(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයින්ට ශ‍්‍රී ලංකාව විසින් ලබාදෙන පහසුකම් ප‍්‍රමාණවත් නොමැති වීම හා එම චීන සංචාරකයින් භාෂාමය ගැටලුවට මුහුණ පාන බව ශ‍්‍රී ලංකාවේ චීන තනාපති ෂෙංග් ෂුවැංග් මහතා විසින් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට පෙන්වා දී ඇත.
සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග , සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා ඇතුළු මෙරට සංචාරක ක්ෂේත‍්‍රයේ ඉහළ නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ජාවකදී චීන තානාපතිවරයා මෙම කරුණු සඳහන් කළේය.
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් අතුරින් වැඩිම පිරිසක් පැමිණෙන්නේ චීනයෙන් වන අතර එම ප‍්‍රමාණය ලක්ෂ 3ක් වූ නමුත් ශ‍්‍රී ලංකාව තුළදී චීන ජාතිකයින්ට භාෂා ගැටළුවලට මුහුණ දීමට සිදුවන ඇතැයි චීන තානාපතිවරයා මෙහිදී සංචාරක අමාත්‍යවරයා හමුවේ පැවසීය.
චීන භාෂාව කතා කළහැකි දේශීය සංචාරක මගපෙන්වන්නන් ප‍්‍රමාණවත් පිරිසක් රට තුළ නොමැති සේම සංචාරක කේෂ්ත‍්‍රය ශ‍්‍රී ලංකාවට පනවා ඇති ඇතැම් නීති රීති හා සීමාවන් සම්බන්ධයෙන්ද සතුටුවිය නොහැකි බව චීන තානාපති මෙහිදී ප‍්‍රකාශ කර ඇත.
තවද මෙරටට පැමිණෙන තම වැසියන් ආහාර ලබාගැනීමට චීන අවන්හල් අපේක්ෂා කළද එවායේ ආහාර ඔවුන්ට සරිලන පරිදි පිසීමට චීන කෝකියන් නොමැති වීම පිළිබඳවද තානාපතිරයා මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේය.
එවැනි චීන සුපවේදින් සඳහා මෙරට සේවයට පැමීණීමට වීසා ලබාගැනීම අපහසු කටයුත්තක් ව ඇති බවද තානාපතිවරයා පැවසීය .
එමෙන්ම ශ‍්‍රී ලංකාව තුළ චීන සංචාරකයින් සඳහා අවශ්‍ය චීන දුම්වැටි හා මධ්‍යසාර ලබාගැනීමට නොහැකිවීමද ගැටළුවක් බව ඔහු සංචාරක අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

COMMENTS
චීන සංචාරකයන්ට අවශ්‍ය චීන සතුටුකරන්නියන් සතුටුකරන්නන් එහෙම ගෙන්නන්න ඕන නැද්ද තානාපතිතුමා ? මෙයා මාර ඉල්ලීම් නේ ඉල්ලන්නේ . මෙයාගේ කතාවෙන්ම පේනවා ලංකාව දැන් චිනේ ප්‍රාන්තයක් විදියට හිතන් ඉන්නේ කියල . මගපෙන්වන්නන්ගේ ප්‍රශ්නය නම් සාධාරණයි . අනිත් ඒවා තමයි අවුල තානාපතිතුමා .
දැන් මේ කියන විදිහට චීන්නු ලංකාවට එන්නේ චීනේ වගේ ඉන්න නම් මෙහෙට එන්නෙ නැතිව එහෙටම වෙලා ඉන්න තිබ්බනේ.
චීන තානාපතිට බැනලා වැඩක් නැහැ. ලංකාවේ ඉන්න ඇමතිලා නිසා තමයි මේ සේරම. ඉදිරියේ චීන සංචාරකයන් නැතිනම් ඉන්දියානු සංචාරකයන් ප්‍රවර්ධනයට බලාපොරොත්තු වෙනවා නම් පාසලේදීම හෝ ද්විතියික අධ්‍යාපනයක් ලෙස ඒ සංචාරකයින් පැමිණෙන රටවල භාශා ඉගැන්විය යුතු වෙනවා, එවිටයි එම භාෂාවලින් කතා කරන වෙළඳසල් වල වෙළඳ සේවකයින්, හෝටල්වල සේවකයින් මෙන්ම මගපෙන්වන්නන් වැනියවුන් බිහිවන්නේ. අනික වෙනත් රටවල ප්‍රශ්චාත් උපාධි මට්ටමට පවා පාඨමාලා ඇති Heritage interpretation වැනි පාඨමාලා ගැන අප සිතා ඇතිද? චීන ඉන්දියානු මෙන්ම වෙනත් රටවල ආවේනික සූප ශාස්ත්‍ර පිලිබඳ කිසිදු පාඨමාලාවක් ඇතිද? රට දියුණු කිරීමට නිසි සැලසුමක් නොමැති රටේ කිසිදු උගතෙකුට එව්වා සැලසුම් කිරීමට නොදී සියල්ල තමන් බදාගෙන දඟලන මේ හොරු නඩය සිටින තුරු සැමදාමත් අප වලේ බව සිහි තබාගත යුතුය. කිරි වීදුරුවකට, ජිවිත රක්ෂණයකට, තමන් ලබාගත් ණය මුදලට දෙන ඔප්පුවකට, සියලු වැඩ අමතක කරන ජාතියකට මෙයිට වඩා යහපත් රටක් බලාපොරොත්තු විය නොහැක.
මේකෙන් පෙන්නේ චීනය ඔවුන්ගේ තානාතිපති සේවය ඔවුන්ගේ රටේ අරමුණු වෙනුවෙන් ඉතාම සංවිධානාත්මක විදියට හසුරුවන එකයි. චීන සංචාරකයන් ගෙන්වා ගැනීම වැදගත්. එත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමත් අවශ්‍ය දෙයක් නමුත්, චීන දුම්වැටී ගෙන්වීම චීන කෝකියන් ගෙන්වීම නෙමෙයි විය යුත්තේ, චීන කෑම හදන්න අපේ කෝකියන් පුහුණු කිරීම වැදගත්. චීන බාෂාව කතාකළ හැකි පිරිසක් සංචාරක මග පෙන්වන්නට ඇතුලත් කිරීම වැදගත්. චීන පාඨමාලා තියෙනවා විවෘත විශ්ව විද්‍යාලේ. චීන ජාතිකයන් ලංකාවට එන්නේ ලංකාව රස විදින්න මිසක් තවත් චිනෙම ප්‍රාන්තයකට යන්න නෙමෙයි. ඉතින් අපි පෙන්වන්න ඕනේ දේශීය ලංකාවේ දේවල්. චීන භාෂා ප්‍රශ්නය හරි නමුත් ඔවුන්ට මධ්‍යසාර ඕනෙනම් ලංකාවේ රා බොන්න දෙන්න. ඔවුන්ගේ ඒවා බොන්න මෙහෙ එන්න ඕනේ නැහැනේ.
චීනා වෙනුවෙන් ඉල්ලන දේවල් වලට දුම් වැටියත් එකතු කරලා. චීනා ආදරේට ලංකාවට එන්නේ නැහැ , කෑමබීම පුරුදු කරන්න දුම්වැටියත් පුරුදු කෙරුවම , ගිය ගමන් වියදම් දුම් වැටි ලංකාවේ මිනිසුන්ට පුරුදු වුනාම. ගිය ගාන අතට ඇවිත් , චිනට පුදුම ආදරයක් තියෙන්නේ ලංකාව ගැන , රුපියල් 500 වත් වියදම් නොකරන. චීන්නු ඉන්නවා , සතෙක් අල්ලන් මරන් කලා ,බෝක්කු උඩ නිදා ගන්නවා , මේවගේ. හිගන්නෝ නොයෙන තරමට හොඳයි ,සංචාරක විසා කියලා, කට්ටියටම රැකියා හදාගනියි
සංචාරකයන් වෙනත් රටකට යන්නේ තමන්ගේ රටේ විදියට ඉන්න නොවෙයි. අරාබියට ගියාමත් චීන මධ්‍යසාර ඉල්ලනවද?
බළලා මල්ලෙන් පනී. මේකට තමයි කියන්නේ චීන ව්‍යාප්තවාදය කියලා. පහසුකම් මදි.
ඇත්ත කලාපයේ අනිකුත් රටවල් සමග සන්සන්ධනය කරනවිට ලංකාවේ සංචාරකයන්ට පනවා ඇති නීති රීති සහ පහසුකම් ගැන නම් සතුටුවිය නොහැක , චීන සංචාරකයෝ විශාල ප්‍රමාණයක් ලංකාවට අවාට ලංකාවට විශාල අදායමක් ලැබෙන්නේ නැත , වැඩිපුර අදායමක් ලැබෙන්නේ ජර්මනිය , එංගලන්තය ප්‍රමුඛ යුරෝපයේ සංචාරකයන් ගෙනි , නමුත් එම රජයන් අපේ රජයෙන් ඔවුන්ගේ භාෂාව කතාකරන සංචාරක මගපෙනන්වත් , ඔවුන්ගේ කෑම ඇති අවන්හලවල්වත් , ඔවුන්ගේ රටේ පුරවැසියන්ට මෙහෙ සේවය කිරීම පහසුවන පරිදි අපගේ ආගමන විගමන නීති වෙනස් කරන ලෙස ඉල්ලීම් කරන්නෙත් නැත . එම රටවල සංචාරකයන් මෙහෙ එන්නේ අපේ කෑම කෑමටත් අපේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම කරගැනීමටත්ය , චීන සංචාරකයන් විශාල ප්‍රමාණයක් ඉන්න සංචාරක හෝටල් වලට යුරෝපා සංචාරකයන් යාමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ , එම නිසා කරුණාකර අපට අතීතයේ සිට විශාල ආදායමක් ගෙන එන සංචාරකයන් එන යුරෝපා සංචාරකයන් එන රටවල ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන්ට දින 30 කාලයක් සංචාරක විසා (රැකියා කිරීම සදහා නොවේ ) සඳහා 2012 වසරට පෙර තිබුණ පහසු ක්‍රමයට ලංකාවට ඇතුල් වීමට අවස්ථාව දෙමු , චීනෙට කියමු අපි ලංකාවෙන් කෝකියෝ දෙන්නම් ඔවුන්ව පුහුණු කරලා දෙන්න කියල ,
අප්පච්චි සින්නකර දීල තියෙන්නේ. මේවා පමණි අඩු
මුළු ලෝකෙන්ම අවුරුද්දේ දවස් 365ටම ලංකාවට සංචාරකයන් එන්නේ ලක්ෂ 20යිලු. අපි හිතාගෙන ඉන්නේ නම් ලංකාව ලෝකප්‍රසිද්ධයි කියලයි. නමුත් මේ ප්‍රමාණයෙන්ම පේනවා ලංකාව කියන්නේ සංචාරක ආකර්ෂණයක් නැති රටක් කියලයි. ඉන්දුනීසියාවේ බාලි වලට පමණක් මේ වගේ 3-4 ගුණයක් සංචාරකයන් ලෝකයෙන්ම එනවා. ඉන්දුනීසියාව කියන්නේ මුස්ලිම් රටක්... එ්ත් ඔවුන් නීතිරීති ලිහිල් කරලා සංචාරකයන් ගෙන්න ගන්නවා. අපේ රටේ හැමදේටම නීති රීති තද වැඩියි. සංචාරක කර්මාන්තයේ අලුත් අංශ ආරම්භ කරන්න ගියාම පොඩි මිනිහෙක්ට ව්‍යාපාරයක් ආරම්භ කරන්න මේ නීතිරීති වලින් ඉඩක් නැහැ. රජයේ නිලධාරීන් ඒ සඳහා ඉඩ දෙන්නේ නැහැ. සංචාරකයන් සඳහා විනෝදෙට සංචාරක බෝට්ටුවක මුහුදට අරන් යන්න විනොදෙට මාළු බාන්න රජයේ ආයතන ගණනාවකින් අවසර ගන්න ඕනෑ. බෝට්ටුව ආරක්ෂක අමාත්‍යංශයේ, ධීවර අමාත්‍යාංශයේ, නේවි එකේ, සංචාරක අමාත්‍යංශයේ, වනජීවී එකේ අවසර ගන්න ඕනෑ. මේවා වලින් අවසර ගන්න ගියාම ඒ වැඩේ කරගන්න බැහැ. මේ එක උදාහරණයක් විතරයි. මේ වලින් අවසර ගන්න ගිය ගමන් නිලධාරීන් කතාව පටන්ගන්නෙම මේක කරන්න බැහැ කියලයි.
සංචාරකයො වෙන රට වලට යන්නෙ ඒ රටේ ලස්සන දේවල් බලන්න. සංස්කෘතිය දකින්න. ඒ රටවල කෑම රස විදින්න. චීනට චීන කෑම ,චීන මත් පැන් සිගරට් ඕනෙනම් චීනෙම ඉන්න මෙහෙට නෑවිත්.
අපි හිතන් හිටියේ චීන සංචාරකයන් ලංකාවට එන්නේ ගල් පොල් කාලක් බීලා.. ගෝල්ඩ් ලීෆ් එකක් ගහලා රයිස් ඇන්ඩ් කරි කාලා යන්න කියලා. දැන් බලද්දී එයාලා එහෙමවත් කරන්න කැමති නැහැනේ...
චීන සංචාරකයන් මේ ක්‍රමේ අනෙක් රටවලත් කරනවා. එයාලා ගෙනා ආහාර අනුන්ගේ ගෙවතුවල ඉඳන් කාලා කිසිවක් නොගෙවා යනවා. එයාලට තියෙන්නේ චීන මස්ටර් කාර්ඩ් වලින් මුදල් ගෙවිය නොහැකිලු. තානාපති හදන්නේ එයාලගේ මිනිසුන්ට අපේ රටේ රස්සාවල් දෙන්න. අනෙක් රටවල් වලදී කරනවා වගේ...
අපි නොදන්නා චීන සංචාරකයෝ, ඔය කියන විදිහට කෝකියෝ චීනෙනේ ගෙනත් තරු පහේ අවන්හලවල් හැදුවට ඒවාගෙන් චීන්නු කන්න එන එකක් නැහැ. චීන්නු එන්නේ බිස්කට් පැකට්, ඉන්ස්ටන් නූඩ්ල්ස් සහ අනෙකුත් ඉන්ස්ටන්ට් අාහාර බෑග්වල දමාගෙන බොහෝවිට ඔවුන්ට අවශ්‍ය උණුවතුර ටිකක් පමණි. බොහෝදෙනෙක් හොට් ප්ලේට් එකත් බෑග් එකේ දමාගෙන එන්නේ..., තරු පහේ හෝටල්වල හිටියත් ඔවුන් මුදල් වියදම් නොකරති. ඔවුන් නවතින්නේත් චීනුන්ට අයිති හෝටල්වල පැකේජ් බුක්කරලා... ඔවුන් එහෙදී මුදල් ගෙවලා එන්නේ... අපට ඉතුරු වෙන්නේ රොඩ්ඩා පමණි. ඔය චීන්නු මේක අස්සේ දමාගෙන ලංකාවට එන හොඳට මුදල් වියදම් කරන යුරෝපයේ සිට එන රේගියුලර් ටුවරිස්ට්ලා ටිකත් නැති කරගන්න හදන්නේ... ඔය ජෝන් බාස් දන්නා සංචාරක වියාපාරයක් නැත. පැන්ෂන් ගිහින් ගෙදර ඉන්නේ නැතිව එනවා නොදන්නා දේවල් කරන්න. ඊට පස්සේ වෙන්නේ රටටම ඉල්ලන් කන්න.
කොහොමද චීනාගේ ටිකිරිමොලේ? චීන්නු ටිකටික මෙහෙට බස්සන්න හදන්නේ.., ගෝවේ ගියාම ගෝවේ විදිහට ඉන්න කියල පැරණි කියමනක් ඇත.
ඉතින් එන්න එපා ඔබලා ඔහේ තියෙන ඒවා බලාගෙන ඉඳපල්ලා. අපිට උඹලගේ සල්ලි ඕනේ නැහැ.
චීනා හදන්නේ උන්ගේ සිගරට් වර්ග, මත්පැන් වර්ග වලට මෙහෙ වෙළඳපලක් සාදාගැනීම සහ චීන්නුන්ට මෙහෙ රස්සා කරන්න තිබෙන නීතිමය බාධා ටිකක් අඩු කරගෙන ඊට පස්සේ තරුපහේ රෙස්ටුරන්ට් නොව එහෙ සල්ලි ටිකක් තිබෙන චීන්නු එහෙ රස්සා නැතුව ඉන්න චීන්නු ටිකක් මෙහෙට පටවලා රටවටේම සෛවර් කඩ වගේ චීන රෙස්ටුරන්ට් දමලා අපේ කොත්තු කාරයන්ටත් බඩේ පාර ගහන්න. අඩුපාඩුවට රෙස්ටුරන්ට් වල වැඩකරන්න කියලා මෙහෙටත් ඒවි. අපි මේ උගුලට අසු නොවිය යුතුයි. චීන කෑම කන්න, කැමති චීන සිගරට් සහ චීන මත්පැන් පමණක් බොන සංචාරකයින්ට එහෙ නතර වෙන්න කියලා කිව්වම ඔක්කොම හරි..
ලංකාවේ සංචාරය කරනකොට ලංකාවේ අත්දැකීම් ලබාගන්න ලංකාවේ කෑම කන්න. චීන කෑම හැමදාම කාලා, අායේ මෙහෙදීත් ඒවම කන්න ඕනෑද?
රටකට සංචාරකයන් එන්නේ එම රටේ තියෙන දේවල් සහ උරුමයන් බලන්න, විඳින්න. නැතුව තමන්ගේ රටේ තියෙන දේවල් බලාගෙන නොවේ. තානාපතියට ඕනෑ වෙලා තියෙන්නේ මෙහෙට චීන කෝකියෝ සහ සමහරවිට තව තව පැරණිම වෘත්තීන්වල අයටත් රැකියා හදලා දෙන්න වගේ. අහුවෙන්න එපා හැමදේටම. කතාවක් තියෙනවා රෝමෙට ගියාම රෝමන්කාරයෙක් වගේ ඉන්න කියලා...