IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඕමානය-කටුනායක අතර ගුවන්සේවා ඇරැඹෙයි

(ටී.කේ.ජී.කපිල )

ඕමානයේ මස්කට් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් සේවයක් ආරම්භ කළ සලාම් එයා ගුවන් සේවයේ මංගල ගුවන් ගමන් සිදු කරමින් ප්‍රථම ගුවන් යානය අද (25) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගා විය.

ගුවන් නියමු කපිතාන් මොහොමඩ්  අහමඩ් මහතා විසින් යානය  පදවාගෙන පැමිණි අතර , එහි මගීන් 86 දෙනෙකු සහ 07 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් ද පැමිණ තිබුණි .

 ගුවන් ගමන සදහා ඒ.- 320 නියෝ වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය අද (25)  උදෑසන 8.00 ට ඕ.වී.- 431 දරණ ගුවන් ගමන් අංකය යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් ගමන් සේවාව සතියේ සෑම සදුදා , බදාදා , සිකුරාදා සහ ඉරිදා යන දින වල උදෑසන 8.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , යළි එම දින වලම උදෑසන 9.10 ඕමානයේ මස්කට් බලා පිටත්ව යෑමට නියමිතය.



අදහස් (0)

ඕමානය-කටුනායක අතර ගුවන්සේවා ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site