IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අස්වනු හානිය කෝටි 18000 යි

නාලක සංජීව දහනායක
 
මෙරට පසු අස්වනු හානියෙන් වාර්ෂිකව රුපියල් මිලියන 18000ක පුඩුවක් සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
 
චීන විශේෂඥයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකින් මේ බව අණාවරණය වී ඇතිබවද අමාත්‍යංශය කියයි. 
 
සතුන්ගෙන් සිදුවන හානි, අස්වනු නෙලා ගැනීමේදී සිදුවන හානි මෙන්ම නිසි මිළක් නොමැතිකම නිසාවෙන් ඇතැම්විට වගාවන් අත්හැර දැමීම වැනි කරුණු ඊට බලපාන බවද හෙළිවී ඇත.
 
මෙරට වගාකරන බෝගවර්ග වලින් වාර්ෂිකව සියයට 30ක් රිළවා, වඳුරා, වල් ඌරා, ඉත්තෑවා, මොනරා හා අලියා වැනි වනසතුන් විසින් විනාශකරන බව එම පර්යේෂණයෙන් හෙළිවී තිබේ.
 
එමෙන්ම පසු අස්වනු නාස්තිය හා නියඟය නිසා වගාකරන බෝගවලින් තවත් සියයට 30 ක් පමණ විනාශවේ. ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් සියයට 40 පමණ යොදාගන්නා බවද එම පර්යේෂණයෙන් අනාවරනවී ඇත.
 
මෙම හානිය අවම කර ගැනිම සඳහා නවීන තාක්‍ෂණය යොදාගැනීම, අස්වනු නෙලා ගැනීමේදී භාවිතාකළ යුතු දියුණු ක‍්‍රම හා ඒ පිළිබඳව ප‍්‍රමාණවත් දැනුමක් ගොවීන්ට ලබාදීම මගින් පසුඅස්වනු හානිය අවමකර ගත හැකිබවද චීන පර්යේෂණ කණ්ඩායම පෙන්වාදී තිබේ.



අදහස් (2)

අස්වනු හානිය කෝටි 18000 යි

Kumar (Gulf) Monday, 27 August 2018 06:38 PM

ඊශ්‍රායල්යේ පිහිට පතන්න.

:       0       5

Lanka Wednesday, 29 August 2018 12:23 PM

ඔය වරායට ණය දීලා, ඒ ණයට හිලව් වෙන්න වරාය බද්දට අරගෙන ඉන්න රටේ කට්ටිය කියන දේවල්, ගහන සැලසුම් ගැන එතරම් විශ්වාසයක් තියන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය, සහ මානව හිමිකමක් ගරු නොකරන, තමන්ගේ ලාබ දේම විකුනන්න හදන කට්ටියක්, ඇමෙරිකාව ඒ අයගේ නිෂ්පාදන වලට අලුතෙන් බදු පැනේව්වට පස්සේ නව වෙළදපොලක් හොයන්න උත්සාහ කරනවා. පසු අස්වනු තාක්ෂණයේ උපරිම තත්වයට පත්වී ඇති නෙදර්ලන්තයේ, ඊශ්‍රායලයේ, හෝ ආහාර වර්ග කල්තියා ගැනීමේ සහ වෙළදපොලට ඉදිරිපත් කිරීමේ ප්‍රමුඛයා වන ඇමෙරිකාවේ , වෙනත් මතයන් සහ විධි ක්‍රමද සොයා බලන්න අධ්‍යනය කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site