IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුං ඇට ආනයනය නවතා දමන බව කෘෂිකර්ම ඇමති කියයි

(මනෝජ් හර්ෂික)

ඉදිරියේදි මුං ඇට ආනයනය සම්පූර්ණයෙන් නවතා දමන බව  කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්  මහතා අද (24) පැවැසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය වාරි ඉංජිනේරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

‘‘අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර පහලොස්දාහක විශේෂ ව්‍යාපෘතියක් මඟින් මුං වගා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව ලබන වසරේ සිට මුං ඇට ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉකුත් වර්ශයේ මෙට්‍රික් ටොන් 10,000ක් පමණ අප ගෙන්වලා තියෙනවා. හම්බන්තොට ඒ නව ව්‍යාපෘතිය සමඟ ඉදිරියේදී මුං ඇට ආනයනය අවශ්‍ය වන්නේ නැහැ. 

ඒ වගේම යාපනය, මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්කවල කෘෂි නවීකරන ව්‍යාපෘතිය මගින්  රටකජු වගා කරලා තියෙනවා. එහි අස්වැන්න මෙට්‍රික් ටොන් 3,000ක් පමණ බලාපොරොත්තු වෙන්න පුලුවන්. 

මෙරටට උඳු ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතරවෙලා තියෙනවා. උඳු ගෙන්වනවානම් රුපියල් දෙසියක බද්දක, පාඩුවට තමයි ගෙන්වන්න වෙන්නේ පිටරටින් උඳු ගෙන්වීම නැවැත්වීම අප ලැබූ ජයග්‍රහණයක් වන අතර ඒක අපේ රටේ උඳු ගෙවියා නඟා සිටුවීමට ලොකු අත්වැලක් ද වෙනවා.

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට කෘෂි විද්‍යාඥයින්ට රටට අවශ්‍ය කෘෂිකාර්මික දත්ත සකසන්න, ආනයනය කළයුතු බෝග, මෙරට නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය කොහොමද කියලා තීරණය කරන්න ගොවීන් දැනුවත් කරන්න මම උපදෙස් ලබා දුන්නා‘‘යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (19)

මුං ඇට ආනයනය නවතා දමන බව කෘෂිකර්ම ඇමති කියයි

Raveendra Friday, 24 May 2019 05:59 PM

අම්මේ හැරී අයියව දැක්ක කල්... අම්මපා කොහෙද අන්තරස්දාන වෙලා හිටියේ..? එ්ත් අපි මේ කල්පනා කරේ ඉන්න පට්ටියේ කලදශාව ඉතාම කෙටි නිසා අලුතෙන් මීහරක් පට්ටියවත් හොයන්න ගියාදවත් කියලා...

:       236       252

rohana kumara mendis Friday, 24 May 2019 06:07 PM

ඒ කියන්නේ මුං ඇට පිටරටින්ද ගෙන්නුවේ? ලැජ්ජයි... අර කෘෂිකර්ම ඇමති රාජගිරියේ සැපට ඉන්නකොට ඔව් ඔව් මුන් ඇට වවන එක මොන ලජ්ජාවක්ද නේද? සුද්දෝ වගේ ඉන්න ඕනෙ නේ...

:       31       163

Dayan Saturday, 25 May 2019 05:00 AM

මේක නම් පැසසිය යුතු කාරණයක්. අපිට අවශ්‍ය හා මෙරට විය හැකි දේවල් වගාකර ගැනීම ඉතාමත් හොඳයි...

:       0       96

kamal Saturday, 25 May 2019 08:52 AM

මුං ඇට..!! බලන්න මොන තරම් රටට වැදගත් තීරණයක්ද? අනේ ඔබතුමන්ලා නැති වුන දවසට අපිට මොනවා වේවිද?

:       20       695

Dilan Saturday, 25 May 2019 09:41 AM

ඊට කලින් පුපුරණ ද්‍රව්‍ය, මත් කුඩු සහ අන්තවාදය ආනයනය කරන එක නවත්වන්න.

:       73       127

himalSaturday, 25 May 2019 05:04 PM

ඇයි ඩිලාන් ඔයා ඒවා ආනයනය කරන්න ගිහින් අහු වුණාද? මනුස්සයෝ මේ කියලා තියෙන්නේ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනය ගැන දෙයක්. ලංකාවේ මුංඇට වගාකරලා හරියන්නේ නෑ කියන එක කෘෂිකර්මයේ ලොක්කන් කීපදෙනෙක් ඇති කරලා තිබ්බ මතයක්... වගාකරලා අස්වැන්න ගන්න හැකි නම්, පිරිවැය අඩු කර ගන්න හැකි නම් ප්‍රශ්නයක් නෑ...

:       0       4

Sumith Saturday, 25 May 2019 03:33 PM

ගොවියන් ඉදිරියේදී ලංකාවට ආනයනය කිරීමට සිදුවේවි... !!!

:       0       0

ranjith Sunday, 26 May 2019 12:42 AM

අර පිටරටින් බාල ගම්මිරිස් ගෙනැල්ලා මේ රටේ දුප්පත් ගම්මිරිස් ගොවියෝ අනාථ කරපු කාලකන්නි ව්‍යාපාරිකයාට නීතිය ක්‍රියාත්මක කරද මේවට නම් පාලකයන්ට හෙන ගහන්න ඕනේ...

:       27       27

sarathMonday, 27 May 2019 05:07 AM

මෙතුමන්ලා තමයි කැබිනෙට්ටුවේ අත උස්සලා සහය දුන්නේ.

:       0       0

anura Sunday, 26 May 2019 10:17 AM

එදා අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වූ කොත්තමල්ලි අඩු කළා වගේ බැරිද මුං ඇටත් ටිකක් අඩු කරලා දෙන්න? නැතිනම් ඉස්සරහට මුං කැවුමත් රිච් කේක් වගේ ගණන් යයි.

:       28       2

isurandi Monday, 27 May 2019 06:58 AM

ඡන්දෙත් කිට්ටු නිසා තව මොන මොනවා නවතියිද කියන්න බැහැ.

:       0       0

kule Monday, 27 May 2019 08:24 AM

මොවුන් ඔක්කොම ඇටනැති සමනල්ලු...

:       8       0

vipula Monday, 27 May 2019 11:27 AM

මේ එක්කම කඩු ආනයනය නවත්වන්න පුළුවන් නම් හොඳයි. එ්කත් දේශීයව නිෂ්පාදනය කරන්න බලන්න. කඩුපණ පොවනකොට සද්දේ ඇහෙන නිසා පොලිසියට ඔත්තුවක් දෙන එක ලේසියි.

:       10       1

lalithm Tuesday, 28 May 2019 02:51 AM

1970-77 කාලයේ අපි බැන බැන වුනත් මොනවා හරි වවල කන්න පුරුදු වුනා. පරිප්පු වෙනුවට පියලි කල කව්පී තිබුන. දැන් ඒවා දකින්නවත් නැහැ. ලංකා කඩල කියල දුඹුරු පාට ඇට වර්ගයකුත් තිබුන. ගරු ඇමතිතුමා මේවා ගැනත් හිතන්න. ගුරු සාටකේ පාට ඇට වර්ගයත් (කුරක්කන්) ඉන්දියාවෙන් නේද ගෙන්වන්නේ.

:       39       2

harish bandari Tuesday, 28 May 2019 07:53 AM

මුං ඇට පැත්තක තියලා ඡන්දෙ තියන්න ජනතාව කියනවා.

:       1       0

janahitha Tuesday, 28 May 2019 07:55 AM

අපි අනාථ කරපු අය මුං ඇටත් අරගෙන ගෙදර පලයවූ - ජනතාව කියනවා

:       0       0

Rajitha Tuesday, 28 May 2019 07:57 AM

අර පිටරටින් බාල ගම්මිරිස් ගෙනැල්ලා විකුණලා ලැබුණ ලාබෙන් මේ රටේ දුප්පත් මිනිසුන්ට බෝම්බ දැමීම නරකද කොහෙද නරකයි කියල තියෙන්නේ.....

:       0       0

janatha anura Tuesday, 28 May 2019 08:01 AM

මේ සබීත නෝනා මුන් ඇට කෑම ඇත හැරලද කොහෙද?

:       0       0

janatha anura Tuesday, 28 May 2019 08:04 AM

මුං ඇට ආනයනය නවතා කඩු ආනයනය කරන්න තවද පැලෝපිය නාල අවහිර කරගන්න අයට දීමනාවක් ගෙවන්න මේ සඳහා අඬු ගෙන්වීමට බදු සහන ලබා දෙන්න මහා ඡන්දෙදි හමුවෙමු උතුමාණනි

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 39 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 116 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 81 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site