IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රුපියල තවදුරටත් අවප්‍රමාණය වේ


 
 
(හර්ෂණ තුෂාර සිල්වා)
 

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.29ක් දක්වා අද (11) පහළ ගියේය.  
 
රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. අප්‍රේල් මස 25 වැනි දා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.04ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය. 
 
මේ වසරේ මේ දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.1 කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (11) නිවේදනය කළේය. 
 
රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් (11) සඳහන් කළේය. 
 
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.   



අදහස් (6)

රුපියල තවදුරටත් අවප්‍රමාණය වේ

lalith Friday, 11 May 2018 02:53 PM

ඉතින් හොඳයි නේ? "රුපියල අව ප්‍රමාණ වීමෙන් රුපියල් ‍කෝටි 1690 ක ශුද්ධ වාසියක්" කියල කියනවනේ? තව දිගටම ඔය විදියට වාසි වෙන විදියට අඩු කරගෙන යමු.

:       0       12

sirimal Saturday, 12 May 2018 02:27 AM

අපනයන අදායම නගිනවා !!!

:       23       3

විකුම් රංගන Saturday, 12 May 2018 05:27 PM

ලංකාවේ ඉන්න කුහකයින්ට හා සමාජය නොමග යවන දොස්තර මුදලාලිලාට පින්සිද්ධ වෙන්න මම එංගලන්තෙට ආවා. දැන් මම එංගලන්තේ වෛද්‍ය අධ්‍යාපනය හදාරමින්‍ෙ ජොබ් එකක් කරමින් හා මගේ අයිතියට හිමි නීත්‍යනුකුල පැය විස්සක රැකියාව කරමින් සැලකිය යුතු මුදලක් උපයනවා. එයින් මගේ දෙමව්පියන්ට පවුම් සියයක් ලංකාවට එව්වත් රුපියල් විසි දාහකට වැඩියි. ඉතින් මගේ පර්ථනාව නම්, රුපියල තව තවත් අවප්‍රමාණය විය යුතුයි කියලයි .අනික ඉතින් කාන්තාවන් මැදපෙරදිගට විකුණන අයට කෙසේ වෙතත් ඒ කාන්තාවන්ට හෝ මින් යම් සහනයක් වෙනවනේ. අප වැනි උගත් තරුණයින්ට වටිනාකමක් නැති, තක්කඩින්ට හා ත්‍රීවිලර් අයියලාට වටිනාකම් තියන රටකට කොහෙද පැවැත්මක්? ලෝකයේ සුන්දර මිනිසුන් දැකීමට වාසනාවක් ලද මට, මගේ මව්පියන් මේ රටට ගෙන්වා ගත් දිනට මේ රටට "බායි" කියනවා හැර වෙන මොනා කියන්නද?

:       196       237

ShanakaMonday, 14 May 2018 12:58 AM

කතාව නම් සහතික ඇත්ත.

:       11       48

RanjanMonday, 14 May 2018 12:03 PM

මෙයා දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ගියාට මේ ලෝකේ දැනුමක් නැහැ. ඩොලරයට වැඩියෙන් රුපියල් ලැබුණාට එ්කේ කිසිම වටිනාකමක් නැතිබව රුපියල් 20000ක පවුම් 100ක් ලැබුණට මේ රුපියල් වලින් මොනවා කරන්නද? බඩුමිල විතරක් බැලුවම ඇති මේක තේරුම් කර ගන්න ඔහුට නමුත් 20000ක් ලැබෙන එක හිතලා ඩොලරයේ මිල ඉහළ යන්න කියන්නේ පව්...

:       2       59

dhamneth Monday, 14 May 2018 07:48 AM

පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණ කාලයේදී ජනාධිපතිතුමා කිව්වා පෙබරවාරි 10 දායින් පසු ආර්ථිකය හැසිරවීම එතුමා අතට ගනියි කියා... ගත්තද කියා දන්නේ නැහැ.

:       0       117

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site