IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


යූනියන් ඇෂුවරන්ස් සහ නවලෝක රෝහල එක්වී දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ මෙහෙවරක

ඡායාරූපය (වමේ සිට): ට්‍රෙවින් අල්මේදා (යූනියන් ඇෂුවරන්ස්), රසික තිලකරත්න (ආයතනික සම්බන්ධතා ප්‍රධානී - නවලෝක රෝහල් සමූහය), ආචාර්ය ජයන්ත ධර්මදාස (සභාපති - නවලෝක රෝහල් සමූහය), ජූඩ් ගෝම්ස් (ප්‍රධාන විධායක නිලධාරී - යූනියන් ඇෂුවරන්ස්), ලුසීල් ඩයස් (හවුල්කාරීත්ව ප්‍රධානී - යූනියන් ඇෂුවරන්ස් සමාගම) සහ රන්ජුලා ජයතිලක (හවුල්කාරීත්ව කළමනාකාරිනී - යූනියන් ඇෂුවරන්ස්) යන මහත්ම මහත්මීන්.

අලුත උපන් දරුවන්ගේ අනාගතය මූල්‍යමය වශයෙන් සුරක්ෂිත කිරීමට දෙමාපියන්ට අත්වැලක් වීම සඳහා විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ නවලෝක රෝහල පසුගියදා කටයුතු කළේ ය. මේ අනුව නවලෝක රෝහලේදී උපත ලබන දරුවන්ගේ දෙමාපියන්ට එම දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අරමුදලක්, සෞඛ්‍ය ආවරණයක් සහ ඔවුන්ගේ අනාගත සිහින සුරකින සවිමත් අත්වැලක් නිර්මාණය කරගැනීම සඳහා මනා අඩිතාලමක් හිමිවනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා කියා සිටියේ, මෙය දරු උපත සඳහා නවලෝක රෝහල තෝරාගන්නා දෙමාපියන්ට තම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ලැබෙන අගනා අවස්ථාවක් බවයි. “මේ අවිනිශ්චිත කාලසීමාවේදී රටේ දරු පරපුරට රැකවරණය ලබාදීමේ මෙහෙවරට අප ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා. අප සෑම විටම උත්සාහ කරන්නේ ඒ සඳහා අලුත් ක්‍රම සොයාගැනීමටයි. මෙම හවුල්කාරීත්වය නිසා දෙමාපියන්ට කල්තබාම තම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කර, සිතේ සැහැල්ලුවෙන් යුතුව සිටීමට අවස්ථාව ලැබෙනවා.” ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝම්ස් මහතා කියා සිටියේ, සමාගමේ පාරිභෝගික-කේන්ද්‍රීය දැක්ම තුළ, අනාගත පරපුර ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුවන බවයි. යූනියන් ඇෂුවරන්ස් සමාගම හඳුන්වා දී ඇති, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ මූල්‍ය සුරක්ෂිතතාව පදනම් කරගත් විසඳුම් ශ්‍රී ලාංකිකයන්ගේ සිහින සැබෑ කිරීමට මහඟු දායකත්වයක් ලබාදෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මේ අතර යූනියන් ඇෂුවරන්ස් සමාගමේ හවුල්කාරීත්ව ප්‍රධානී ලුසීල් ඩයස් මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළා ය. “රටේ ප්‍රමුඛතම රෝහලක් වන නවලෝක රෝහල සමග අප ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, එම රෝහලේදී උපත ලබන දරුවන්ගේ දෙමාපියන්ට ‘සුරක්ෂිත ඉතුරුම්’ (Protected Savings) සංකල්පය හඳුන්වා දීම සඳහා තැබූ වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙමගින් දෙමාපියන්ට තම දරුවන්ගේ අනාගතය මූල්‍යමය වශයෙන් සුරක්ෂිත කිරීමේ වෑයම කල්තබාම ආරම්භ කිරීමට හැකි වෙනවා. එමෙන්ම මේ යටතේ දෙමාපියන්ට පළමු වාරිකයේ සිටම තම දරුවන් වෙනුවෙන් වත්කමක් නිර්මාණය කිරීමට හැකි වීම වෙනත් කිසිදු මූල්‍ය සේවාවකින් නොලැබෙන ප්‍රතිලාභයක්.”

දරු උපත සඳහා නවලෝක රෝහල තෝරාගන්නා දෙමාපියන්ට විශේෂ වවුචරයක් හිමිවන අතර, එම වවුචරය භාවිතයෙන් දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ මෙහෙවර ආරම්භ කළ හැකි වේ. අධ්‍යාපන අරමුදලක් ගොඩනංවා ගැනීමට, එන්නත් සහ පරීක්ෂණ ආදිය සඳහා ආවරණයක් ලෙස මෙන්ම, අනපේක්ෂිත සිදුවීම් සඳහා මූල්‍යමය රැකවරණයක් ලෙසද මෙය භාවිතා කළ හැක.

“අපගේ සේවාවන් ලබාගන්නා ජනතාවට වඩාත් අලුත් සහ අර්ථවත් වටිනාකම් තිළිණ කිරීමේ උත්සාහයේ කොටසක් වශයෙන් මේ ආකාරයට යූනියන් ඇෂුවරන්ස් සමාගම සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ ආයතන දෙකම දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලාංකිකයන්ට උසස්ම තලයේ සේවාවන් පිරිනැමීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා. මේ හවුල්කාරීත්වය අපගේ සේවාවන්ගේ අගය තවදුරටත් වැඩි කරන පියවරක් වේවි.” නවලෝක හොස්පිට්ල්ස් සමාගමේ අලෙවි ප්‍රධානී රසිකා තිලකරත්න මහත්මිය පැවසුවා ය.

නවලෝක රෝහල යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලකි. අතිනවීන තාක්ෂණය භාවිතා කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විශිෂ්ට මට්ටමේ සෞඛ්‍ය සේවාවන් ලබාදීම සම්බන්ධයෙන් එම රෝහල විශාල ප්‍රසිද්ධියක් උසුලයි.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පිරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2022 මාර්තු මාසය වන විට රු. බිලියන 17.9 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.7 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ රු. බිලියන 58.5 ක ආයෝජන එකතුවක් වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.

 



අදහස් (1)

යූනියන් ඇෂුවරන්ස් සහ නවලෝක රෝහල එක්වී දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ මෙහෙවරක

KITHSIRI SENARATNE Saturday, 06 August 2022 07:50 AM

Good work, But please select poor family from out side ,general hospitals .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 263 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16152 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 586 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site