IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආනයනික සහල් වල උපරිම මිල රුපියල් 76යි

ඉදිරියේදී ආනයනය කරනු ලබන සහල් කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 76 කට වඩා වැඩි මිලකට අලෙවි කළ නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

තමන් කළ පෞද්ගලික ඉල්ලීමක් අනුව ත්‍යාගයක් ලෙස සහල් මෙට්ටි‍්‍රක් ටොන් දස දහසක් ඉදිරි සති කිහිපය තුළ ශී‍්‍ර ලංකාවට ලබාදීමට ඉන්දුනිසියා රජය කැමැත්ත පළ කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

පෞද්ගලික වෙළෙඳුන්ට සහ සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි සහල් මිල ඉහළ නංවා සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කළ නොහැකි බව ජනාධිපතිවරයා කියයි.



අදහස් (0)

ආනයනික සහල් වල උපරිම මිල රුපියල් 76යි

ප්‍රදීප් ලියනගේ Friday, 20 January 2017 02:11 PM

තෑගි ලෙස අරගෙන 76 ට විකුණනවා. කාටද ඒ සල්ලි. කලවමට කන්න පුලුවන්නම් කොස් කොළ ටිකකුත් එවන්න කියන්න. (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Thursday, 26 January 2017 01:15 PM

අපිට නම් තවම මේ ගාණට කන්න ලැබුනේ නැහැ (නි)

:       0       0

සේන Thursday, 26 January 2017 01:18 PM

දැනට ඇවිල්ලා තියෙන හාල් තොග මිල 86යි. මේවා හොයලා බලන්නේ නැද්ද? (නි)

:       0       0

සංජු Friday, 20 January 2017 02:22 PM

නියමයි එහෙනම්. අනේ වාසනාවන්! (නි)

:       0       0

බමුණුසිංහ Friday, 20 January 2017 02:47 PM

මේක හිඟාකනවා වගෙයිනේ. ඔබතුමන්ලාගේ වැරදි වලට අැයි අපිව ලෝකෙට බාල්දු කරන්නේ. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 20 January 2017 02:46 PM

ගෝඨාභය මහතාට බලය දෙමු (නි)

:       0       0

ඇසළ Friday, 20 January 2017 03:02 PM

පෞද්ගලික වෙළෙඳුන්ට සහ සහල්මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි සහල් මිල ඉහළ නංවා සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කළ නොහැකි බව ජනාධිපතිවරයා කියයි. ඒ වුණාට එ්ක කෙරෙනවනේ. අනේ! දැන් ලෝකේ රටවල් වලින් ඉල්ලලා රටවැසියාගේ කුසගින්න නිවන්නද හදන්නේ. (නි)

:       0       0

සිසිර පැරිස් Friday, 20 January 2017 03:27 PM

ඇමතිතුමා නම් කිවුවේ රුපියල් තිහට. දැන් මොකද මේ 76 වෙලා? (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 20 January 2017 03:36 PM

නියමයිනේ! කට්ටියට ගොවිතැන අත්හැරලා නිකම්ම කකා බිබී ඉන්න පුුලුවන් (නි)

:       0       0

දුමින්ද Friday, 20 January 2017 03:43 PM

බලමුකෝ ඔය කියන දේවල් වෙයිද කියලා (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 08 February 2017 12:57 PM

සරත් පොන්සේකා මහත්තයාට බලය දෙමු. (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 08 February 2017 01:03 PM

සරත් පොන්සේකා මහත්තයාට බලය දෙමු, (බ)

:       0       0

සිල්වා Friday, 20 January 2017 04:26 PM

වර්තමාන රජය විසින් කෘෂිකර්මාන්තයට තැනක් නොදීපු හින්දා තමයි මේ කල උදාවුණේ. ලෝකේ හොඳම වාරි තාක්ෂණය තියෙන රට. ගංගා ඇළ දොළ තියෙන රට. අවිධිමත් කළමනාකරණය නිසා කෘෂිකර්මාන්තය කඩාවැටි තිබේ. මෙවැනි අසාර්ථක දැක්මක් තුළින් රටේ ආහාර ප්‍රශ්නයට විසඳුම් දියහැකිද ? (නි)

:       0       0

අරුණ Friday, 20 January 2017 04:54 PM

ඉතාම හොඳ තීරණයක් (නි)

:       0       0

ලක්සිරි Thursday, 26 January 2017 05:28 PM

පහුගිය කාලේ වී අතිරික්තයක් තියනවා කියලා මත්තලත් වී ගබඩා කළා නේද? මේ පාලකයෝ මේ රටේ ගොවියාවත් විනාශ කළා. අපේ රටේ මෝඩයින්ට මොවුන්ගේ අතේ පිරිත් නූල් බැඳලා තියනවා නම්, ඒ ඇතිනේ ඡන්දය දෙන්න (නි)

:       0       0

චමින්ද Saturday, 28 January 2017 04:00 AM

දැන් කන්නම ලැබෙයි මේ ගානට (නි)

:       0       0

අරවින්ද Saturday, 28 January 2017 04:00 AM

තවම නම් අපි දැක්කෙ නැහැ (නි)

:       0       0

එරන්ද Saturday, 28 January 2017 04:00 AM

අනේ මේවා ගැන කතාකරන්න නාස්තිකරන කාලයත් අපරාදේ! (නි)

:       0       0

ධම්මි Monday, 06 February 2017 07:28 AM

තෑග්ගත් විකුණන්කන ජරා සත්තු (ම)

:       0       0

ජනහිත Friday, 20 January 2017 10:52 PM

ජනාධිපතිතුමනි, ඔබතුමාගේ තීරණ ක්‍රියාත්මක වෙයිද කියලා සැකයක් මහජනතාව ඉදිරියේ තියනවා. මොකද අර ලොතරැයිය, එහෙම නැත්නම් ඉඩම් ගොඩකිරීම වගේ ඒවා සිදුවෙනවනේ. මෙම සහල් සුදුසු අයට පමණක් බෙදාහැරීමට නිසි ක්‍රමවේදයක් මුලින්ම සැකසුවොත් යහපති. (නි)

:       0       0

උපුල් Saturday, 28 January 2017 04:37 AM

බලමු මේ ගානට හම්බවෙයිද කියලා (නි)

:       0       0

දම්මි Monday, 06 February 2017 07:31 AM

තෑග්ගත් විකුනන්නද හදන්නේ. (ර)

:       0       0

බමුණු ආරච්චි Saturday, 21 January 2017 12:13 AM

ඇයි තමන් කළ පෞද්ගලික ඉල්ලීමක් අනුව ත්‍යාගයක් ලෙස සහල් ඉල්ලන්නේ? මෙය ලංකාව බාල්දු කිරීමක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

ධම්මි Monday, 06 February 2017 07:27 AM

තෑග්ගත් විකුණන් කන ජරා සත්තු (බ)

:       0       0

රුවන් Sunday, 12 February 2017 09:23 PM

පසුගිය රජය විසින් භාරදුන් මහා බැංකුව සතු සංචිත වන ඇමරිකානු ඩොලර් 8.5 මේ වනවිට ඩොලර් බිලියන 4 කටත් වඩා අඩුවූයේ රජය ගත් කෙටිකාලීන වැරදි තීරණය නිසා. හැම ප්‍රශ්නයකටම හේතුව මෝඩ තීරණ. හාල් ගැනත් කියන්න තියෙන්නේ ඔච්චරයි. (නි)

:       0       0

කල්ල්‍යාණි ජයවික්‍රම Tuesday, 24 January 2017 12:05 PM

ඇල වේලි පිළිසකර කරන්නට කෘෂිකර්ම අමාත්‍යංශය ගොඩනැගිල්ලට ගෙවන කුලිය යොදවන්න. ඒවිට සහල් රුපියල් 76ක් වෙන එකක් නැහැ.(හේ)

:       0       0

විපුල Monday, 13 February 2017 02:32 AM

සුනාමි කාලෙත් යුද්ධය තිබුන කාලෙත් නැති හාල් අහේනියක් ලංකාවට ඇතිවෙලා තියෙන්නේ කොහොමද කියලා රටට කියන්න. නියඟය මීට පෙරත් ඇවිල්ලා තියෙනවා. මාධ්‍ය මඟින් ඒ සෑම වතාවකම ජනතාව ලවා උදව් අරගෙන සහන දුන්නා. නමුත් ලංකාවේ රතුහාල් කිලෝ එක රුපියල් සීයට ගියේ නැහැ. ගොවි ජනතාව වී නිෂ්පාදනයෙන් ඈත්වීමට පොහොර සහනාධාරය කපාහැර එයට සුළු මුදලක් දීම වගේම සමහර පළාත්වලට වී වගාව සදහා ජලය නොදීමද වගේ කරුණු තියෙනවා. අඩු ගණනේ වැඩිකළ බදු ප්‍රමාණයද ටික කලකට අඩු කරන්න. (නි)

:       0       0

සිරිසේන Saturday, 04 February 2017 08:55 AM

ලැජ්ජා නැද්ද දන්නෙ නැහැ මේ කෘෂිකාර්මික රටට සහල් පිටින් ගෙන්වන්න? (නි)

:       0       0

විපුල Thursday, 09 February 2017 09:52 AM

දැන් හාල් ගන්න සතොසේ පෝලිම ලු අපිට පෝලිමේ ඉදල හාල් ගන්න පෝලිම් වල ඉන්න වෙලා (ම)

:       0       0

ලියනගේ Friday, 20 January 2017 01:23 PM

ත්‍යාගයක් ලෙස ලැබුන හාල්ද රු 76ට විකුණන්නේ? (නි)

:       0       0

ලලිත් Wednesday, 25 January 2017 11:23 PM

මේක නම් හරියට දන්සැලකට කියලා බඩු එකතු කරලා එ්වා විකුණාගත්තා වගේ වැඩක්. ත්‍යාගයක් විදියට ලැබුනා නම් එ්ක ත්‍යාගයක්ම වියයුතුයි නේද? (නි)

:       0       0

අශිකා Friday, 20 January 2017 01:24 PM

බලමු මේ ගානට ගන්න පුලුවන් වෙයිද කියලා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 09 February 2017 02:47 AM

බත් කන එක නවතමු. කොස්කොල කන එක දියවැඩියාවට සහ කොලෙස්ටරෝල් වලට ගුණදායක කෑමක් කියලා ආයුර්වේදයේත් සඳහන් වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 80 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 141 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 102 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site