(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව විජයපුර කජු අස්වනු මිල පහත වැටීම හේතුවෙන් ඒවා අලෙවි කරගැනීමට නොහැකිව තමන් දැඩි අර්බුදයකට පත්ව සිටින බව කජු කර්මාන්තයේ නිරතව සිටින කාන්තාවෝ පවසති
ශ්‍රී ලංකාවේ කජු අස්වැන්නෙන් වාර්ෂිකව විශාල අස්වැන්නක් ලැබෙන්නේ වනාතවිල්ලුවෙන් බවත් එය අක්කර 15000ක කට ආසන්න භුමි ප්‍රමාණයකින් මෙටට්‍රික්ටොන් 3000 කට වැඩි බවත් ඔවුහු කියති.
පාස්කු ප්‍රහාරය හමුවේ කඩා වැටුන කර්මාන්ත අතරට කජු අස්වැන්නද එක්වී තිබේ.
වනාතවිල්ලුවට , විජයපුර පිහිටා ඇති සමෘද්ධි කජු ආදර්ශ ගම්මානයේ කාන්තාවෝ බැංකුවලට ණය වී ලබා ගත් මුදලවත් ගෙවා ගැනීමට නොහැකිව සිටිති.
තලා අවසන් කළ හා නොකළ කජු මද ලක්ෂ 50 ක ට ආසන්න තොගයක් නිසි මිලක් නොමැති වීම නිසාත් ඒ සඳහා ගැනුම්කරුවන් නොමැති වීම නිසාත් තවමත් ගබඩා වල තබා ඇතැයි ද ඔවුහු කියති.
වනාතවිල්ලුව විජයපුර බටහිර සමෘද්ධි කජු සැකසුම් ගම්මානයේ එස්.සසිලා සංජීවනී මහත්මිය මේ පිළිබඳව මෙසේ පැවැසුවාය.
“වනාතවිල්ලුව ගත්තාම කජුවලට තමා ප්‍රසිද්ධ .මොකද ඒ තරමට අපේ කජු වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා . අපේ කජු ගෙඩිය පිටතට නොයන්න විජයපුර බටහිර ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් කජු සඳහාම සමෘද්ධි ආදර්ශ ගම්මානයක් පිහිටවන්න කටයුතු කළා .එය ඉතා සාර්ථක වුණා .
අපේ කජු ගෙඩියෙන් පසුගිය කාලවලදී ලාභ ගත්තේ පිට අය නිසා එය අපිට ලැබෙන ක්‍රමවේදයක් තමා සකසා තිබුණේ. ඒ වන විට මද කජු වලට හොඳ මිලක් තිබුනා නමුත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මද අලෙය සම්පුර්ණයෙන් පහත වැටුණා .
මද කිලෝව ඉල්ලන්නේ රුපියල් 1600 , 1700 ට නමුත් අපිට යන වියදම් අනුව අඩුම තරමින් මද කිලෝවක් සඳහා රුපියල් 2000 ක් වත් ලැබුණොත් තමා අපේ වියදම් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ.
අපි බැංකු වලින් ලක්ෂ 10 ත් 15ත් අතර මුදලක් ණය අරන් තමා මේ දෙවල් කරන්නේ .අපි හොද නිෂ්පාදන දෙනවා නම් අපිට හොඳ මිලක් ලැබිය යුතුයි.
කජු ආදර්ශ ගම්මානය ආරම්භ කිරීමට කටයුතු කළ වනාතවිල්ලුව සමෘද්ධි සංවර්ධන අංශයේ ව්‍යාපෘති සහකාර එස්.කේ .ඒ .නලින් සමන්ත මහතා මෙසේ පැවැසීය.
“ ඇත්තටම කජු සංස්ථාවෙන් කරන්න උවමනා වැඩක් එයාල නොකරපු නිසා මම මේ කාන්තාවන් වෙනුවෙන් කරන්න කටයුතු කළා.
මොකද නමට විතරයි කජු සංස්ථාව තිබෙන්නේ එයාලා ලංකාව විතරක් නොවෙයි ලෝකයම දන්න වනාතවිල්ලුව කජු වගාකරුවන් වෙනුවෙන් ඉදිරිපත් නොවීම මට ගැටළුවක් වුණ නිසා මම මේ බව අපේ පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස්තුමා එක්ක කතා කරලා මේ දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කළා .
සමෘද්ධි අධිකාරියෙන් ලක්ෂ 70 ක උපකරණ ප්‍රධානයක් පවා සිදුව තිබෙනවා .මේ කජු ගම්මානයේ 26 දෙනෙකු මේ වන විට කජු සැකසුම් කරමින් සිටින තත්වයකයි මේ අලෙවිය සහ මිල කඩා වැටීම සිදුවුණේ.
අපි ව්‍යාපාරිකයින්ට ආරාධනා කරනවා ලෝකයේම රසම කජු ගන්න වනාතවිල්ලුවට එන්න කියලා .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 200ට කජු ග්‍රෑම් 100ක් අරන් කන්න පුළුවන් ලංකාවේ ඉතාම සීමිත පිරිසකට පමණි. යුරෝපයේත් කජු කිලෝවක් රුපියල් 2000-3000ත් අතර මිලකට ගන්න පුළුවන්.. එමනිසා කජුවලට ඇති ඉල්ලුම අඩුවී ඇත. එමනිසා හොඳම විකල්පය කජු අනවශ්‍ය ලෙස බොරුවට රැස්කරගෙන ඉන්නේ නැතුව විකුණා දමන එක. බොරුවට ගොඩගහගෙන හිටියොත් කජු නරක් වී අහක දැමීමට සිදුවනු ඇත.
කජ්ජ දිහාම බලන් ඉන්නේ නැතුව අතුරු නිෂ්පාදන ගැනත් සිතුවානම් මෙහෙම වෙන්නේ නැහැ. වසර 25 කට පමණ පෙර මිනුවන්ගොඩ කොටුගොඩ ඉන්දියානු සමාගමක් කජු මිලදී අරන් කජු තෙලේ බැද ලෙල්ල ඉවත් කර මදය විකුණන බව මගේ මිතුරෙකු කිවා, ඉන් වසර ගණනාවකට පසුව තමයි දැනගත්තේ කජු ලෙල්ලේ ඇති කාඩනොල් නම් සංඝටකය එක්තරා උෂ්ණත්වයකදී ඒ තෙලේ දියවෙන බවත් එම තෙලෙන් නිස්සරණය කරනු ලැබූ කාඩනොල් ඉන්දියාවට ගෙනගොස් එමගින් ඉතා මිල අධික FRICTION DUST නම් වූ ද්‍රව්‍යය නිපදවා ඉන්දියාව ඒවා අපනයන කරන බවත්. ඒ ද්‍රව්‍යය යොදාගන්නේ ගුවන්යානා සහ මිල අධික වාහන වල බ්රේක් පතුරු වල ඝර්ෂණය පාලනය කිරීම සඳහායි. අදටත් ඉන්දියාව සෙනෙගාලයෙන් ඉතා අඩුමිලට කජු මිලදීගෙන ඉන්දියාවට ගෙනවිත් මේ කාඩනොල් නිස්සරණය කර දියුණු රටවලට අතුරු නිපැයුම් විකුනනවා. අපිත් මෙවැනි ව්‍යාපාර ගැන සිතා බැලුවා නම් කජ්ජේ මිල අඩුවීම ඒ තරම් ලොකුවට සිතන්නට වෙන්නේ නැහැ. එමෙන්ම අපේ කජු කර්මාන්තය රැකීමට කියා රටින් කජු ගෙන්වීම ගැන දුක් වන්නට වෙන්නෙත් නැහැ. දැන්වත් කජු ලොක්කෝ මෙවැනි අතුරු නිපැයුම් ගැන සිතුවොත්.....
කජු වවන අනෙකුත් රටවල කිලෝවක සිල්ලර මිල ඇ.ඩො 10 ට වඩා අඩුයි. හැබැයි අපේ තරම් රස නෑ. යුරෝපීයයන් අපේ කජුවලට ඉතා කැමතියි.
බහරේන් වල ලංකා කජු කිලෝවක් රුපියල් 7,440/= මිල වැඩිම කජු ලංකාවෙන්, කව්ද අතරමැදියා කුට්ටිය ගිලින?
රටේ ඉන්න මිනිස්සුන්ගෙන් ලොකු කොටසක් ඉන්නේ තුන් වේල කන්නේ කොහොමද කියල කල්පනකරමින් කජු කිලෝ එකක් රුපියල් 2000 දීලා කන්න පුළුවන් කාටද ?
මොන 2000ද අනේ...රුපියල් 2800,3800,4800 වගේ ගණන් වලට තියෙන්නේ... මගේ අම්මෝ කනවා තියා බලන්නවත් බැහැ.
ඔය නිෂ්පාදන වියදම අඩු කලේ නැත්නම් ඔය ටික විකුණාගන්න ලබෙන්නේ නැහැ. ඩුබායිවලත් කජු තියනවා. කිලෝඑකක් 2000ට කන්න පුලුවන්. ඔයාලට 2000කට අරගෙන පිට විකුණන්න වෙන්නේ කීයටද?
එංගලන්තේ කජු කිලෝවක් ලංකාවේ මුදලින් රුපියල් 2150ක් වගේ. ලංකාවට වඩා ලාභයි. එන්නේ කොහෙන්ද දන්නේ නැහැ. බොහෝවිට ඉන්දියාවෙන්. නමුත් ලංකාවේ ඒවා වගේ රස නැහැ...
මම ඉන්නේ එංගලන්තයේ . මෙහෙත් කජු කිලෝ එක ලංකා මුදලෙන් රුපියල් 1500 කට ගන්න පුළුවන්. එංගලන්තයේ කජු වවනවාද? පසුගිය 17 දා මම කජු කිලෝ 2 ගත්ත. ඒවා ලොකු , පාප්ප වලින් අලවපු කජු නොවෙයි .
එංගලන්තේ නොවේ සිංගප්පුරුවෙත් කජු කිලෝවක් රුපියල් 1500ක් වෙන්නේ නැහැ. මෙහෙ නිෂ්පාදකයම 2000 මදි කියනවා. පොල් ගෙඩියකුත් තොග මිල වෙන්නේ රු. 22ක් විතර. ඔය ඉල්ලන මිල අනුව පොල් ගෙඩියට වඩා කජු මදයක් මිල වෙනවා. අන්තිමට වෙන්නේ මහා පරිමාණයෙන් පිටරටින් කජු ගෙන්නලා මෙහෙ අඩු ගානට දෙන එක. දැනුත් එහෙම තමා අපි කජු කන්නේ. කොයි දෙයත් රටේ ජීවන තත්වය අනුව මිනිසුන්ට ගන්න පුළුවන් මිලකට විකුනන්න ඕනේ. කජු නොකැවට කන්න තව ඕනෙතරම් දේවල් තියෙනවා. මාළු අල්ලන අයත් එහෙම තමා. සහනාධාර දීලත් අපි කන්නේ ඉන්දුනීසියාවේ අල්ලන ලින්නෝ. ලංකාවේ මිනිසුන් නිකම් ඉඳල නැතිනම් පොඩ්ඩක්වත් මහන්සි නොවී ජීවත් වෙන්න බලා ඉන්න ජාතියක්.
ලංකාවේ මේ තරම් බහුලව හැදෙන කජු ලංකාවේම කලුකඩ මිලට විකිණීමේ විපාකය ඕක තමයි. ලංකාවේ මිනිහෙකුට ලංකාවේ හැදෙන කජු ගෙඩියක් ගන්න බැහැ. ඒ තරම් මිල අධිකයි. ඊට වඩා ලාභයි පිටරටකින් ගන්න එක. ඔහොම තමා වෙන්න ඕනෑ.