IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හේමාස් ප්‍රධාන විධායක පුටුවට කාන්තාවක්

( තිළිණි ද සිල්වා)

 

හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පත් කළ බව හේමාස් හෝල්ඩින්ග්ස් නිවේදනය කර සිටී.

එම ධූරයේ මීට පෙර කටයුතු කළ ස්ටීවන් එන්ඩර්බි මහතා සිය ධූරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව ලබන ඔක්තෝබර් 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එම ධූරය සඳහා ඇයව පත් කරනු ලැබූ බව හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති හුසේන් එසුෆාලි මහතා පැවසීය.

ජූලි මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි කස්තුරි මහත්මිය හේමාස් හෝල්ඩින්ග්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස ද පත් කරනු ලැබ ඇත.

“අභ්‍යන්තර කුසලතා සංවර්ධනයට ප්‍රමුඛතාව දෙන, අපගේ සමාගමේ අනුක්‍රමික සැලසුම් වලට අනුකූල වන පරිදි  විධිමත් තේරීම් ක්‍රියාවලියකින් පසුව කස්තුරි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළා. කස්තුරි 2002 සිට අප සමඟ සිටින දීර්ඝ කාලීන සාමාජිකාවක් බැවින් ඇය හේමාස් හට ආගන්තුකයෙක් නොවන අතර එවන් අයෙක් සමූහයේ ඉහළම විධායක තනතුරට පත්වීම ගැන අප සතුටු වෙනවා. ” යැයිද හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති හුසේන් එසුෆාලි මහතා කීය.

හේමාස් හි සමාගමේ වසර 20ක  වෘත්තීය සේවා කාලය තුළ කස්තුරි මහත්මිය, සමාගමේ ප්‍රධාන ක්‍රියාවලි නිළධාරී බවට පත්වූ අතර ඉන් අනතුරුව 2011 දී ඇය සමූහයේ ගුවන්, සංචාරක සහ ප්‍රවාහන ව්‍යාපාර ප්‍රධානී ලෙස කටයුතු කර ඇත. 2016 දී කස්තුරි මහත්මිය හට හේමාස් ෆාමසූටිකල්හි කළමණාකාර අධ්‍යක්ෂ ධූරය පැවරුණු අතර එහිදී ඇය නිරන්තරයෙන් පැන නගින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා සියලු පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරමින් අභියෝගාත්මක නියාමන පරිසරයක් තුළ තිරසාර වර්ධනයක් ලබා දී ඇත.

කස්තුරි මහත්මිය එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකාවකි. ඇය ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් ව්‍යාපාරික පාසලේ ජ්‍යෙෂ්ඨ විධායක නායකත්ව වැඩසටහන ඇතුළු නායකත්ව වැඩසටහන් රැසකට සහභාගී වී ඇත. වසර ගණනාවක් තිස්සේ ඇය කර්මාන්ත සංසද සහ ප්‍රජාවන් සඳහා ක්‍රියාකාරිනියක ලෙස දායක වී ඇත. ඇය  ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ සභාපති ධූරය ද හොබවනු ලැබේ.

කස්තුරි මහත්මිය 2019 දී ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් ගේ ලැයිස්තුවට (Women Changemakers in Sri Lanka) තේරී පත්වීමත් සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පිළිගැනීමට ද ලක් වූවාය.

හේමාස්, පාරිභෝගික, සෞඛ්‍ය සත්කාර, ප්‍රවාහන සහ හෝටල් යන ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි තම නිෂ්පාදන හා සේවාවන් හරහා දිනපතා මිලියන ගණනක පාරිභෝගිකයින් සමග ගනුදෙනු කරමින් සිටින මෙරට සමාගමකි.ශ්‍රී ලංකාව තම ප්‍රධාන මෙහෙයුම්  මූලස්ථානය කරගත් හේමාස් සමූහය, බංග්ලාදේශය, බටහිර බෙංගාලය සහ මියන්මාරයෙහි ද තම මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරයි.



අදහස් (2)

හේමාස් ප්‍රධාන විධායක පුටුවට කාන්තාවක්

janahitha Tuesday, 30 June 2020 03:23 AM

කිසිදිනෙක රටේ පාලනයට, එනම් පාර්ලිමේන්තුවට, ඇමැති තනතුරකට පත්විය නොහැක. ඒ සුදුසුකම් නොගැලපෙන නිසාවෙනි.

:       0       9

විජේ Tuesday, 30 June 2020 03:53 PM

ජනහිත, ඒ මනුස්සයත් නැතිවෙන වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site