IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහබැංකු පොළී අනුපාත කපා හරී

ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන ‘ෆෙඩරල් රිසව්’ බැංකුව සහ අනෙකුත් රටවල් රැසක මහ බැංකු පොළී අනුපාත කපා හැරීමට අද (16) පියවර ගත්තේය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහිව කෙරෙන සටනේදී ආර්ථික කටයුතුවලට සහාය දැක්වීමේ අරමුණින් ඇමෙරිකා මහ බැංකුව සහ අනෙකුත් ගෝලීය බැංකු එම පියවර ගෙන තිබේ.

කෝවිඩ්-19 යනුවෙන් නම්කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා වෙළෙඳපොළ කඩා වැටී ඇති අතර ලෝක ආර්ථිකයේ විශාල කොටසක් අඩපණ වී ඇත.

යුරෝපීය මහ බැංකුව, ජපාන මහ බැංකුව ආදී ලොව මහ බැංකු රැසක් ඒකාබද්ධව මෙම පියවරගෙන ඇති අතර මීට දශකයකට පෙර ඇති වූ ලෝක මූල්‍ය අර්බුදය ඇති වූ අවස්ථාවේදී ද මහ බැංකුමේ ආකාරයේ ඒකාබද්ධ පියවර ගත්හ.

නව කොරෝනා වයිරසය නිසා ආයෝජකයන් ද අර්බුදකාරී හා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති අතර මේ හේතුවෙන් කොටස් හා බැඳුම්කර වෙළෙඳපොළවල ද දැඩි පසුබෑමක් දක්නට ලැබේ.

පොළී අනුපාත අඩු කිරීමට මුලින්ම පියවර ගනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන අතර ප්‍රධාන පොළී අනුපාත බිංදුවක් දක්වා අඩු කිරීමට එම බැංකුව පියවර ගත්තේය.

නවසීලන්ත මහ බැංකුව ද වාර්තා ගත ලෙස පොළී අනුපාත අඩු කිරීමට පියවර ගත් අතර මේ සතියේ වෙළෙඳපොළ කටයුතු සඳහා ආසියාවේ වෙළෙඳපොළ කටයුතුඑ ආරම්භ කළේය. කෙසේ නමුත් රජයේ, බැංකු සහ වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා  කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු නොවිණි.

ඔස්ට්‍රේලියාවේ මහ බැංකුව එරට ආර්ථිකයේ ද්‍රවශීලතාව වැඩි කිරීමට පියවර ගෙන තිබූ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට බ්‍රහස්පතින්දා තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.

මීට අමතරව චීන මහ බැංකුව සහ තවත් බැංකු රැසක් මේ ආකාරයේ පියවර ගෙන ඇත.

මේ අතර මේ වසර ආරම්භයේදී ඇමෙරිකානු ඩොලර් 71.75ක් ලෙස දැක්වුණු බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 30ක් දක්වා අඩු වී තිබේ. 

 

රොයිටර්

055

 

 

 



අදහස් (0)

මහබැංකු පොළී අනුපාත කපා හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site