IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එදිරිසිංහ ෆයිනෑන්ස් මූල්‍ය කටයුතු පණ ගන්වන්න ඇමෙරිකාවෙන් ඩො.මි.75 ක්

ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති එදිරිසිංහ ට්‍රස්ට් ෆයිනෑන්ස් සමාගමේ මූල්‍ය කටයුතු යළි පණගන්වමින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 75ක විදේශ ආයෝජනයක් ඊට ලැබෙමින් පවතින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. 

ඒ අනුව ඊ.අටි.අයි.එෆ්.එල් සමාගමෙන් සේවා ලබන තිස්පන්දාහකට අධික මුදල් තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව සහතික කරමින් සිදුකෙරෙන මෙම ආයෝජනය ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ නව පිබිදීමකට හේතුවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පවසති. 

මෙම ආයෝජනය සිදුවන්නේ තැන්පත් මුදල්වලින් සියයට 20ක මුදලක් ජූලි මස 02 වැනි දිනට පෙර තැන්පත්කරුවන්ට ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඊ.අටි.අයි.එෆ්.එල් සමාගමට දන්වා තිබියදීය. 

අදාළ විදෙස් ආයෝජකයා සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වන අතර එම සමාගම දැනටමත් ඩොලර් මිලියන 17ක මුදලක් ඊ.අටි.අයි සමාගමේ මූල්‍ය කටයුතු කළමනාකරණය  වෙනුවෙන් යොදවා ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඉතිරි ඩොලර් මිලියන 58ක ආයෝජන මුදල අප්‍රේල් මස අග සහ මැයි මස මැද භාගය වනවිට ලැබෙන බවත් එය අවකළමනාකරණයට ලක්ව ඇති ඊ.ටි.අයි මූල්‍ය කටයුතු නැවත ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කිරීමට උපකාරී වනු ඇතැයි මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. 

මේ වනවිට ඊ.අටි.අයි මූල්‍ය කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති සේපාල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ත්‍රිපුද්ගල කමිටුවක උපදේශනය යටතේ නියාමනයට ලක්වෙයි. එමෙන්ම මුදල් තැන්පත්කරුවන් සහ මූල්‍ය සමාගම අතර මිත්‍රශීලි සංවාදයක් මගින් අර්බුදය කළමනාකරණයට ද කටයුතු යොදා තිබේ. 

ඒ අනුව ඊ.අටි.අයි.එෆ්.එල් සමාගම තැන්පත්වලින් සියයට 20ක් ජූලි 2 වැනිදා වනවිට ගෙවීමෙන් පසු ඉතිරි තැන්පත් මුදල් ද මහ බැංකුවේ උපදෙස් සහ නියාමනය යටතේ ක්‍රමානුකූලව තැන්පත්කරුවන්ට ලබාදීමට නියමිතය. 

බැංකු නොවන මූල්‍ය සමාගම්වල හටගත් මූල්‍ය කළමනාකරණ ගැටලු අර්බුධකාරී තත්ත්වයකට යෑමට ප්‍රධාන හේතුව වූයේ දුර්මත හා ව්‍යාජ පුවත් නිසා තැන්පත්කරුවන් කලබලයට පත්වීම යැයි ද එම නිසා ඉවසිලිවන්ත මිත්‍රශීලිව සිදු කෙරෙන සාකච්ඡාමය වැඩපිළිවෙළකින් ගැටලුව පහසුවෙන් නිරාකරණය කරගත හැකි යැයි මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. 
(055)



අදහස් (3)

එදිරිසිංහ ෆයිනෑන්ස් මූල්‍ය කටයුතු පණ ගන්වන්න ඇමෙරිකාවෙන් ඩො.මි.75 ක්

bandula Friday, 06 April 2018 08:27 AM

මම හිතන්නේ අර්ජුන් මහේන්ද්‍රන් තමයි ආයෝජනය කරන්නේ..

:       1       54

nayanthi Friday, 06 April 2018 03:31 PM

දුප්පත් අපේ මුදල් දෙන්න.

:       4       57

Sathya Tuesday, 10 April 2018 03:25 AM

මේක සාමාන්‍ය දෙයක්. එක මුල්‍ය සමාගමක්වත් සල්ලි අරන් සේප්පුවල ගෙන ඉන්නේ නෑ. ඒවා ආයෝජනය කරලා තමයි පොලියක් ගෙවන්නේ. මහා බැංකුවෙන් කියන අවම ප්‍රමාණයට ද්‍රවශීල වත්කම් තියාගෙන අනිත් ඒවා ආයෝජනය කරනවා. මොකක්හරි බොරු රාවයක් ගිහිල්ල හැමෝම සල්ලි ඉල්ලුවම වාණිජ බැංකුවකට උනත් එක පාරටම දෙන්න බැහැ. මහා බැංකුව මැදිහත් වෙලා මේ ගැටලුව විසදන එක ගොඩක් වැදගත් නැත්නම් හෙට තව මුල්‍ය ආයතනයකට ඔය දෙය වේවි. මහජනතාවත් බය ඇති පොලි මුදලාලිලා, පිරමිඩ ජාවාරම්කරුවන් මිනිස්සු රවට්ටපු විදිය නිසා.

:       0       5

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 38 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 115 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 80 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site