IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


එමීර් රාජ්‍යයේ සංචාරයකයන් ගෙන්වා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනක්


 
(තිළිණි ද සිල්වා)
 
එක්සත් අරාබි එමීර්යේ සංචාරකයින් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ඉකුත්දා එරට ප්‍රධාන නගර කිහිපයකදී පැවැත්විණි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ආරම්භ කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන එමීරයේ ප්‍රධාන නගර වන ඩුබායි ,අබුඩාබි සහ සාජා නගර වලදී පැවැත්වේ. ඒ  සඳහා එම කාර්යාංශයේ අධ්‍යක්ෂක (වෙළඳ) මධුභානි පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් 33 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහභාගී වුහ.

මෙම ශ්‍රී ලංකා සංචාරය ප්‍රවර්ධන වැඩසටහන් හා දැක්ම සාජා නුවර රැඩිසන් බ්ලූ හෝටලයේදී ද , අබුඩාබි නුවර ලා රෝයල් මැරිඩේන් හෝටලයේදී ද , ඩුබායි නුවර ක්‍රවුන් ප්ලාසා හෝටලයේදී ද පැවැත්විණි.
 
ගිය වසරේදී පමණ සමස්ත මැදපෙරදිග කලාපීය රටවල් වලින් විදෙස් සංචාරකයින් 78,873 දෙනෙකු පැමිණ තිබූ අතර ,  ඉන් එමිර් ජාතිකයින් 7 136 දෙනෙකු වන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි. එසේම එරට සිට සෑම සතියකට ගුවන් ගමන් වාර 70 ක් සිදු කිරීමෙන් මෙම සංචාරක ප්‍රවර්ධනයට බලපා ඇත.



අදහස් (3)

එමීර් රාජ්‍යයේ සංචාරයකයන් ගෙන්වා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනක්

dil Monday, 30 April 2018 01:56 PM

ඉතුරු ඉඩම් ටිකටත් 'අනේ සාදු'.... ශ්‍රී ලංකන් අරාබි නිසොල්මනේ වැඩි ඈතක නොවේ.

:       0       0

Asanka Monday, 30 April 2018 02:40 PM

මැදපෙරදිග සංචාරකයෝ කියන්නේ අඩු වියදමෙන් රොටි කාලා ඉන්න එන සුද්දෝ වගේ නෙමේ, අත දිගහැරලා සල්ලි විසිකරනවා, අපේ රටේ සංචාරක අංශයට පින නැහැ හරිහමන් වැඩසටහනක් කරලා ඒ මිනිසුන්ව ගෙන්නගන්න

:       0       1

kodikara Thursday, 03 May 2018 11:57 PM

මැද පෙරදිග සංචාරකයෝ ගෙන්න ගන්න දන්නා පිරිසක් සංචාරක ප්‍රවරදන කාර්යාංශයේ නොමැතිකම ලොකු අඩුවක්. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ දක්ෂයින් පිරිසක් සිටියදී නුසුදුස්සන් අලෙවිකරණයේ යෙදීම නිසා ඉදිරියෙදී සංචාරක ක්ෂේත්‍රයේ විශාල පසුබෑමකට ලක් වනු නොඅනුමානයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 85 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 145 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 111 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site