( තිලකරත්න දිසානායක)
රජය මගින් පොලිතීන් භාවිතය තහනම් කොට ඇති පසුබිමක නොදිරන පොලිතීන් වෙනුවට ආදේශකයක් ලෙස දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් කෙටි කලකින් දිරාපත්වන දැනට පොලිතීන් වශයෙන් භාවිතයේ පවතින සෑම වර්ගයක්ම නිෂ්පාදනය කිරීමට වරලත් සිවිල් ඉංජිනේරුවරයකු වන අමිල් ප්‍රියන්ත මහතා සමත්ව ඇත.
රජය මගින් දැනට තහනමට ලක්කොට ඇති පොලිතීන් නිෂ්පාදනයන් මගින් මිනිසාට සත්වයාට සහ පරිසරයට සිදුවන හානිය අති විශාල බැවින් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මාස කිහිපයක් තුල අමෙරිකාව , චීනය, කැනඩාව , සිංගප්පුරුව , ඉන්දියාව වැනි රටවල සංචාරය කරමින් ලබා ගත් අත් දැකීම මත ඒ වෙනුවට දිරාපත් වන සහ දියවී යන නිෂ්පාදනයන් ඉදිරිපත් කිරීමට හැකිවු බව ප්රිචයන්ත මහතා මාධ්යදයට පැහැදිළි කරමින් පැවසීය.
මෙරට දිනකට පොලිතීන් ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් අධික ප්‍රමාණයක් භාවිතා කෙරෙන බැවින් මෙය තහනම් කිරීමේදී ඒ වෙනුවට කෙසෙල් කොළ සහ නෙළුම් කොළ වැනි දෑ භාවිතයට ගත හැකි බව යෝජනා වුවද ප්‍රායෝගිකව මෙහි පවතින අපහසුතාවය මත රටේ අවශ්‍යතාවය සපුරා ගැනීම පිණිස මෙරටින් අමුද්‍රව්‍ය භාවිතා කරමින් සියයට සීයක්ම දිරාපත්වන නිෂ්පාදනයන් කිරීමට " ග්‍රීන් ශ්‍රී ලංකා එකෝ සයන්ස් සහ පෞද්ගලික සමාගම " යටතේ දැනටමත් පියවර ගෙන ඇති බව හෙතෙම සදහන් කළේය.
දැනට පොලිතීන් මගින් නිෂ්පාදනය කොට වැඩි වශයෙන් භාවිතා කරනු ලබන සිලි සිලි බෑග්, ලන්ච්ෂීට්, බීම බට වර්ග, යෝගට් කප්, රිජි ෆෝම් පෙට්ටි වැනි ඕනෑම වර්ගයක් මෙලෙස නිෂ්පාදනය කිරීම පිණිස මෙරට අවශ්‍ය පරිදි වගා කළ හැකි මඤ්ඤොක්කා , බඩ ඉරිගූ වැනි පිටි , හාල් පිටි , අර්තාපල් වැනි දෑ මගින් සකසා ගනු ලබන පිටි වර්ග ඇතුලු තවත් දේශීයව ලබාගත හැකි අමු ද්‍රව්‍ය යොදා ගන්නා බවත් මේවා භාවිතා කරමින් කරනු ලබන නිෂ්පාදනයන් උණු කළ ජලයේ ක්ෂණයකින් දියවීම මෙන්ම මාස 3 මාස 6 ක් තුළ දිරාපත්වන තත්ත්වයට පත්වන බවත් මාධ්‍ය හමුවේ පැහැදිලි කරමින් ප්‍රියන්ත මහතා පැවසීය.
හිතකර පිටි වර්ග යොදා ගනිමින් මෙම නිෂ්පාදනයන් කරන බැවින් මිනිසාට සතුන්ට මෙන්ම පරිසරයට කිසිදු හානියක් නොවන බව පෙන්වා දුන් ඔහු එය තහවුරු කරනු ලැබුවේ උණු කරන ලද ජලයෙහි බෑගයක් මද වේලාවක් තැබීමෙන් දියවී ගිය පසුව එම ජලය පානය කර පෙන්වීමෙනි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාද වී හෝ මෙවැන්නක් හඳුනා ගැනීම සතුටට කරුණකි. මීට වසර කිහිපයක සිට මෙම නිෂ්පාදනය ඉතාලියේ භාවිතයේ පවතී. වෙළඳසැල් වල පමණක් නොව නිවාසවලින් බැහැර කරන දිරන සුළු කුණු කසළද මෙසේ නිෂ්පාදිත බෑග් වල බහා බැහැර කළ යුතු බවට නීතිය මඟින් කටයුතු කර ඇත. ජනතාවද බොහෝදුරට එයට සහයෝග දක්වන්නේ අපි මෙන් කටින් පමණක් පරිසර හිතකාමීන් නිසාද යන්න නොදනිමු. කොහොම වුනත් මේ මහතාගේ උත්සාහය ව්‍යාපාර මට්ටමින්ද හොඳ පටන් ගැනීමකි. රටට වැඩදායක සැමට අපි සුබ පතමු.
හොඳ නිර්මාණයක් රජය උදව් කරන්න ඕන මේවගේ නිෂ්පාදන වලට
ප්‍රශ්නයක් හරහා නිර්මාණයන් බිහිවෙන අන්දම ප්‍රකට කරන එක් උදාහරණයක්. මෙය තමා බොහෝ කලකට ඉහතදී සිදුවෙන්න තිබුනේ. මහා පරිමානයේ ව්‍යාපාරිකයා තමන්ගේ නිෂ්පාදනය තුලින් පරිසරය විනාශ කළත් පාලකයින් ඒ ගැන කතා නොකළේ ද්‍රෝහීන්ගෙන් මාස් පතා ලැබෙන "සන්තෝෂම්" නිසා බව ජනතාව නොදන්නවා නොවේ. මේ නිමැයුම් කරුවා ට අත හිත දෙන්න රජය ජාතික මට්ටමින් වැඩ පිළිවෙලක් දියත් කල යුතුයි.
ලක් පුතනි ඔබට ජය. මේ වගේ අයයි මැති සබයට යායුත්තේ...
ලන්ච්ෂීට් සම්බන්ධව ප්‍රශ්නයක් අහන්නේ. ජලයට දියවෙනවා කියන්නේ හොද්දටත් (දියර වල ) දියවෙනවා කියන එකද? එහෙම වුණොත් කෑම ඔතන්නේ කොහොමද? මිනිසාට සහ සතුන්ට හිතකර පිටි වර්ගයක් කියන්නේ කෑමත් එක්ක ගිල්ලට කමක් නැහැ කියන එකද? එහෙම වුණොත් කෑමේ රස වෙනස් වෙන්නේ නැද්ද?
වැඩේ නම් නරකම නැහැ. නමුත් මේ ව්‍යාපෘතිය නිසා මඤ්ඤොක්කා, බඩ ඉරිගූ වැනි පිටි, හාල් පිටි, අර්තාපල් වැනි අහාර ද්‍රව්‍ය වල මිල අපට හිතන්නවත් බැරි වෙයිද?
සංකීර්ණ ක්‍රියාවලියක් වගේනේ. ඇත්ත උණු උණුවේම බත් ඔතල පරීක්ෂණ කරල බලනවා නම් හොඳයි
ඕක පිටි වෙනුවට දියකරලා බොන්න බැරිද?
බඩගිනි වෙලාවට කෑම නැත්නම් කන්ටත් පුළුවනි.
මේ වගේ දෙවල් තමයි වෙන්න ඕනෑ... ඉතා ඉක්මණින් හොඳ පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මීට කලින් වෙන්න තිබුණු දෙයක්...
ඉතාම අගයකලයුතු සොයාගැනීමක්. නමුත් දුකට කරුණ නම් තවමත් රජයෙන් කිසිම වගකිවයුතු පුද්ගලයෙක් කිසිම ප්‍රකාශයක් මේක ගැන කරපු නැති එක. මොකද මම හිතන්නේ කොමිස් ගහන උන්ට කිසිම දෙයක් නැති වෙනවනේ. ඔබ තුමාට අපේ රටින් කිසිම සැලකීමක් නැත්තන් පිට රටකට ගිහින් හරි ඔබේ දැනුම මිනිස්සුන්න්ට බෙදල දෙන්න.
මේක ලංකාවේ හොයාගත් දෙයක් නොවේ , ඔය අමුද්‍රව්‍ය වර්ගය මීට වරස ගානකට කලින් හොයත් දෙයක් . නිකන් බොරුවට අද හොයාගත්ත වගේ පෙන්නනවා , ඔය දිරන පොල්ය්තෙනේ එකේ අමුද්‍රව්‍ය පොලි විනය්ල් alcohol . ඕක චීන සමාගම් කිහිපයක් නිෂ්පාදනය කරනවා ඔය අමුද්‍රව්‍යට ලෝකේ පිළිගත් සහතික නොමැත . නිකන් බොරු මාද්‍ය සන්දර්ශන මේවා නොදන්නා කට්ටියට මජික් වගේ .
වැඩේ හොඳනම් නිෂ්පාදනය කරන්න. අපි ගන්නවා.
තහනමට දක්වන උනන්දුව මේවගේ දෙකට නැත්තේ ඇයි......
මිල කොහොම වෙයිද? බැග් එකක් රුපියල් 20ක් වත් වෙයි වගේ....