IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ගෙදර බිම බිමක් පමණක් නොවන බව පෙන්වා දුන් ලයිසෝල් වෙත Effie රන් සම්මානයක්

 

ගෙදර දොර හෝ කාර්යාලයේ බිම පිරිසිදු කිරීම මතක් කළ සැණින් කෙනෙක්ගේ මතකයට එන පළමු නාමය වන්නේ ලයිසෝල් (Lysol) පිරිසිදුකාරකයයි. පිරිසිදු කිරීමට සහ විෂබීජ නැසීම සම්බන්ධයෙන් ලයිසෝල් විශිෂ්ටත්වය ගැන කිසිම විවාදයක් නැහැ.

ඒත් ලයිසෝල්වල විශේෂත්වය එච්චරමද ?

පසුගියදා පැවත්වුණු 2023 SLIM Effie සම්මාන උළෙලේදී රන් සම්මානයක් දිනාගත්ත ලයිසෝල් සන්නාමයක් විදියට තමන්ට කොයි තරම් හොඳින් පාරිභෝගිකයින් හඳුනාගෙන ඔවුන්ගේ හදවත්වලට කොයිතරම් සමීප වෙන්න පුඵවන්ද කියලා ඔප්පු කළා.

ගෙදර බිම කියන්නේ නිකන්ම බිමක් නොවෙයි කියලා පෙන්නපු ලයිසෝල් වල සාර්ථක ගමන ගැන මෙතනින් කියවන්න.

 

 

කීර්තිමත් රෙකිට් බෙන්කිසර් (Reckitt Benckiser) සමාගමේ නිෂ්පාදනයක් සහ පිරිසිදුකාරකයක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රියතම සන්නායමක් වන ලයිසෝල් (Lysol) පසුගියදා පැවත්වුණු  SLIM Effie Awards 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලැබීය. ප්‍රචාරණ සන්නිවේදනයේ දක්වා ඇති විශිෂ්ටත්වය වෙනුවෙන් ලයිසෝල් වෙත මෙම සම්මානය පිරිනමනු ලැබුණු අතර එම සම්මාන උළෙලේදී ප්‍රදානය කෙරුණු රන් සම්මාන පහෙන් එක් රන් සම්මානයක් ලයිසෝල් වෙත හිමි වීම සන්නාමයක් වශයෙන් ලයිසෝල් අත්පත් කරගෙන ඇති විශිෂ්ටත්වය තවදුරටත් සනාථ කරන්නකි. ‘ගෙබිම බිමක් පමණක් නොවන හින්දයි’ යන තේමාව යටතේ ලයිසෝල් විසින් 2023 වසරේදී දියත් කළ ප්‍රචාරණ ව්‍යාපෘතිය මෙලෙස  SLIM Effie Awards සම්මාන උළෙලේදී ඇගයුමට පාත්‍ර වූ අතර එය හුදෙක්ම නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කිරීමෙන් ඔබ්බට ගොස් ප්‍රේක්ෂකයින් සමඟ ආත්මීය තලයක බැඳීමක් ගොඩ නඟාගත් ප්‍රචාරණ වෑයමක් වීම එම ඇගයීමට මූලික වශයෙන් හේතු විය.ගෙබිම බිමක් පමණක් නොවන හින්දයි’ ප්‍රචාරණ ව්‍යාපෘතිය ශ්‍රී ලාංකිකයින් ආර්ථිකමය වශයෙන් දුෂ්කර කාලසීමාවක් පසු කරමින් සිටි සමයක දියත් වුවද ඉතා සාර්ථක ප්‍රථිඵල ලබාදුන් ව්‍යාපෘතියක් විය.

 වෙළඳපොළ තුළ ලයිසෝල් ලබා ඇති සාර්ථකත්වයට එකම හේතුව ලයිසෝල් නිෂ්පාදන වල ගුණාත්මක බව පමණක්ම නොවේ. සන්නාමයක් වශයෙන් පාරිභෝගිකයින්ව ඉතා හොඳින් අවබෝධ කරගෙන ඔවුන්ගේ හදවත්වලට දැනෙන ආකාරයට කථා කිරීමට හැකි වීම ලයිසෝල් සතු විශේෂ හැකියාවක්. මේ සම්මානය හරහා විශේෂයෙන්ම ඇගයීමට පාත්‍ර වන්නේ ලයිසෝල් සතු ඒ සුවිශේෂී හැකියාවයි”, යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් රෙකිට් බෙන්කිසර් සමාගමේ අලෙවි ප්‍රධානී ෂමින්ද පෙරේරා මහතා පැවසීය.

 (Reckitt Benckiser) අලවි සහ සන්නාම කළමනාකරණ කණ්ඩායම 

 

Effie සම්මාන යනු ජාත්‍යන්තර වශයෙන් අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ ඉතා ජනප්‍රිය සහ වැදගත්ම සම්මාන ප්‍රදානයක් ලෙසින් සැළකෙන්නකි. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපෘතිවල නිර්මාණශීලීත්වය මෙන්ම එම ව්‍යාපෘති අත්පත් කරගෙන ඇති ප්‍රථිඵල මත පදනම්ව Effie සම්මාන සඳහා ව්‍යාපෘති තෝරා ගැනීමයිග ලෝකය පුරා වෙළඳපොළ 125 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින් Effie සම්මාන උළෙලවල් 55 කට අධික ප්‍රමාණයක් පැවෙත්වෙන අතර එම සියලුම සම්මාන උළෙලවලදී යොදා ගැනෙන සම්මාන සඳහා තෝරා ගැනීමේ ක්‍රමවේදය එකම දැඩි ක්‍රමවේදයක් වන නිසා ඕනෑම සම්මාන උළෙලකදී ලබන Effie සම්මානයක් සැබැවින්ම ජාත්‍යන්තර ජයග්‍රහණයකි. රෙකිට් බෙන්කිසර් සමාගමේ සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා සන්නාම කළමනාකාරිණිය වන තුෂිණි රණසිංහ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ  මෙම  විශේෂ ජයග්‍රහණය සමරන අතරම ඊට දායකත්වය ලබාදුන් අපේ සන්නිවේදන සහකරුවන් විශේෂයෙන්ම මතක් කළ යුතුයි, ඒ වගේම ඉතා දුෂ්කර ආර්ථික තත්ත්වයන් යටතේ පවා ලයිසෝල් සමඟ රැඳී සිටි හිතවත් පාරිභෝගිකයින්ටත් අපේ කෘතවේදීත්වය පළ කර සිටිනවා”.

‘ගෙබිම බිමක් පමණක් නොවන හින්දයි’ ප්‍රචාරණ Phoenix Ogilvy (Pvt) Ltd, Geometry Global (Pvt) Ltd සහ Dentsu Grant Group යන ප්‍රචාරණ ආයතනවල දායකත්වයෙන් දියත් වුණු ප්‍රචාරණ ව්‍යාපෘතියකි.

ලයිසෝල් ගැන කීර්තිමත් රෙකිට් බෙන්කිසර් (Reckitt Benckiser) සමාගමේ නිෂ්පාදනයක් වන ලයිසෝල්ල සියවසකට වැඩි කාලයක් තිස්සේ මිලියන ගණනක් පවුල් රෝග ඇති කරන විෂබීජ වලින් ආරක්ෂා කිරීමේ ගෝලීය ප්‍රමුඛයා වී ඇතග ලයිසෝල් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ අවිවාදිත ප්‍රමුඛස්ථානය උසුලයි. කීර්තිමත් රෙකිට් බෙන්කිසර් (Reckitt Benckiser) සමාගම යනු ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකය පුරා අතිශය Air Wick, Dettol, Durex, Harpic, Mortein, Strepsils, Veet වැනි විශ්වාසදායක පාරිභෝගික සන්නාම ගණනාවක් නිෂ්පාදකයා වේ.



අදහස් (0)

ගෙදර බිම බිමක් පමණක් නොවන බව පෙන්වා දුන් ලයිසෝල් වෙත Effie රන් සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 325 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 423 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site