(හර්ෂණ තුෂාර සිල්වා)
බැංකු පොලී අනුපාත අඩු කිරීමේ වාසිය කිසිදු ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළට ලබාදෙන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රමුඛ සියලු මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මහතා අද (17) ප්‍රකාශ කළේය.
රටේ ව්‍යාපාර කටයුතු යළි පණ ගසා නැගී සිටීම තමන්ගේ ස්වයං අභිමතාර්ථ සපුරාගැනීමට අවශ්‍ය බව මූල්‍ය ආයතන තරයේ සිහි තබා ගැනීම වැදගත් යැයි ද හෙතෙම පැවැසීය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් රටේ ආර්ථික කටයුතුවලට ඇති කළ හැකි දැඩි බලපෑම සැලකිල්ලට ගනිමින් ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (16) පියවර ගත්තේය.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන අතර ඒ හේතුවෙන් හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා පූර්ව උපායමාර්ගික ක්‍රියාමාර්ගයක් ලෙස එලෙස පොලී අනුපාත අඩු කළ බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කරුණු සඳහන් කළේය.
වෙළෙඳපොළ ණය පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමත් දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතා තත්ත්වය ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින් මුදල් මණ්ඩලය පෙරේදාගත් ක්‍රියාමාර්ග ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීමට මින් පෙර ගෙන තිබූ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ වසරේ මේ දක්වා කාලය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 75ක සමුච්චිත අඩුවීමක් කර ඇති බවත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම හරහා අරමුදල් පිරිවැය පහළ ගොස් ඇති බවත් සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා මේවායේ ප්‍රතිලාභ බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රමුඛ සියලු මූල්‍ය ආයතනවලින් දැඩිව ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.
හදිසි සහාය අවශ්‍ය කණ්ඩායම්වලට වෙත කාලීනව අවශ්‍ය කෙරෙන සහාය ලැබෙන බව සහිතක කළ යුතු යැයි ද හෙතෙම කීවේය.
COMMENTS
ඔහොම කියල හරියන්නේ නැහැ , කෙලින්ම විශේෂ ජනපති ඕඩර් එකක දෙන්න ඕනේ , මේ පටිපාටියට අදාලව ක්‍රියා නොකරන මුල්‍ය ආයතනවල දේපල රාජසන්තක කරනවා කියලා එතකොට නම් නිකන්ම වැඩේ සිද්ධ වේවි .
මහාචාර්ය හිතාගෙන ඉන්නේ බැංකුව ඔය අත දිගහැරලා දෙන්න හදන්නේ බැංකුවේ ගොඩගහගෙන ඉන්න සල්ලි කියලද? බැංකුව කොපමණ පොලී අනුපාත අඩුකළත් බැංකුවට පාඩුවක් නැත... ගෙවන සහ ලබන පොලියේ වෙනස බැංකුවට නියමිත ආකාරයට බැංකුව තියා ගන්නවා. නමුත් බැංකුව ණයට දෙන්නේ ජනතාව තැන්පත් කළමුදල්... තැන්පත්කරුවන්ට සාධාරණ පොලියක් ලැබෙන්නේ නැතිනම් තැන්පත් කරුවන් මුදල් ආපසුගෙන වෙනත් ආයෝජනයක් කරන්න වෙනවා. මගේ සල්ලි අඩුපොලියට අරන් තව කෙනෙකුට පොහොසත් වෙන්න දෙන්නේ මොන බම්බුවකටද?
ඔය තැන්පතුවලට පොලිය ගෙවන්න පුළුවන් වෙන්නේ මිනිස්සු බැංකුවෙන් සල්ලි ණයට අරන් අලුතෙන් ව්‍යාපාර, නිවාස ඉදිකිරීම් වැනි දේ කළොත් පමණි. දැන් තිබෙන පොලි අනුපාත ඉහළ නිසා මිනිස්සු මුදල් ණයට ගෙන වැඩක් කිරීමට මැලිවෙති. කොරෝනා ප්‍රශ්නය මෙතැනට අලුතෙන් එකතු වුණු දෙයක්... පොලිය අඩු කිරීම හරි තීරණයක්..., හොඳම උදහරණය පොලිය අඩුකරපු නිසා ජර්මන් ආර්ථිකය 2006 සිට මේ දක්වා සිදුවුණු වර්ධනය.
මෙය වෙනකම් අපට විශ්වාසයක් නැහැ. මෙතෙක් කල් මහ බැංකුව පොලී අඩු කළත් ඔවුන් අඩුකලේ තැන්පතු පොලිය විතරයි. ණය පොලී අනුපාත අඩු කලේ නැහැ. ඒ වාසියත් ගත්තා. මහ බැංකුව සෘජුව ඊට මැදිහත්විය යුතුයි. ඊට අමතරව විවිධාකාරයෙන් මුදල් අය කරගන්නවා. ඒ.ටී.එම්. කාඩ් එකට වාර්ෂික ගාස්තු කියලා එක එක ගණන් අය කරනවා. බැංකු පොත අප්ඩේට් කරනකොට තමා පේන්නේ ඒවා. ඒ ගැන ඇහුවාම එකඑක දේ කියනවා.
බැංකු ප්‍රමාණයත් වැඩි බව හොඳටම පේනවා. ලාබ අධික නිසා නේද මේ...?
පොළිය සියයට හැත්තෑපහකින් අඩුකිරීමට පියවර ගන්න. මේ අවස්ථාවේ එසේ නොකොළොත් සියලු ව්‍යාපාර ප්‍රබල අර්බුදයකට ලක්වෙනු ඇත. රජයේ බැංකුත්, ව්‍යාපාරිකයින් ඇතුළු සැමදෙනාම සූරන්කනවා.