IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ හොඳම තේ බොන්න නම් රත්නපුරේ යන්න

(අජිත්ලාල් ශාන්තඋදය)


ශ‍්‍රී ලංකාවේ වෙළඳ පොලේ අලෙවියට නොමැති ලෝක වෙළඳ පොළට යවන ඉහළ විදෙස් ඉල්ලූමක් ඇති ලාංකික තේ නිෂ්පාදන ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන විදේශිකයන්ට සහ ශ‍්‍රී ලාංකිකයන්ට මිලදි ගත හැකි අලෙවි හලක්, ප‍්‍රදර්ශනාගාරයක් සහ නිෂ්පාදන රස බැලිය හැකි භෝජනාගාරයක්  රත්නපුර ලෙල්ලොපිටියේ දී තුර්කි රජයේ  ශ‍්‍රී ලංකා තානාපති ටුන්සා ඔෂ්කුහඩාර මහතා අතින් විවෘත විය.


කොළඹ බදුල්ල පාරේ රත්නපුර නගරය පසුකර පැල්මඩුල්ල දෙසට කිලෝ මීටර් හයක් පමණ යනවිට මෙම ස්ථානය පිහිටා ඇත. බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ, උඩවලව, හම්බන්තොට, ආදී ප‍්‍රදේශ බලා යන විදෙස් සංචාරකයන්ට ගිමන් හැරීමේ ස්ථානයක් ලෙස සියලූ පහසුකම් සහිතව පිහිටි මෙම ස්ථානයේ තේ කර්මාන්තයේ ඉතිහාස තොරතුරු සහ භාණ්ඩ ප‍්‍රදර්ශනය කරන කෞතුකාගාරයක් ද ස්ථාපිත කර ඇත.


‘‘ලෝකයේ වැඩි ඉල්ලූමක් තියන තේ ලංකාවේදී ලබාගැනීමට නොහැකි වීම ගැන ලංකාවට එන ප‍්‍රධාන පෙලේ විදේශිකයන් නිතරම අහන ප‍්‍රශ්නයක්. ඔවුන්ට ඒ නිෂ්පාදන ලංකාවේදී රස බලන්න ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. අගනුවරින් බැහැර යන විදේශිකයන්ට එවැනි නිෂ්පාදන මිලදි ගන්නත් රස විඳින්නත් මෙතනදී පුලූවන්. 


අපේ තේ කර්මාන්ත ශාලා සමූහයේ නිෂ්පාදන තමයි මෙතන තියෙන්නේ. ලොව ඉහළ ඉල්ලූමක් ඇති අපේ නිෂ්පානයන් නොවන තේ නිෂ්පාදනත් මෙතන අලෙවියට තියනවා.’’ ‘‘ටීජා ලෝන්ච්’’ ආයතන සථාපිත කළ කේඞීයූ සමුහ ව්‍යාපාරයේ සභාපති සමන් උපසේන මහතා පැවසුවේ ය.


‘‘ලංකාවේ තේ කර්මාන්ත ක්‍ෂෙත‍්‍රයේ ලොකු වෙනසක් මේක. ලෝකයේ ඉහළ ඉල්ලූමක් ඇති තේ නිෂ්පාදන මේ ‘‘ටී ජා ලෝන්ච්’’ආයතනයෙන් දැන් ලංකාවේ කෙනෙකුට වුණත් මිලදී ගන්න පුලූවන්. මෙතන තියන රෙස්ටූරන්ට් එකෙන් රස බලන්න පුලූවන්. 


ඒ විතරක් නෙවෙයි මේ ආයතනයට එන කෙනෙක් තෝරා ගන්න තේ වර්ගය මෙතැනදීම රස බලන්නේ නම් ඒ තේවලට ගැපෙන අමතර කෑම  අපි හදලා දෙනවා. 


මේ පහසුකම විදේශිකයන්ට විතරක් නෙමෙයි ශ‍්‍රීලාංකිකයක්ට වුණත් අපි ලබාදෙනවා. පස් දෙනෙකුට අවශ්‍ය  තේ පෝච්චියක් අපි හඳුන්වලා තියනවා. ඇත්තටම මේ නව සංකල්පය තුලින් අපි විදෙස් සංචාරකයන්ට ලංකාවේ තේ වල ඇති නියම තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ලබාදීලා ශ‍්‍රී ලංකාවේ තේ ගුණාත්මක තේ කියන නාමය ලොවපුරා ප‍්‍රචලිත කරලා අපේ තේ සඳහා ලොව ඉල්ලූම ඉහළ දැමීමේ පණිවිඩය ගෙන යන එක්තරා සැලැස්මක් මේක කියලා කියන්නත් පුලූවන්’’ කේඩීයූ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ නීලක උපසේන මහතා පැවසුවේ ය.



අදහස් (8)

ශ්‍රී ලංකාවේ හොඳම තේ බොන්න නම් රත්නපුරේ යන්න

sinha Sunday, 30 September 2018 02:20 PM

මම මෙම වෙළඳ නාමයෙන් තියෙන තේ වර්ගය අවුරුදු 5 ක් පමණ භාවිතා කරනවා.. ඉතාමත් රසවත්... හැබැයි රත්නපුරේ ගියාම තමයි ගන්න වෙන්නේ.. ගියපුවා කිලෝ 3ක් විතර ගන්නවෙනවා.. එ්ක නිසා ලංකාව පුරාම විකුණුවා නම් තම හොඳ... එතකොට කඩවල තියෙන පච තේ බොන්න වෙන්නේ නෑ

:       18       126

FaiqMonday, 01 October 2018 06:08 AM

මොකද්ද ඒ තේ බ්‍රෑන්ඩ් එක ශිහාන් .?

:       16       7

Perakum Sunday, 30 September 2018 04:16 PM

ලංකාවේ තේ ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය ආයතන කීයක් නම් තියේද...? ඇයි ඒ අයට මෙච්චර කාලෙකට මේ වැඩේ කරන්න බැරි වුණේ...? ඒ අය තේ කර්මාන්තයට මෙතෙක් මොනවද කරලා තියෙන්නේ...? නිලධාරීන්ගේ සුඛ විහරණය නම් ඉහළින්ම තියනවා.

:       0       169

chaaminda Monday, 01 October 2018 07:25 AM

ටී ජාර් කියන්නේ ලංකාවේ හොඳම සිංගල් ඔරිජින් ටී. හරි ආඩම්බරයක් රටට... විශේෂයෙන්ම ඩොලර් එක වැටුණා මේ වෙලාවේ..

:       0       139

Shan Monday, 01 October 2018 09:34 AM

සිනොලාන් කියන තේ වර්ගයත් ඉතා හොඳයි. දැන් ඔඩෙල් එකේ තියනවා.

:       1       33

Rane Monday, 01 October 2018 05:38 PM

ලංකාවේ ඕනෑම තේ කර්මාන්ත ශාලාවකින් හොඳ තේ අඩු මිලට ගන්න පුළුවන්. කතා කරලා ගෙන්න ගන්නත් පුළුවන්. උඩරට, පහත රට, මැද රට තේ රස වෙනස්. සුපර් මර්කට් වල තියෙන්නේ මිශ්‍ර කරපු, රස කරපු මිල අධික ඒවා. ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ හොඳ තේ බොන්න නැති එක නම් මහා වැරැද්දක්.

:       0       7

Bandara Tuesday, 02 October 2018 07:40 AM

මොනවා කිව්වත් අපි තවමත් අඩු වටිනාකම් තේ අපනයන උගුලක ඉන්නේ... අපිට හරි දැක්මක් නැහැ ඊ ළඟ මට්ටමට යන්න. කාබනික තේ වගේ වර්ගවලට දෙගුණයක ලෝක මිලක් තියෙනවා. අපිට ඕනේ වැඩියෙන් රටට ඩොලර් එන්න නම් අලුත් දේ නිපදවිය යුතුය.

:       0       4

rocky Wednesday, 03 October 2018 01:08 AM

තේ කෝප්පයක් බොන්න රත්නපුරේට යන්න ප්‍රවාහන ගාස්තුව ගෙවන්නේ කවුද?

:       16       3

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 80 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 142 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 105 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site