IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර ඇරැඹේ

තිළිණි ද සිල්වා 
 
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ආනයන - අපනයන නීති රෙගුලාසි සහ ක්‍රියාපටිපාටි  පිළිබඳ තොරතුරු එකම ස්ථානයකින් ලබා ගැනීම සඳහා ‘‘ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර ’’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කරනු ලැබූ බව කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය කියා සිටී.

 
මෙම  වැඩසටහන හරහා රටෙහි හිතකර ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම, දේශීය හා විදේශික ආයෝජකයින්ට වෙළඳ නීති සහ රෙගුලාසි පිළිබඳ විස්තර ලබා ගැනීමට හැකි වීම, ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ආනයන අපනයන කටයුතු පහසු කරගැනීමේ තොරතුරු ලබාගැනීමට හැකිවන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
 
තවද මෙමඟින් තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි බැවින් මෙමඟින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ද එම ක්ෂේත‍්‍රයන් හි කටයුතු කරන සියලූම පාර්ශවකරුවන්ගේ ද කාලය ඉතිරි වනු ඇතැයි එම අමාත්‍යාංශය පෙන්වා දේ.
 
එහි මෙහෙයුම් ආයතනය ලෙස වාණිජ දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර මේ සඳහා ලෝක බැංකුව සහ ශ‍්‍රී ලංකා  ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දායකත්වය ලබා දෙනු ලැබේ.
 
තවද ශ‍්‍රී ලංකාවේ ආර්ථීකය පිළිබඳ විශ්ලේෂණයක්, ව්‍යාපාර අරම්භක ක‍්‍රියාවලිය, ආනයන අපනයන මාර්ගෝපදේශය මෙන්ම විශේෂ අර්ථික ක්ෂේත‍්‍රයන් පිළිබඳ තොරතුරු, අපනයන සැකසුම් කලාප, දේශ සීමා හරහා වෙළඳාම , ශ‍්‍රී ලංකාව අත්සන් තබා ඇති ජත්‍යන්තර, කලාපීය සහ ද්වීපාර්ශවීය වෙළඳ ගිවිසුම් හා එයට අදාල නීති රෙගුලාසි මෙන්ම ඒවායෙහි ප‍්‍රතිලාභ යනාදී විශේෂාංග ද මෙයට ඇතුලත් වන බව එම අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (2)

ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර ඇරැඹේ

Sanju Monday, 23 July 2018 04:48 PM

කොහෙද තියෙන්නේ ?

:       0       4

Harsha Wednesday, 25 July 2018 10:43 PM

කොහෙද මෙය පිහිටා තිබෙන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site