MAC හෝල්ඩිස් පෞද්ගලික සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ෆුමියෝ ඔටානි මහතා පත්කළ බව එම සමාගම ප්‍රකාශයට පත් කළේය. ඔන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා එතෙක් එම ධුරය හෙබවූවේය.
“MAC හෝල්ඩින්ස් පෞද්ගලික ආයතනයේ සභාපති ලෙස පත්වීම මා ලද ගෞරවයක් ලෙස සලකන අතරම ආයතනයේ මීළඟ ඉදිරි පියවර සඳහා සහාය දීමට මා ඉතා කැමැත්තෙන් සිටිනවා” යැයි ෆුමියෝ ඔටානි මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.
“MAC සමාගම් සමූහය දැනටමත් විවිධ අංශවලින් ප්‍රමුඛයා වී සිටිනවා. එහෙත් අපිට තව තවත් දියුණු වෙන්න ඉඩකඩ ඇති බව මම විශ්වාස කරනවා. ” ආයතනයේ කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ අත්වැල් බැඳගෙන, මෙම ආයතනය නව සොයාගැනීම්, නව නිෂ්පාදන සහ නව අංශ වැඩි දියුණු කිරීම ඔස්සේ දියුණුව කරා ගෙන යාමට මම බලාපොරාත්තු වනවා. මෙහිදී විශේෂයෙන්ම බලශක්ති සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර වෙත අවධානය යොමුකරමින් නවතම ආයෝජන අවස්ථා අත්හදා බලන්නට බලාපොරොත්තු වෙනවා.”
ජපන් ජාතිකයකු වන ඔටානි මහතා, ටෝකියෝ මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර, හාවඩ් ව්‍යාපාර පාසල වැනි ඉතා ප්‍රසිද්ධ ආයතනවල කළමනාකරණ වැඩසටහන්වලට සම්බන්ධ වී ඇත. ටොෂිබා කෝපරේෂන් ආයතනයේ ගතකරන ලද සාර්ථක වසර 38 ක දීර්ඝ කාලය මුළුල්ලේ, ඔහු ඉහළ කළමනාකාරීත්වයේ වැදගත් තනතුරු බොහෝමයක් දරා ඇත. ආයතන පද්ධතී යළි නගාසිටුවීම, තාක්ෂණික අනුරූපනයවීම් සේම තාප, ජල සහ පුනර්ජනනීය බලශක්ති, ව්‍යාපාර පද්ධති කෙරෙහි ඔහු විසින් වැඩි අවධානය යොමු කර ඇත.
MAC හෝල්ඩිස්හි කළමනාකාර අධ්‍යක්ෂ ඔන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා පවසන්නේ, ෆුමියෝ ඔටානි මහතාගේ නායකත්වය පිළිබඳ ඇති දීර්ඝ ඉතිහාසයත්, බහු ජාතික සමාගම් හි සාර්ථක ගමන් මඟ නිසාත්, ඔහු මෙම ආයතනයේ සභාපතිවීමට සෑම අතින්ම සුදුසුයි. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලශක්ති ව්‍යාපෘති දෙකක් වන කුකුලේ ගඟ හා සමනල වැව වැනි දැවැන්ත ජල ව්‍යාපෘතීවලට සම්බන්ධවී තිබෙනවා. ඔහු සතු අන්තර්ජාතික අත්දැකීම් තුළින් බහුජාතික සංස්කෘතිත්, ජපන් ආයෝජකයන් හා විදේශීය ඍජු ආයෝජන අවස්ථා රට තුළට ගෙන ඒමට මෙන්ම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ඔහු සතු දැක්ම සහ ක්‍රමෝපාය තුළින් ශ්‍රී ලංකා රජයේ දැක්ම වන රටේ පුනර්ජනනීය බලශක්තිය සියයට 70දක්වා වැඩි කිරීමේ සංකල්පයට සාර්ථකව දායක කරගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා. ඔහුගේ මෙම නව පත්වීමට සුබපතන අතර, ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ඉතා සමීපව වැඩ කටයුතු කිරීමෙන් MAC හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ් නාමය දියුණුවේ හිනිපෙත්තටම ගෙන යාමට හැකිවනු ඇති.
ඔන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
MAC හෝල්ඩිංග්ස් නව සභාපති ෆුමියෝ ඔටානි