IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තහනම් පොලිතීන් වෙනුවට ආදේශකයක්

( තිලකරත්න දිසානායක)

රජය මගින් පොලිතීන් භාවිතය තහනම් කොට ඇති පසුබිමක නොදිරන පොලිතීන් වෙනුවට ආදේශකයක් ලෙස දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් කෙටි කලකින් දිරාපත්වන දැනට පොලිතීන් වශයෙන් භාවිතයේ පවතින සෑම වර්ගයක්ම නිෂ්පාදනය කිරීමට වරලත් සිවිල් ඉංජිනේරුවරයකු වන අමිල් ප්‍රියන්ත මහතා සමත්ව ඇත.

රජය මගින් දැනට තහනමට ලක්කොට ඇති පොලිතීන් නිෂ්පාදනයන් මගින් මිනිසාට සත්වයාට සහ පරිසරයට සිදුවන හානිය අති විශාල බැවින් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මාස කිහිපයක් තුල අමෙරිකාව , චීනය, කැනඩාව , සිංගප්පුරුව , ඉන්දියාව වැනි රටවල සංචාරය කරමින් ලබා ගත් අත් දැකීම මත ඒ වෙනුවට  දිරාපත් වන සහ දියවී යන නිෂ්පාදනයන් ඉදිරිපත් කිරීමට හැකිවු බව ප්රිචයන්ත මහතා මාධ්යදයට පැහැදිළි කරමින් පැවසීය.

මෙරට දිනකට පොලිතීන් ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් අධික ප්‍රමාණයක් භාවිතා කෙරෙන බැවින් මෙය තහනම් කිරීමේදී ඒ වෙනුවට කෙසෙල් කොළ සහ නෙළුම් කොළ වැනි දෑ භාවිතයට ගත හැකි බව යෝජනා වුවද ප්‍රායෝගිකව මෙහි පවතින අපහසුතාවය මත රටේ අවශ්‍යතාවය සපුරා ගැනීම පිණිස මෙරටින් අමුද්‍රව්‍ය භාවිතා කරමින් සියයට සීයක්ම දිරාපත්වන නිෂ්පාදනයන් කිරීමට " ග්‍රීන් ශ්‍රී ලංකා එකෝ සයන්ස් සහ පෞද්ගලික සමාගම " යටතේ දැනටමත් පියවර ගෙන ඇති බව හෙතෙම සදහන් කළේය.

දැනට පොලිතීන් මගින් නිෂ්පාදනය කොට වැඩි වශයෙන්  භාවිතා කරනු ලබන සිලි සිලි බෑග්, ලන්ච්ෂීට්, බීම බට වර්ග, යෝගට් කප්, රිජි ෆෝම් පෙට්ටි වැනි ඕනෑම වර්ගයක්  මෙලෙස නිෂ්පාදනය කිරීම පිණිස මෙරට අවශ්‍ය පරිදි වගා කළ හැකි මඤ්ඤොක්කා , බඩ ඉරිගූ වැනි පිටි , හාල් පිටි , අර්තාපල් වැනි දෑ මගින් සකසා ගනු ලබන පිටි වර්ග ඇතුලු තවත් දේශීයව ලබාගත හැකි අමු ද්‍රව්‍ය යොදා ගන්නා බවත් මේවා භාවිතා කරමින් කරනු ලබන නිෂ්පාදනයන් උණු කළ ජලයේ ක්ෂණයකින් දියවීම මෙන්ම මාස 3 මාස 6 ක් තුළ දිරාපත්වන තත්ත්වයට පත්වන බවත් මාධ්‍ය හමුවේ පැහැදිලි කරමින් ප්‍රියන්ත මහතා පැවසීය.

හිතකර පිටි වර්ග යොදා ගනිමින් මෙම නිෂ්පාදනයන් කරන බැවින් මිනිසාට  සතුන්ට මෙන්ම පරිසරයට කිසිදු හානියක් නොවන බව පෙන්වා දුන් ඔහු එය තහවුරු කරනු ලැබුවේ උණු කරන ලද ජලයෙහි බෑගයක් මද වේලාවක් තැබීමෙන් දියවී ගිය පසුව එම ජලය පානය කර පෙන්වීමෙනි.



අදහස් (25)

තහනම් පොලිතීන් වෙනුවට ආදේශකයක්

වින්සන්ට් Friday, 01 September 2017 02:17 PM

ප්‍රමාද වී හෝ මෙවැන්නක් හඳුනා ගැනීම සතුටට කරුණකි. මීට වසර කිහිපයක සිට මෙම නිෂ්පාදනය ඉතාලියේ භාවිතයේ පවතී. වෙළඳසැල් වල පමණක් නොව නිවාසවලින් බැහැර කරන දිරන සුළු කුණු කසළද මෙසේ නිෂ්පාදිත බෑග් වල බහා බැහැර කළ යුතු බවට නීතිය මඟින් කටයුතු කර ඇත. ජනතාවද බොහෝදුරට එයට සහයෝග දක්වන්නේ අපි මෙන් කටින් පමණක් පරිසර හිතකාමීන් නිසාද යන්න නොදනිමු. කොහොම වුනත් මේ මහතාගේ උත්සාහය ව්‍යාපාර මට්ටමින්ද හොඳ පටන් ගැනීමකි. රටට වැඩදායක සැමට අපි සුබ පතමු.

:       0       270

Gamage Friday, 01 September 2017 03:48 PM

හොඳ නිර්මාණයක් රජය උදව් කරන්න ඕන මේවගේ නිෂ්පාදන වලට

:       0       136

PerakumSaturday, 02 September 2017 05:17 AM

පිස්සුද ගමගේ...! ... දේශපාලකයන්ගේ මඩිය තරවෙන එකක් නම් ... කවුරුත් උදව් කරාවි ...!!!

:       13       267

Dr. Edward Perera Germany Saturday, 02 September 2017 12:32 AM

ප්‍රශ්නයක් හරහා නිර්මාණයන් බිහිවෙන අන්දම ප්‍රකට කරන එක් උදාහරණයක්. මෙය තමා බොහෝ කලකට ඉහතදී සිදුවෙන්න තිබුනේ. මහා පරිමානයේ ව්‍යාපාරිකයා තමන්ගේ නිෂ්පාදනය තුලින් පරිසරය විනාශ කළත් පාලකයින් ඒ ගැන කතා නොකළේ ද්‍රෝහීන්ගෙන් මාස් පතා ලැබෙන "සන්තෝෂම්" නිසා බව ජනතාව නොදන්නවා නොවේ. මේ නිමැයුම් කරුවා ට අත හිත දෙන්න රජය ජාතික මට්ටමින් වැඩ පිළිවෙලක් දියත් කල යුතුයි.

:       0       33

upali Saturday, 02 September 2017 08:07 AM

ලක් පුතනි ඔබට ජය. මේ වගේ අයයි මැති සබයට යායුත්තේ...

:       32       225

amaraSunday, 03 September 2017 12:13 PM

බඩු පුරෝගෙන වැස්සට අහු වුණොත් මාර වැඩක් තමයි වෙන්නේ...

:       7       57

menna Saturday, 02 September 2017 08:20 AM

ලන්ච්ෂීට් සම්බන්ධව ප්‍රශ්නයක් අහන්නේ. ජලයට දියවෙනවා කියන්නේ හොද්දටත් (දියර වල ) දියවෙනවා කියන එකද? එහෙම වුණොත් කෑම ඔතන්නේ කොහොමද? මිනිසාට සහ සතුන්ට හිතකර පිටි වර්ගයක් කියන්නේ කෑමත් එක්ක ගිල්ලට කමක් නැහැ කියන එකද? එහෙම වුණොත් කෑමේ රස වෙනස් වෙන්නේ නැද්ද?

:       11       125

PerakumSaturday, 02 September 2017 08:40 AM

ඉතා වැදගත් අදහසක්... කරුණාකර ඉක්මන් පිළිතුරක් ලැබුනොත් හොඳයි.

:       2       31

DiniduSunday, 03 September 2017 08:31 AM

නියම ප්‍රශ්නයක්...

:       0       8

Dinidu Sunday, 03 September 2017 08:33 AM

ඇත්ත, නියම ප්‍රශ්නයක්.. ඉක්මණින්ම පිළිතුරු දෙන්න.

:       0       13

sakalabujanSunday, 03 September 2017 07:40 AM

ඕක පිටි වෙනුවට දියකරලා බොන්න බැරිද?

:       24       14

සමන් - ඕමානයSunday, 03 September 2017 07:57 AM

පළමුවෙන්ම, මෙම අදහස ක්‍රියාත්මක කල ශ්‍රී ලාංකික වරලත් සිවිල් ඉංජිනේරු අමිල් ප්‍රියන්ත මහතාට අපගේ ස්තුතිය හා සුභාශිංසනය!. එම නිෂ්පාදනය ව්‍යාපාරික මට්ටමෙන් රටට හඳුන්වාදීමට එතුමාට ශක්තිය ධෛර්යය හා සියළු පහසුකම් ලැබේවායි පතමු. එමෙන්ම, අලුත් දෙයක් හඳුන්වාදීමේදී නොයෙක් ගැටළු ප්‍රශ්න ඇතිවේ. ඒවාට විසදුම්ද සොයාගත හැක. මෙහි ඉහත අදහස් දැක්වූ මහතා ඉදිරිපත්කල කරුණු වලට විසඳුම් ප්‍රියන්ත මහතා සොයාගෙන ප්‍රතිකර්ම යොදනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

:       1       71

senaSunday, 03 September 2017 08:44 AM

තමුන්නාන්සේ පොලිතීන් ගැන ප්‍රශ්න කරන්නේ නැත්තේ මොකද?

:       12       0

අනුරSunday, 03 September 2017 09:00 AM

ඉතා පැහැදිලිව කියා තිබෙනවා එය දියවෙන්නේ උණු ජලයේ පමණයි. කෑම මඳ රස්නයෙන් එතීමට හැකි වියයුතුයි.

:       0       25

C.K.Lankaputhra Saturday, 02 September 2017 11:33 AM

වැඩේ නම් නරකම නැහැ. නමුත් මේ ව්‍යාපෘතිය නිසා මඤ්ඤොක්කා, බඩ ඉරිගූ වැනි පිටි, හාල් පිටි, අර්තාපල් වැනි අහාර ද්‍රව්‍ය වල මිල අපට හිතන්නවත් බැරි වෙයිද?

:       0       13

hesa Saturday, 02 September 2017 03:23 PM

සංකීර්ණ ක්‍රියාවලියක් වගේනේ. ඇත්ත උණු උණුවේම බත් ඔතල පරීක්ෂණ කරල බලනවා නම් හොඳයි

:       0       11

sakalabujan Sunday, 03 September 2017 07:41 AM

ඕක පිටි වෙනුවට දියකරලා බොන්න බැරිද?

:       65       1

muththaMonday, 04 September 2017 10:18 AM

පුළුවන්! රොටි හදලා කන්නත් පුළුවන් !!

:       0       7

abaran Sunday, 03 September 2017 09:51 PM

බඩගිනි වෙලාවට කෑම නැත්නම් කන්ටත් පුළුවනි.

:       0       2

kavishka nilupul Monday, 04 September 2017 02:35 PM

මේ වගේ දෙවල් තමයි වෙන්න ඕනෑ... ඉතා ඉක්මණින් හොඳ පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මීට කලින් වෙන්න තිබුණු දෙයක්...

:       0       2

NIRESH Tuesday, 05 September 2017 05:05 AM

ඉතාම අගයකලයුතු සොයාගැනීමක්. නමුත් දුකට කරුණ නම් තවමත් රජයෙන් කිසිම වගකිවයුතු පුද්ගලයෙක් කිසිම ප්‍රකාශයක් මේක ගැන කරපු නැති එක. මොකද මම හිතන්නේ කොමිස් ගහන උන්ට කිසිම දෙයක් නැති වෙනවනේ. ඔබ තුමාට අපේ රටින් කිසිම සැලකීමක් නැත්තන් පිට රටකට ගිහින් හරි ඔබේ දැනුම මිනිස්සුන්න්ට බෙදල දෙන්න.

:       0       0

thilan Tuesday, 05 September 2017 06:37 PM

මේක ලංකාවේ හොයාගත් දෙයක් නොවේ , ඔය අමුද්‍රව්‍ය වර්ගය මීට වරස ගානකට කලින් හොයත් දෙයක් . නිකන් බොරුවට අද හොයාගත්ත වගේ පෙන්නනවා , ඔය දිරන පොල්ය්තෙනේ එකේ අමුද්‍රව්‍ය පොලි විනය්ල් alcohol . ඕක චීන සමාගම් කිහිපයක් නිෂ්පාදනය කරනවා ඔය අමුද්‍රව්‍යට ලෝකේ පිළිගත් සහතික නොමැත . නිකන් බොරු මාද්‍ය සන්දර්ශන මේවා නොදන්නා කට්ටියට මජික් වගේ .

:       1       2

සංජය අනුරාධ Tuesday, 05 September 2017 10:25 PM

වැඩේ හොඳනම් නිෂ්පාදනය කරන්න. අපි ගන්නවා.

:       0       0

dhanapala bandara Wednesday, 06 September 2017 12:42 AM

තහනමට දක්වන උනන්දුව මේවගේ දෙකට නැත්තේ ඇයි......

:       0       0

කෑගල්ලේ - සමනයා Thursday, 07 September 2017 03:58 AM

මිල කොහොම වෙයිද? බැග් එකක් රුපියල් 20ක් වත් වෙයි වගේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 60 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 43 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 70 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site