IMG-LOGO

ඉන්දීය සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීමට වැඩසටහනක්

( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී ලංකාවට ඉන්දීය සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ ප‍්‍රාන්ත තුනක  නව සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර ඇත.
 
ඒ අනුව ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්, මහාරාෂ්ට‍්‍ර සහ තමිල්නාඩු ප‍්‍රාන්ත වල එම ඉන්දීය සංචාරකයින් මෙරටට ආකර්ෂණය කරන සංචාරක පැකේජ හඳුන්වාදීමට අපේක්ෂා කරන බව එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී තෙදින කාලයකදී නවාතැන් සඳහා පමණක් ඩොලර් 99ක් අය කෙරෙන සංචාරක පැකේජ හඳුන්වාදීමට සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශ බලාපෙරොත්තු වන අතර එවැනි පැකේජ දස දහසක් අවම වශයෙන් අලෙවි කිරීමට කාර්යාංශය අපේක්ෂා කරන බවද එම නිලධාරියා කීය.
 
 
මෙවැනි ආකර්ශනීය සංචාරක පැකේජ සඳහා ඉන්දීය ජාතිකයින් ගෙන් වැඩි ඉල්ලූමක් පවතින බැවින් මෙම නව සංචාරක පැකේජ වලට ඉන්දීය සංචාරකයින් වැඩිපුර ආකර්ෂණය වනු ඇතැයි සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය කියා සිටී.
 
සාමාන්‍යයෙන් පසුගිය වසරේ දී මෙරට පැමිණි එක් විදෙස් සංචාරකයෙකු විසින් ඇමෙරිකා ඩොලර් 174ක් මුදලක් වැය කරන බවට සංචාරක දත්ත වලින් හෙළි වී ඇති අතර මෙම නව සංචාරක පැකේජ හඳුන්වා දීමේ  වැඩසටහන මගින් රුපියල් බිලියන 1.3ක් උපයා ගැනීමට අපේක්ෂිත යැයි එම කාර්යාංශය වැඩිදුරටත් කියා සිටී.
 
 පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 23ක්  පැමිණි අතර ඉන් වැඩිම පිරිසක් පැමිණියේ ඉන්දියාවෙනි.



අදහස් (11)

ඉන්දීය සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීමට වැඩසටහනක්

prabha Sunday, 10 February 2019 09:57 AM

එක සංචාරකයෙක් ඩොලර් 174 මේ මොන සංචාරකයෝද ? ඔය එන අයගෙන් කී දෙනෙක් අපහු ගිහින් තියෙනවද කියලත් ගණන් හැදුවොත් හොදා

:       0       208

Susa Sunday, 10 February 2019 10:55 AM

මොනවා කරන්නද ප්‍රභා... ඩොලර් 174ක් කීයද කියල තේරුම් ගන් තැතුව...

:       0       6

DM Sunday, 10 February 2019 11:28 AM

මාරු සංචරකයෝ ටිකක් ලංකාවට ගෙන්නගන්න හදන්නේ. මෙහෙමත් මෝඩ නිලධාරීන්.

:       1       286

Nuwan Sunday, 10 February 2019 01:07 PM

ඉන්දියාවෙන් මෙහෙට එන්නේ හිඟන්නු. සත 5ක් වියදම් කරන මිනිස්සු නෙමේ. මේ මිනිස්සුන්ට අමු කැවිලද? යනවකෝ යුරෝපයට, ඕස්ට්‍රෙලියා, ඇමරිකා නිකන් මෝඩ ජෝක් දාන්නේ නැතුව...

:       0       185

duMonday, 11 February 2019 01:33 PM

මේක අපේ සංචාරක කර්මාන්තය නගා සිටු වීමක් හෝ දේශීය ආදායම වැඩි වෙන තීරණයක් නොවේ. ඉන්දියාවේ 80% අධික වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්වය හෝ යම් වෙනත් හේතුවක් නිසා ඇත්තෙන්ම මාත් හේතුව දැන් හරියටම මතක නැහැ ඉන්දියානු වැඩිහිටියන් විදෙස් සංචාරක සඳහා යොමු කරවීම ඉතා සුදුසු බව ඉන්දියානු සෞඛ්‍ය වාර්තාවක් මඟින් පෙන්වා දීම නිසා මේ තීරණය ගත් බව විදෙස් වාර්තා අතර මා දුටුවා. පුදන කොටම කාපි යකා වගේ.. අපේ අයත් ඇම ගිල්ලා. වැඩේ ලෙසිනේ ලකුණු ගන්න.

:       0       9

Lalith Perera Monday, 11 February 2019 04:28 AM

අනේ මෙහෙම මෝඩතීරණ... පිටරට සේවය කරන අපේ රටේ අය මීට වඩා සල්ලි වියදම් කරනවා.

:       0       90

jagath Monday, 11 February 2019 04:32 AM

ඔන්න ඕකට තමයි කියන්නේ සිංහලයාගේ වල සිංහලයා විසින්ම කපාගැනීම කියලා. යනඑන මන් නැතුව සොච්චම් පැදිවලට ගුල්ෆ් යන අනාථවෙච්ච ඉන්දියන් කාරයන් ලංකාවට හේත්තුකරන්න ඕක හොඳ යෝජනාවක් වෙයි. කිසිම සිංහල සංස්කෘතික සැලැස්මක් නැති රටක් මේක. හරිම දුකයි ඒ ගැන. ලංකාවට අලුත් දැක්මක් අවශ්‍යයි. තරුණ අලුත් නායකයෙක් අවශ්‍යයි. 60 පැනපු අය දැන් කෑවා ඇති දැන් මේ රට...

:       0       22

sampath Monday, 11 February 2019 04:49 AM

ලංකාවේ සංචාරකයන් මොවුන්ට වඩා වියදම් කරනවා.

:       0       97

rathnamalala Monday, 11 February 2019 06:29 AM

මෙකේ කමෙන්ට් දාන අයගෙ බුද්දි මට්ටම ගැන දුකයි. ලොකේ කොහෙත් දැන් අඩු මිල සංචාරකයෝ තමයි. වැඩිපුරම චීන ඉන්දියානු ඒගොල්ලො ලොක ජනගහණයෙන් බාගෙකට වැඩිය. මෙතන කමෙන්ට් දාන අය ඩොලර් 99 ක් තියා සත අනූ නවයක්වත් රටට උපයනවද ?

:       271       244

සමන්ත Monday, 11 February 2019 10:52 AM

නියම රටක සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කරන්නේ.. ඉන්දියානුවන් ලංකාවට ආවාම හැසිරෙන විදිහට ඌරන්වත් හැසිරෙන්නේ නෑ... සංචාරක හෝටල් වල වැඩ කරන අයගෙන් අහන්න.. යුරෝපා රටවල ප්‍රවර්ධනය කරන්න ඒක තමයි කල යුතු හොදම දෙය.

:       0       13

siraj salam Monday, 11 February 2019 11:38 AM

තීරුබදු රහිත කොකේන්, කන්ජා ලංකාවට ගෙන්වා ගනිමු... ජයවේවා!!!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 321 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 800 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site