IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සංචාරක උපදේශනවලට සාධාරණ හේතුවක් නෑ - සරත් අමුණුගම

(තිළිණි ද සිල්වා )

සුගියදා ඇතිවූ සිද්ධීන්වලින් අනතුරුව රටේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හෝ කඩාකප්පල්කාරී ක්‍රියා හට නොගත් බැවින්, සංචාරක ක්ෂේත්‍රය ද කිසිදු අපහසුතාවකට ලක් වී නොමැති බව    විදේශ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය .


ඒ නිසා මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් රටවල් කිහිපයක් විසින් නිකුත් කොට ඇති සංචාරක උපදේශනවලට (Travel Advisories) සාධාරණ හේතුවක් නැතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 


අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මෑතකදී නිකුත් කරනු ලැබූ සංචාරක උපදේශන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරටට සංචාරකයන් රැගෙන එන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හා වෙනත් විදේශීය ගුවන් සේවාවල නියෝජිතයන් හමුවූ අවස්ථාවේදීය.


සංචාරක කර්මාන්තය ආරක්ෂා කොට වැඩිදියුණු කිරීම සඳහා රජය පූර්ණ ලෙස ඇපකැපවී සිටින බව ඔහු ප්‍රකාශ කළේය.


 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කොට ඇති සංචාරක උපදේශන, රටේ පවතින සැබෑ තත්ත්වය පැහැදිලි කරදීමෙන් ඉවත් කර ගැනීම සඳහා අදාළ රටවල්වල බලධාරීන්ට පෞද්ගලිකවම කරුණු දක්වන ලෙසට එම රටවල්වලට අක්ත ගන්වා සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන්ට තමන් සිය වර්තමාන ධුරයට පත් වූ තැන් පටන් උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා පැවැසීය.


මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රවර්ධනය කිරීම පිණිස, දිවයිනේ පවතින සාමකාමී වාතාවරණය සම්බන්ධයෙන් එම රටවල්වල සිටින ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිතයන් හා මෙරටට සංචාරකයන් එවන ව්‍යාපාරිකයන් සමඟද එම දූත මණ්ඩල ප්‍රධානීන් නිරන්තරයෙන් සබඳතා පවත්වාගනු ඇත. සංචාරක ප්‍රවර්ධනය විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්ය වැඩසටහනේ ප්‍රධාන අංගයක් බවට පත් කිරීමට තමන් සැලසුම් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

 සාමාන්‍යයෙන් පැමිණෙන ගුවන්යානාවලට අමතරව, ලොව ප්‍රමුඛතම සංචාරක මෙහෙයුම් සමාගමක් වන  TUI ගුවන් සමාගම කොළඹට එක් සතියකට විශේෂ ගුවන් ගමන්වාර 03 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, ඊට අමතරව සංචාරකයන් වැඩිපුර පැමිණෙන වාරයේදී TUI සමාගමේ සුඛෝපභෝගී මගී නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ පෙළේ නියෝජිතයෝ අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

 



අදහස් (3)

සංචාරක උපදේශනවලට සාධාරණ හේතුවක් නෑ - සරත් අමුණුගම

Reality Check Sunday, 04 November 2018 02:38 PM

පච ගහන්න එපා. අනික් රටවල් ඔබ වගේ පටු විදියට ඔවුන්ගේ රට වැසියන්ට සලකන්නේ නැහැ... ඒ අයගේ උපරිම අාරක්ෂාව සහ සුබසාධනය ඉතා වැදගත් නිසා තමයි ඒ සංචාරක උපදේශන නිකුත් කරන්නේ. ඔබ මොනවද ඇමති කාලේ කලේ? අපේ මැදපෙරදිග ශ්‍රමිකයන්ට- විශේෂයෙන් කාන්තාවන්ට අමානුෂික වද හිංසා කරනකොට.. බඩගෝස්තරේ බලා ගත්ත එක විතරයි නේද? කකුල් වෙව්ලුවාද උපදේශන ගැන කතා කරනකොට...?

:       1       183

de silva berlin Sunday, 11 November 2018 11:38 AM

රටට සහ ජනතාවට හෙන ගැහුවත් ඔබලාට කමක් නැහැ , හැමදාම බලයේ ඉඳගෙන පැති මාරු කරගෙන මල්ල පුරවගන්න තමා ඔබල නිතරම බලන්නේ , නමුත් එම රටවල ආණ්ඩු කරන මිනිස්සු එහෙම නොවේ. ඔවුන් තමා රට ගැන සහ පුරවැසියන් ගැන හොඳට සොයා බලා කටයුතු කරනවා , ලංකාවේ දේශපාලන කලබල ඇතිවෙලා ඔවුන්ගේ රටවල පුරවැසියන් අමාරුවේ වට්ටෙන්න ඉස්සරවෙලා ඔවුන් අනතුරු ඇඟවීම කරනවා .

:       0       11

Sathyayaa Sunday, 16 December 2018 02:11 AM

ඉස්සර සරත් අමුණුගම නෙමෙයි දැන් ඉන්නේ. මෙයත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතයක් උනානේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site