IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


2017 වසරේ අපනයන ආදායම ඩො.බි 15ක් - අගමැති

(රොමේෂ් මධුෂංඛ)
 
මෙරට අපනයන ඉතිහාසයේ වැඩිම ආදායම 2017 වසරේදී වාර්ථා වූ බවත් එය ඩොලර් බිලියන 15ක් බවත් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (31) වව්නියාවේදී කියා සිටියේය.
 
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහනය වෙනුවෙන් අද (31) වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය වරයා මේ බව කියා සිටියේය.
 
 
එහිදී ජනතාව ඇමතූ අග්‍රාමාත්‍යතුමන් වැඩි දුරටත් කියා සිටියේ,
 
‘‘මෙරටට අපනයනයෙන් ඩොලර් බිලියන 15ක් ලැබුනා වගේම අපේ රටට වැඩිම විදේස් ආයෝජනයෙනුත් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලැබුණා මේකෙන් මම සෑහිමකට පත්වෙන්නේ නැහැ මේ මුදල් දෙගුණයක් කරන්න ඕන මේ රටේ රැකියා ප්‍රශ්නය විසඳන්න ඕනනම්
 
අපේ රටේ වරායන් දෙකක් තියනවා කොළඹ සහ හම්බන්තොට වරායන් හම්බන්තොට වාරායත් දැන් සුදු අලියෙක් නෙමෙයි එකෙන් දැන් ආදායම් ලබනවා ගුවන්තොටුපලවල් දෙකක් තියනවා මේවා ඉලක්ක කරගෙන තමයි අපි වෙළඳ කලාප සංචාරක කලාප හදන්නේ ජපානයෙන් මහනුවර සංවර්ධනය කරන්න සැලසුම් කරල තියනවා .
 
‘‘දෙවන අදියරකුත් තියනවා ලංකාවට වරායවල් තුනක් තියනවා මම දෙකක් ගැනයි කතා කලේ ඒ දෙක වගේම අපි දියුණු කරනවා ත්‍රීකුණාමලයයි මහනුවරයි අපි එකතු කරනවා බෙංගාල බොක්කේ හොඳම වරාය ත්‍රීකුණාමලය දියුණු වෙනකොට ඒකේ වාසිය වන්නියේ ජනතාවටත් ලැබෙනවා ,
 
අපි මේ වන විටත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේ සංචාරක කලාපයක් ආරම්භ කරන්න යනවා ඒ පැත්තෙන් සංචාරක කලාපයක් මේ පැත්තෙන් වරායක් මේ විදිහට 2025 වෙනකොට අපි මේ රට දියුණු කරල පෙන්වනවා, මේ ඕක්කටම ඉස්සෙල්ලා අපි වව්නියාවේ ගෙවල් 5000 ක් හදලා දෙන්න අපි තීරණය කරල තියනවා. 
 
ඒවගේම යුද්දේ නිසා අතුරුදහන් වූවන් ගැනත් හොයන්න ඕන ඒ අය ගැන හොයන්න අපි නීතිය සකස් කරල තියනවා සභාව පත් කරන්න තියනවා අපිට මේවා පැය 24න් කරන්න බැහැ ඒකට අපිට ගමේ ආණ්ඩුව භාරදෙන්න.   යනුවෙනි.‘‘



අදහස් (9)

2017 වසරේ අපනයන ආදායම ඩො.බි 15ක් - අගමැති

saa Wednesday, 31 January 2018 12:30 PM

නළුවෙක් නෙමේ මොලයක්, නැත්නම් මුට්ටිය දාලා බැලුවා වගේ ආප්පයව ජනපති කරලා අගමැති වුණානේ. ඊට පස්සේ රටේ මහබැංකුව ක්ලීන් කලා.

:       2551       2708

Raveendra Wednesday, 31 January 2018 12:37 PM

අනේද කියන්නේ... අනන් මනං එපා අපට. හොරකාපු සල්ලි ටික ආපසු දීලා ඉතිරි දඩුවම් ගැන කතා කරමු හොදේ....

:       1277       2106

Raveendra Wednesday, 31 January 2018 02:38 PM

හිටියා තරුණයන් බ්‍රේස්ලට් සමගින් A9 දිගේ..... උන්නා පාසල් ළමුන් ටැබ් අතැතිව A9 දිගේ.... ඇහුවා මක්කටැයි ඉන්නේ A9 දිගේ..... එනවලු සූත්තර පුංචා ෆොෂ්වගෙන් එකේ....

:       1011       1910

siri Wednesday, 31 January 2018 10:13 PM

මට මතකයි 77 චන්දෙත් එක්ක චිත්තර පටි දෙකක් මාරු වුන.ඒ වෙනකොට "චින්චින් නෝනා "ප්‍රදර්ශනය ඉවර වෙන කොට "ටොම් පචය"පටන් ගත්ත.මට හිතෙන්නේ එදාට වැඩ ටොම් පචයෙක් තම දැන් අපිට ඉන්නේ කියල.

:       320       1403

Senarath Thursday, 01 February 2018 07:50 AM

මේ කියන ගණන් වල සත්‍යතාව බලන්නම ඕනේ. පසුගිය අවුරුදු දෙකේම තේ, රබර්, ගම්මිරිස් වගේ දේවල මිල බැස්සා. තේ වලට මිලක් ලැබෙන්න ගත්තේ දැනට මාස 3 ක ඉදලා. පොල් අපිට කන්නත් නැහැ රට යවන්න තියා. නිමි ඇදුම් වලින් යමක් ලැබෙනවා ඇති. අනෙක මේ කියන මුදල් ලැබෙනවානම්, ආණ්ඩුවට මොකද බැරි බැරියාව ලෙඩේ හැදිලා තියෙන්නේ.

:       213       505

Bnda Friday, 02 February 2018 10:07 AM

මේ වගේ අගමැති කෙනෙක් ලෝකේ කිසිම රටක නැත. අපේ රට ඉවරයි...

:       308       505

prakaash Saturday, 03 February 2018 04:47 AM

ආර්ථික වර්ධනයක් ගැන කතා කරන්න... මේ දූෂිත මහබැංකු මංකොල්ල කාපු අයට පුළුවන්ද? මේ වසළ, අසමජ්ජාති ක්‍රියාව ඔප්පු වී හමාරයි. මහජනතාව විසිනු ද්‍රෝහී කුමන්ත්‍රණකාරයින්ව පලවා හැරිය යුතුය.

:       324       266

ravi Tuesday, 06 February 2018 01:42 PM

නළුවෙක් නොවේ මොලයක් ?? මෙයාගේ තියෙන්නේ මොලයක් නෙමෙයි අලයක් . 2001 එකේදිත් පණ්ඩිතකම් කරන්න ගිහින් අනාගත්ත . මේ පාරත් එකම කරනවා (මේයා හිතන් ඉන්නේ JR ගේ බැණ උන පලියට JR ගේ මොලේ මෙයටත් තියෙනවා කියල ) 2020 ජනාදිපති වෙන්න හීන මවල මහින්දව එළියේ තිබ්බ ස්රිලනිපේ කඩන්න, අන්තිමට මොකද උනේ unp එකට කෙල උන එක විතරයි උනේ . අගමැති තුමෝ ඔයා අගමැති කමට තියා පක්ෂ නායක කමටවත් සුදුසු නැහැ .

:       17       165

Kumar (Galf) Friday, 09 February 2018 01:01 PM

මට නම් මතක් වෙන්නෙම හදයා කියන හරක් පැටියා ඉන්න කතාවමයි.

:       0       54

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site