IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

ළදරුවන්ට ආහාර ලබා දීමේ දී සුරක්ෂිතව කටයුතු කරමු

දරුවාගේ කායික හා මානසික සෞඛ්‍යය සුරක්ෂිතව පවත්වා ගැනීමට ආහාරවල පෝෂණ ගුණයන්  සහය වෙයි. එහිදී පෝෂදායී හා සමබල ආහාර වේලක් දරුවාට ලබා දීම ඉතා වැදගත් වේ.  ළදරුවාගේ ආහාර හා පෝෂණ අවශ්‍යතා සැපිරීමේ දී මෙන්ම දරුවන් හට ආහාර ලබා දීමේ දී මවුපියන් ඉතා වගකීම් සහගතව හා ප්‍රවේසමෙන් කටයුතු කිරීම වැදගත් වේ.

ආහාර ලබා දෙන විට යම් හෙයකින් ධාන්‍ය වැනි ඝන ද්‍රව්‍යයකින් හුස්ම සිර වීමක් ඇති වුව හොත් දරුවාට ඉබේම කැස්සක් ඇති වීම, ශ්වසන අපහසුතාවය, අධික ශබ්දයෙන් හුස්ම ගැනීම වැනි ලක්ෂණ දැකිය හැක. දරුවාගෙන්  සුළු ප්‍රමාණයකින් හෝ කැස්සක් නිරීක්ෂණය වේ නම් හැකි පමණ කහින්නට දරුවාව උනන්දු කළ යුතුය. අවුරුදු 2ට අඩු කුඩා දරුවෙක් නම්, වම් අතේ අත්ල මත දරුවාගේ බඩත් පපුවත් රැඳෙන ආකාරයට දරුවා මුනින් අතට තබා හෝ  වයස  වැඩි දරුවෙක් නම් හිස පහළට සිටින සේ මුනින් අතට රඳවා පිට කොන්දට අනෙක් අත්ලෙන් පහළ සිට ඉහළට යොමු වන ලෙස 05වරක් පමණ තෙරපුම් ලබා දිය යුතුය. එසේ කළ විට හුස්ම හිර වූ තත්වය අඩු වේ නම් හෝ සිර වූ ද්‍රව්‍ය පිටතට පැමිණෙයි නම් දරුවාට කැස්ස හට ගනියි. එසේ නැතහොත් දරුවාගේ බඩ තුළට සහ ඉහළට යොමු වන ආකාරයට දෙඅත් භාවිතයෙන් තෙරපුම් ලබා දෙමින් වාර 05ක් පමණ බඩ තද කළ හැකිය. නිවසේ දී කළ හැකි මෙම මූලික ප්‍රතිකර්මවලට දරුවා යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් හැකි ඉක්මනින් ළඟම ඇති රෝහලට දරුවාව රැගෙන යා යුතුය.

ආහාර විෂ වීමක දී දරුවා වමනය කිරීම, බඩේ අජීර්ණය, මළපහ සමඟ රුධිරය පිටවීම, උණ, ඇතැම් විට දරුවා මලානිකව සිටීම වැනි රෝග ලක්ෂණ හට ගනියි. මෙවන් අවස්ථාවක දී ජලය පමණක් නොව අයන සහිත ජීවනී පානය දරුවාට අවශ්‍ය ප්‍රමාණයට පානය කිරීමට දිය යුතුය. එහෙත් දරුවා ආහාර සහ ජීවනී ප්‍රතික්ෂේප කිරීම, අධික වමනය සහ උණ, මළ පහ සමඟ රුධිරය පිටවීම  අධිකව තිබේ නම් වෛද්‍ය ප්‍රතිකාරවලට ඉක්මනින් යොමු විය යුතුයි.

පහසුවෙන් සරලව ලබා ගත හැකි අධික ශක්ති ජනක කෙටි ආහාරයක් (ස්නැක්) දරුවාට දෙන විට, ඒ කුඩා දෙයින් අධික ශක්තියක් ලැබෙන නිසා ඉක්මනින් කුස පිරෙයි. එහි දී සීනි අධික බිස්කට්, ලුණු අධික කෙටි ආහාර වෙනුවට පෝෂණ ගුණයෙන් පිරි යෝගට්, ත්‍රි පෝෂ වැනි සරල ආහාර දරුවන්ට ලබා දීම සුදුසු වේ.

ආහාරවල මිල අධික නිසා ආහාර රටාවේ වෙනස් වීම් සිදු වීමෙන් මෙම පෝෂණ අවශ්‍යතා සැපිරීම දෙමව්පියන්ට අභියෝගයක් බවට පත්ව ඇත. මන්ද පෝෂණය, විෂම පෝෂණය වැනි සෞඛ්‍ය ගැටලු දරුවාට ඇති වීමට පෙරාතුව,  ඵලදායී හා මනා කළමණාකාරීත්වයෙන් සමබල ආහාර වේලක් දරුවාට ලබා දීමට හැකි නම් එය දරුවාගේ සුරක්ෂිතතාව තවදුරටත් තහවුරු කිරීමට උපකාරී වේ. 

 

Dr. Mahika Udara

වෛද්‍ය නිළධාරී       

(MBBS Colombo)(MSc Community Medicine)

සෞඛ්‍ය අමාත්‍යංශය



අදහස් (2)

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

බද්රානි Thursday, 29 June 2023 06:39 PM

ලංකාවේ උපදින දරුවන්ට සුරක්ෂිත රටක් කොහෙද වැඩිහිටියෝ හදල තියෙන්නේ? ළමයා උපදින්න කලින්ම දෙමව්පියන් අත යම් මුදලක් ඇතිබව වෛද්‍යවරුන්ට වැටහුන හොත්, මුලින්ම මවව සීසර් සැත්කමකට භාජනය කරන්න උපදෙස් දෙනවා. එතනින් පටන් ගන්න සුරාකෑම පාසලකට දරුවාව ඇතුලත් කර ගැනීම දක්වාම දිව යනවා. ඊට පස්සේ ගුරුවරුන් ටියුෂන් හරහා දරුවාව සුරා කනවා. මේක දරුවන්ට උපදින්න තරම් සුදුසු රටක් නෙවෙයි. මේක මිනිස් වෙසින් ඉන්න වල් සත්තු රජකරන රටක්. සත්තු සමග වාසයට හුරුවෙනවා නම් මේ රටේ ඉපදුනාට කමක් නැහැ.

:       0       8

pakeer Sunday, 16 July 2023 09:22 AM

මේකේ ෆොටෝ එකේ නම් ගලෙන් බින්දුව වේවා හේන් ගොවිතැන් කරන පවුලක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site