ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ පහළ යන්නේ ලෝක ආර්ථික ප්‍රවණතා හැර වෙනත් හේතු නිසා නම් ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වන බව එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිහංහ මහතා පවසා ඇත.
රොයිටර් පුවත්සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව සඳහන් කර ඇත.
එහිදි තවදුරටත් අදහස් දක්වා තිබෙන නියෝජ්‍ය අධිපතිවරයා මෙසේ ද පවසා තිබේ.
“රුපියලේ අගය අඩු වැඩි වෙන්නේ ගෝලීය ප්‍රවණතා නිසා නෙමෙයි නම් අපි විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වෙනවා. වෙනත් හේතු නිසා රුපියලේ අගය උස් පහත් වෙනවා නම් අපි මැදිහත් වී සුදුසු යැයි හැඟෙන පියවර ගන්නවා. බැංකු ඔවුන්ගේ තත්ත්වය ගොඩනගා ගනිමින් ඩොලර් මාරු නොකරන බව අපට පෙනී ගොස් තිබෙනවා. මූලධර්මමය හේතුවක් නොමැති නම් සංචිත ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. මහ බැංකුවේ විදේශ විනිමය කළමනාකරණයට ආණ්ඩුව බලපෑම් කර හෝ මැදිහත් වී හෝ නැහැ.
විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත්වීම හෝ එසේ නොකිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක්. අනෙකුත් රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව ද විශාල මැදිහත්වීමක් කර නැහැ.
මුදල් ගනුදෙනුකරුවන් කියන පරිදි අපනයන මාරු කිරීම්වල විශාල පහළ වැටීමක් නැහැ. ඒ වගේම වෙළෙඳපොළේ දෛනික සාමාන්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 80ත් 120ත් අගයක ගනුදෙනු සිදු වී තිබෙනවා.
සම්පූර්ණ බැඳුම්කර හා බිල්පත් සැලකීමේදී රජයේ සුරැකුම්පත්වල විදේශීය නිරාවරණය සියයට 6කටත් අඩුයි” යැයි ද හෙතෙම කීය.
මේ වසරේදී සියයට 5.6කින් අවප්‍රමාණය වී තිබෙන ශ්‍රී ලංකා රුපියල ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුව කිසිදු මැදිහත්වීමක් කර නැතැයි මුදල් ගනුදෙනුකරුවෝ පවසති.
රොයිටර්
055
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අනුමාන මත රුපියල ඉහළ පහළ ගියොත් ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙනවා