IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය 17 වැනි වරටත් කොළඹදී

එඩෙක්ස් එක්ස්පෝඅධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය 17 වැනි වරටත් කොළඹදී සහ මහනුවරදී පැවැත්වෙන බව එහි සංවිධායක මණ්ඩලය අද (7) නිවේදනය කළේය.

කොළඹ රාජකීය විද්‍යාල පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව නිවේදනය කෙරුණි.

‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික සහ රැකියා ප්‍රදර්ශනය යැයි සඳහන් කළ එහි සංවිධායක මණ්ඩලය මෙම ප්‍රදර්ශනය පසුගිය කාලයේදී රටේ තරුණ පරපුරේ අනාගත අධ්‍යාපනික හා රැකියා අවස්ථා සඳහා අත්වැල සපයන ප්‍රදර්ශනයක් බවට පත්ව ඇති බව ද කීවේය.

කොළඹදී පැවැත්වෙන ‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනවාරි 17 සිට 19 දක්වා පැවැත්වේ. ජනවාරි 24 සහ 25 යන දෙදින කැන්ඩි සිටි සෙන්ටර්හිදි මහනුවර ‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය පැවැත්වේ.

තොරතුරු හා සන්නිවේදන සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය විවෘත කෙරෙන බව ද සංවිධායක මණ්ඩලය සඳහන් කළේය.

2004 වසරේදී ආරම්භ වූ ‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය මේ වනවිට සාමාන්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයකින් බැහැරව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ජාත්‍යන්තර වශයෙන් තරගකාරී මට්ටමට පත්වීමටත් ජයග්‍රහණයේ ඉහළටම ළඟාවීමටත් උපකාරී වන අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රදර්ශනයක් බවට පත්ව ඇතැයි මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එඩෙක්ස්හි සභාපති මහින්ද ගලගෙදර මහතා පැවැසීය.

මෙවර ‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 200කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත අතර රටවල් 20කට ආසන්න සංඛ්‍යාවක විශ්ව විද්‍යාල හා ආයතන ඊට එක්වීමට නියමිතය.

‘එඩෙක්ස් එක්ස්පෝ’  ප්‍රධාන පෙළේ දේශීය හා ජාත්‍යන්තර ද්විතීයික අධ්‍යාපනික අවස්ථා උදා කර දෙන්නන් එකට මුණ ගස්වන ස්ථානයක් යැයි කී සංවිධායක මඬුල්ල ජපානය, ප්‍රංශය, ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව හා පාකිස්තානය යන රටවල් මෙන්ම බි්‍රතාන්‍ය, රුසියාව, කැනඩාව හා ස්විට්සර්ලන්තය යන රටවල විශ්ව විද්‍යාල, ඒවායේ අනුබද්ධ දේශීය විශ්ව විද්‍යාල ද ප්‍රදර්ශනයට එක්වන බව සඳහන් කළේය.

ප්‍රදර්ශනය රැකියා වෙළෙඳපොළක් මෙන්ම වෘත්තීය උපදේශන මධ්‍යස්ථානයක් හා ව්‍යවසායකත්ව කලාපයක් ලෙස ද ක්‍රියාත්මක වන සංවිධායක මණ්ඩල කී අතර එඩෙක්ස් නැණපහන, එඩෙක්ස් සිතුවම්, එඩෙක්ස් තින්ක් ග්‍රීන් ආදී සමාජ සත්කාරක ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව ද කීවේය.

රැකියා වෙළෙඳපොළ, ආර්ථිකයේ විවිධ අංශ නියෝජනය කරන ප්‍රධාන පෙළේ පිළිගත් ආයතනවල වෙළෙඳ කු-ටිවලින් ද ‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය සමන්විත වේ. රැකියා පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස්වලට රැකියා සඳහා අයඳුම්පත් යොමු කිරීමටත් ජාතික වෘත්තීය මාර්ගෝපදේශන සංගමය ‘සයිකොමෙටි්‍රක් ටෙස්ටින් සෙන්ටර්’ එක්ව තරුණ පිරිසට අනාගත වෘත්තීන් සඳහා අත්වැල සපයන මාර්ගෝපදේශන සේවාවක් සැපයීමටත් ‘එඩෙක්ස් එක්ස්පෝ’ සංවිධායක මඬුල්ල මෙවර කටයුතු යොදා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන , සැලසුම් සම්පාදන, ජල සැපයුම් හා උසස් අධ්‍යාපන , කර්මාන්ත හා වාණිජ, දිග-ුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ, සමූපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන , මහවැලි සංවර්ධන හා පරිසර , කම්කරු හා වෙළෙඳ සබඳතා යන අමාත්‍යාංශ මෙවර ප්‍රදර්ශනයට සහයෝගය දක්වයි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ලංකා සේව්‍ය සම්මේලනය ප්‍රදර්ශනයට උපායමාර්ගික අනුග්‍රහය දක්වයි.

ශ්‍රී ලංකාව තාක්ෂණික විශ්ව විද්‍යාලය සහ කොළඹ ජාත්‍යන්තර නාවුක සහ ඉංජිනේරු විශ්ව විද්‍යාලය (සිනෙක්) ප්‍රදර්ශනයේ ‘ප්ලැටිනම්’ අනුග්‍රහකයෝ වෙති.

ඇමෙරිකන් එඩියුකේෂන් සෙන්ටර් ලිමිටඞ්, නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට්, නවලෝක කොලේජ් ඔෆ් හයර් ස්ටඩීස්, සෙයිජීස් කැම්පස්, ජාවා ඉන්ස්ටිටියුට් ෆෝ ඇඞ්වාන්ස් ටෙක්නොලොජි, ඔස්ටේ්‍රලියන් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඞ් ටෙක්නොලොජි සහ අයි.එම්.සී. ඒ.අයි.සී. ස්ටඩි සෙන්ටර් ප්‍රදර්ශනයේ රන් අනුග්‍රාහකත්වය දරති.

යුනිලීවර් ලංකා සමාගම රැකියා වෙළෙඳපොළ සඳහා මූලික අනුග්‍රාහකත්වය දරයි.

විජය පුවත්පත් සමාගම ප්‍රදර්ශනයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන අතර එම්.බී.සී./එම්.ටී.වී. නාලික පෞද්ගලික සමාගම විද්‍යුත් මාධ්‍ය සහකරුවන් ලෙස කටයුතු කරයි. ‘ඇටම්’ මීඩියා ප්‍රයිවට් ලිමිටඞ් ප්‍රදර්ශනයේ ඩිජිටල් මාධ්‍ය සහකරුවන් වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රදර්ශනයේ සන්නිවේදන සහකරුවන් ලෙස කටයුතු කරන අතර එල්.බී. ෆිනෑන්ස් නිල මූල්‍ය සහකරු ලෙසත් අයි.එම්.එල්. පෞද්ගලික සමාගම නිල භාණ්ඩ ප්‍රවාහන සහකරු ලෙසත් කටයුතු කරයි.

කොළඹ ප්‍රදර්ශනය පෙරවරු 10 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වෙන අතර මහනුවර ප්‍රදර්ශනය පෙරවරු 9.30 සිට 6 දක්වා පැවැත්වේ.

කිසිදු මුදල් අය කිරීමකින් තොරව ප්‍රදර්ශනයට සහභාගී විය හැකි බවත් ප්‍රදර්ශනයට සහභාගී වීමට කැමැති පිරිස්වලට එඩෙක්ස් වෙබ් අඩවිය ඔස්සේ කල්තියා ඊට ලියාපදිංචි විය හැකි බව ද සංවිධායක මඬුල්ල වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය 17 වැනි වරටත් කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 206 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1069 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site