙවිය තහනම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන්ද ලිඛිත ඉල්ලීමක් කළ බවද ශ්‍රී ලංකා සම්භාන්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.



අදහස් (17)

ඉන්දීය පාවහන් කම්හල ශ්‍රී ලංකාවට එපාලු

bandara- kakirawa Sunday, 02 July 2017 07:44 AM

ඉන්දීය පාවහන් කම්හල ලංකාවට එන්නත් කලින් ඔබතුමාලා බයවෙලා. අපේ සපත්තුවල ගුණාත්මකභාවය ඉතාම ඉහලයි. එබැවින් තරගකාරිත්වය මගින් උසස් ගුණාත්මක භාවයෙන් පිරිපුන් නිෂ්පාදනයක් තරගකාරී පරිභෝගිකයාට දැරියහැකි මිලක් යටතේ වෙළදපොලට යොමුකරන්න හිතට ගන්න. එහෙම නැතිව හැමදේටම බාධා කිරීම අනුවණ ක්‍රියාවන්ය. ඒවායින් පිළිබිඹු වන්නේ අපේ නොහැකියාවයි. "අවදානම"අවස්ථාවක් කරගෙන දේශීය නිෂ්පාදනය ඉදිරියටම ගෙනියන සැබෑ ශ්‍රී ලාංකිකයෙක් වන්න.

:       1112       592

ravin Sunday, 02 July 2017 07:46 AM

පිටරට යැවීමට පමණක් නිෂ්පාදනය කරන්න ඉඩදුන්නොත්, ඉස්සෙල්ලම කරන්නේ තත්වයෙන් බාල, අඩු නිෂ්පාදන වෙළඳපලට නිකුත් කරන්න ඉල්ලන එක. මෙහේ ඉන්දියාවට වඩා සේවක නිෂ්පාදනවල මිල අධිකයි. අනික ඕනෑතරම් ලාබෙට සේවකයෝ ඉන්න රටේ ඉඳලා... අපිට තියන ආදරේට වෙන්නැති මෙහෙ එන්නේ.... කොහොමත් මේක ලංකාව පැත්තෙන් හොඳ තීරණයක් නොවේ.

:       46       310

sam Sunday, 02 July 2017 07:53 AM

මේ ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නේ දේශීය ව්‍යාපාර නැත්තටම නැතිකරලා ලංකාව ඉන්දියාවට පවරලා දෙන්නයි. නුසුදුසු නූගත් අය දේශපාලනයට ආවහම ඔහොම තමයි.

:       372       1023

vernonSunday, 02 July 2017 12:37 PM

අන්න ඒකනේ සෑම්, ජේම්ස් පැකර් ගෙනැල්ලා කැසිනෝ බිස්නස් පටන් ගන්න හදන්නනේ ගියේ...

:       203       207

ranasinghe Sunday, 02 July 2017 10:57 AM

ප්‍රංශය ලෝකයේ සුවිසල් කාර්මික නිෂ්පාදකයෙක්... ඉඳිකටුවේ සිට ගුවන් යානය දක්වා නිෂ්පාදනය කළත් බැලූ බැලූ තැන ඇත්තේ චීන භාණ්ඩයි. ප්‍රංශ දේශීය සුළු නිෂ්පාදකයන් නැත්තටම නැති වී ඇත. රජය නිද්‍රාශීලිය. එහෙත් ප්‍රංශ පාරිභෝගික ජනතාව නිතරම චීන කුණු ගොඩවල් ප්‍රතික්ෂේප කරමින් යන්තමින් හෝ බේරී තිබෙන ප්‍රංශ නිෂ්පාදන තෝරාගැනීම වග බලාගනී.. ඉතින් ලාංකික අපගේ නිෂ්පාදන ඔය තරම් ඉස්තරම් නම් ඉන්දියානු නිෂ්පාදනවලට බියවිය යුතු නොවේ.

:       208       161

kumar (galf) Sunday, 02 July 2017 11:31 AM

දැන් කිව්වාම නොවරදවාම නතර කරාවි, මේ තමා ඉන්දියානු ව්‍යාප්තවාදය කියන්නේ...

:       48       149

menna Sunday, 02 July 2017 12:44 PM

අපිට එපා ඉන්දීය නිෂ්පාදිතයෝ, දේශීය නිෂ්පාදිතයාට අත දෙමු. දේශීය නිෂ්පාදිතයොත් වගකීමකින් වැඩ කරොත් හොඳයි. දේශීය නිෂ්පාදිතයෝ වුනත් සල්ලි හම්බ කරගෙන පිටරට ගිහිල්ල ජිවත් වෙන අය ඉන්නවා. පිටරටින් ඉගෙන ගෙන දේශීය නිෂ්පාදන වලට යොදා ගත්තොත් හොඳයි. පිටරට ගිහිල්ල නතර නොවී...

:       29       262

de silva berlin Sunday, 02 July 2017 01:15 PM

එන්නත් කලින් බොරුවට බය වෙන්න අවශ්‍ය නැහැ... ඔය සමගම කම්හල හදලා සේවකයෝ බඳවා ගෙන නිශ්පාදනය අාරම්භ කරලා, නිෂ්පාදන වෙළඳ පලට එන්න තව අවුරුදු 2 වත් යාවි... අපේ නිෂ්පාදකයන්ට ඕනේ තරම් කල් තිබෙනවා. සුදානම් වෙලා හොඳ තරඟයක් දෙන්න තරඟකාරී මිලකට ගුණාත්මකභාවයෙන් ඉහළ සපත්තු නිෂ්පාදනය කළොත් අපේ මිනිස්සු ඉන්දියන් සපත්තු ගන්න එකක් නැහැ. අනිත් කාරණය විදේශීය සමාගම් ලංකාවේ පාවහන් නිෂ්පාදනය කරන ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

:       406       93

arschloch Sunday, 02 July 2017 06:46 PM

කොයිවෙලෙත් සපත්තු දාගෙනම ඉන්න මේක සීතල බර්ලින් නෙවෙයි. මෙහෙ රස්නෙට සපත්තු නෙමෙයි ඕනේ.... සෙරෙප්පු විතරයි.

:       0       96

mohan Monday, 03 July 2017 06:19 AM

අප විරුද්ධ විය යුතු වන්නේ විදේශීය නිෂ්පාදන අප රටට එනවාට මිස විදේශ කර්මාන්ත අප රටේ ඇති කරනවාට නොවේ. විදේශ ආයෝජන නොමැතිව රටක් ඉදිරියට යන්නේ නැහැ. රජය වග බලා ගන්න ඕන මේ කර්මාන්තශාලා වල අපේ ශ්‍රමිකයන්ට රැකියා ලබා දෙන්න.

:       1       6

Deepal Nirosh Monday, 03 July 2017 06:58 AM

පාවහන් කර්මාන්තය අපේ රටේ හොඳ ස්වයං රැකියාවක්.... ඒ වගේම මේ කර්මාන්තයෙන් යැපෙන බහුතර ජනතාවක් රටේ ඉන්නවා. රටට අවශ්‍ය තරමට පාවහන් නිෂ්පාදනයත් තියෙද්දි ඒ අංශයට විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීම කර්මාන්තය අඩාල කිරීමක්. විදේශීය ආයෝජකයන් ගෙන්වා ගත යුත්තේ අපේ සේවා යෝජකයින් ඉදිරිපත් නොවන කර්මාන්තවලටයි.

:       3       116

De silva Monday, 03 July 2017 08:41 AM

ලංකාවේ නිෂ්පාදනය කරන බොහෝ පාවහන් වල මිල අධික වුණාට ප්‍රමිතියෙන් අඩුය. ඉතා කෙටිකලක් තුලදී ගැලවී යනවා. ප්‍රසිද්ධ ජාත්‍යන්තර සමාගම් වලින් පාවහන් නිෂ්පාදනය කරනකොට ඔවුන් තමන්ගේ නම කතා කරගන්න කැමති නැහැ. ප්‍රමිතිය ගැන හොඳට බලනවා. එම නිසා එම පාවහන් බොහෝවිට තත්වයෙන් ඉහලයි.

:       0       23

tony-mahargama Monday, 03 July 2017 09:53 AM

දේශපාලකයෝ අවශ්‍ය කුට්ටිය ගන්න ඇති... රට ගැන ජනතාව ගැන මොන කතාද..? නිකන් සංදර්ශන විතරයි.

:       8       71

de silva Monday, 03 July 2017 03:11 PM

මත්පැන් කර්මාන්ත ශාලාවක්, කැසිනෝ ව්‍යාපාරයක් වැනි දෙයක් ආයෝජන මණ්ඩලය හරහා ආරම්භ කරන කොට විරුද්ධ වෙන්න සදාචාරාත්මක අයිතියක් තිබෙනවා. නමුත් සපත්තු කම්හලක් ආරම්භ කරනවා කියල විරුද්ධ වෙන එක විහිළුවකි. ආයෝජන මණ්ඩලය හරහා ආරම්භ කරපු විදේශිකයන්ට අයිති නිමි ඇදුම් කම්හල්, සංචාරක හෝටල් විශාල ප්‍රමාණයක් ලංකාවේ තිබෙනවා. එමගින් ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ඇතිවී තිබෙන අතර රජයට බදු අාදායම් ලැබෙනවා. " ලිඳේ ඉන්න මැඩියන්ගේ ප්‍රතිපත්තිය" අද ලෝකයට නොගැලපේ... විදේශයන්හි නිෂ්පාදිත පාවහන් අද ලංකාවේ වෙළඳපලේ ඕනෑ තරම් තිබෙනවා.

:       58       66

minipe Monday, 03 July 2017 04:10 PM

මෙහි ඇති කුමන්ත්‍රණය නම්, මේ සපත්තු වෙළෙඳපොලට යන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා, ලේබලයේ යටතේ. වැඩේ කොහු වුනොත් ඉන්දියාව බේරිලා.

:       3       113

Nuwan Tuesday, 04 July 2017 07:24 AM

අනිවාර්යෙන්ම වෙළඳපොල තරගකාරිත්වයක් තිබිය යුථුය , නැත්නම් කිසිදා පාරිබෝගිකයාට ප්‍රමිතියෙන් වැඩි , ගුණාත්මක බැවින් වැඩි මිලෙන් අඩු නිෂ්පාදන තරගකාරී මිලට ලබාගන්න ලැබෙන්නේ නැහැ . එය පාරිබෝගික අපේ අයිතිවාසිකමක්. ඔබලත් ඉන්දියානුවන්ට වැඩ හොඳ නිෂ්පාදන බිහිකරන්න ගුණාත්මකබවින් වැඩි. එච්චරයි . ලෝකේ කොයි රටෙත් අද මේ දේ වෙනවා , බොරුවට වෙළඳ ඒකාධිකාරයක් පවත්වගනයන්න ලැබෙන්නේ නැහැ අද ල්ප්කය හරි පොඩියි

:       0       0

de silva Tuesday, 04 July 2017 12:44 PM

මිනිපේ , ලංකාවේ තේ වලට ලෝකයේ නමක් තිබුනට , ලංකාවේ සපත්තු වලට කිසිම නමක් නොමැත ,ලංකාවේ නිපදවන බොහෝ සපත්තු වල ප්‍රමිතිය අඩු අතර , මස 2-3 ගැලවී යනවා ,

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site