IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සෞඛ්‍ය මාර්ගෝපදේශ තානාපතිවරුන් හරහා අන්තර්ජාතික ආයතන වෙතට

(තිළිණි ද සිල්වා)

ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා හඳුන්වා දීමට යෝජිත සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි සතියේදී විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති හරහා සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන අන්තර්ජාතික ආයතන වෙත යොමු කරන බවද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටඅරච්චි සඳහන් කරයි.

සෞඛ්‍ය  අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සකස් කරන ලද මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ දීර්ඝ ලේඛනයක් බවත්, ඒවා ක්‍රියාත්මක කිරීම සංචාරකයන් මෙරටට පැමිණීම ආරම්භ කරන දිනයේ පටන් ක්‍රියාත්මක කරන බවත් ලේකම්වරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළෙ විවෘත කරන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බවද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් කෝවිඩ් -19 වයිරසය පිළිබඳ පී.සී.ආර්. පරීක්ෂණය සිදු කළ බවට සහතිකය රැගෙන ආ යුතු අතර අවම තරමින් රාත්‍රී පහක්වත් මෙරට රැඳී සිටිය යුතු යැයිද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී.

මීට අමතරව පොදු ප්‍රවාහන පද්ධති භාවිත කිරීමද විදෙස් සංචාරකයන්ට තහනම් කිරීම ඇතුළු තවත් උපදෙස් රැසක්ද මෙම සංචාරකයින් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අයත් බව සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දේ.

 

 

 



අදහස් (1)

සෞඛ්‍ය මාර්ගෝපදේශ තානාපතිවරුන් හරහා අන්තර්ජාතික ආයතන වෙතට

de silva Friday, 24 July 2020 09:55 PM

සංචාරකයෝ ගෙන එන්න ඉස්සරවෙලා විදේශවල අතරමංවෙලා ඉන්න අපේ විදේශ ශ්‍රමිකයෝ ලංකාවට ගෙන්වලා ඔවුන් නිරෝධායනය කරලා සමාජගත කරන්න වැඩ පිළිවෙළක් සකස් කරන්න.. අපේ පුරවැසියන්ට සලකගන්න බැරි අපෙන් ආගන්තුක සත්කාර විඳින්න කිසිම සංචාරකයෙක් කැමැති වෙන එකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site