IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින සංචාරක ආයතන අසාදු ලේඛනයට

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාව සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු, සංචාරකයන් ගෙන්වීමේ සිට ආපසු යාම දක්වා කාලය තුළදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක ආයතන හා පුද්ගලයන් අසාදු ලේඛන ගතකරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද( 12) පැවසීය.

කිසිවෙකු මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය  කලහොත් එය සංචාරක ව්‍යාපාරයේ අනාගතයට දැඩි ලෙස බලපාන හෙයින් මෙම තීරණය ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ජනවාරි 21 දා සිට රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සංචාරක නියෝජිත ආයතන, හෝටල් හිමියන් සංචාරක මඟ පෙන්වන්නන්, සංචාරක රියදුරන් දැනුවත් කිරීම සඳහා පැවැති රැස්වීමකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

සංචාරකයන්ට නැවත රට විවෘත කිරීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වීමේදී සංචාරක ආයතන විසින් සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවත් සංචාරකයන් ගමන් කරනු ලබන ස්ථාන සම්බන්ධයෙන් අධිකාරියට පූර්ව දැනුම් දීමක් සිදු කළයුතු බවත් ඇමතිවරයා මෙහිදී කීවේය.

එම දැනුම් දීම කළවිට සංචාරකයන් මෙරටට පැමිණීමේ සිට ඔවුන් මෙරට සංචාරය කරනු ලබන ස්ථාන හා ඔවුන්ගේ පිටවයාම දක්වා අධිකාරිය පූර්ණ අධීක්ෂණයකට ලක්කරන බවත්, මේ වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් සංචාරක සංවර්ධන අධිකාරියේ ස්ථාපිත කරන බවද ඇමතිවරයා කිවේය.

කටුනායක හා මත්තල ගුවන්තොටුපල 21 වන දින සිට ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ද ඇමතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

සංචාරකයන් දිවයිනට පැමිණීම වෙනමත්, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රි ලාංකිකයන් දිවයිනට පැමීණීම  වෙනමත් සිදුකිරීමට කටයුතු යොදා ඇතැයි පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපලේදී හෝ රට තුලදී සංචාරකයන් මෙරට වැසියන් හා මුහු නොවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයිද කීවේය.

කොවිඩ් කමිටුව හෝ සෞඛ්‍ය බලධාරීන් අනුමත නොකරන කිසිදු රටකින් සංචාරකයන් ගෙන්වීමේ කිසිදු සූදානමක් නැතැයිද ඇමතිවරයා  කීවේය.

සංචාරකයන්ගෙන් මෙරට වැසියන්ටත්, මෙරට වැසියන්ගෙන් සංචාරකයන්ටත් කොවිඩ් ආසාදනය වීම වැළැක්වීම වෙනුවෙන්   ගතහැකි ගතයුතු සියලු පියවර රජය ගෙන ඇති බවද ඇමතිවරයා කීවේය.



අදහස් (0)

සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින සංචාරක ආයතන අසාදු ලේඛනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31155 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13293 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site