IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


අර්බුදයන් හමුවේ වෙනසක් අපේක්ෂාවෙන්; අවදානමට ලක්වූවන් සිහියේ තබාගෙන.

සමානාත්වතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්රය වෙනුවෙන් ක්යාති වික්රමනායක විසින් මෙම ලිපිය ලියන ලදී.

කෝවිඩ්-19 ව්‍යසනය විටින් විට පනවා තිබුනු ඇඳිරිනීතය (ලොක්ඩවුන්) සහ දිනෙන් දින උග්‍ර වුණු ආර්ථික අර්බුදය, දශක ගණනාවක් තිස්සේ රටේ උග්‍රව පැවති තවත් අර්බුදයක් උත්සන්න කළේය; එනම් දිවයින පුරා පවතින ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයයි. මෙහිදී හිංසනයට ලක්වන වැඩි පිරිසක් කාන්තාවන් වන අතර එය සිදුවන්නෙ ඔවුන්ගෙ සමීපතම සහකරුවෙක් අතින්ය. ව්‍යසන සමයේදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළ පැමිණිලිවල වැඩිවීමක් දක්නට තිබුනු අතර ආර්ථික අගහිඟකම් වැඩිවීමත් සමඟ කාන්තාවන් හිංසනයට ලක්වීමට ඇති ප්‍රවනතාවද වැඩිවෙනු ඇත.

මෙවැනි පසුබිමකදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැලැක්වීමත්, වින්දිතයන්ට  සහයවීමේ හදිසි අවශ්‍යතාවක් පවතී. ආර්ථික අර්බුදය හේතුවෙන් මෙවැනි කටයුත්තකට වෙන්කිරීමට තිබෙන සම්පත් සීමිතයි කියා ඇතැමුන් විවාද කළ නමුත්,  අවදානමට ලක්විය හැකි සහ අවදානමට ලක්ව ඇති කාන්තාවන් ආරක්‍ෂා කිරිමේ ප්‍රවනතාවය සහ වැදගත්කම අවතක්සේරු නොකර යුතුයි. අලුතෙන් සම්පත් ගලා ඒමේ අඩුවක් තිබූ නමුත්  පවතින ක්‍රමයන් වඩාත් කාර්‍යක්ශම කිරීම, වින්දිතයන් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණදීමට වැඩි ප්‍රවනතාවක් ඇති වින්දිතයින්ට මහඟු සහයක් වනු ඇත. දීර්ඝ කාලයක් තිස්සෙ ඔවුන්ගේ අවශ්‍යතා ප්‍රමුඛතා ලැයිස්තුව පසෙකට දමා ඇති හෙයින්, ඔවුන්ගේ අවශ්‍යතා වැඩිවීමත් සමඟ මෙම අවශ්‍යතාවන් පෙරමුණට ගෙන ඒම වැදගත් වේ.

මූලිකවශයෙන් කළයුතු  කාරණා දෙකකි;  එනම් වින්දිතයින්ට ලැබෙන සහාය වැඩිදියුණු විය යුතු අතර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇතිවන මූලික හේතුන් හඳුනාගෙන එවැනි අවස්ථාවන් මුලිනුපුටා දැමීමට පියවර ගතයුතුව තිබේ.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වූ වින්දිතයකුගේ පැමිණිල්ලකට ප්‍රතිචාර දැක්වීමේදී එම  සිදුවීමේ හදිසි අවශ්‍යතාව හඳුනාගත යුතුයි; පැය කිහිපයක හෝ දින කිහිපයක ප්‍රමාදයකින් සම්පූර්ණ ක්‍රියාවලියම අකාර්යක්‍ෂම කරයි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිලිබඳ පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වන වගඋත්තරකරුවන්ට ඔවුන්ට පවරා ඇති කාර්‍යයේ බැරෑරුම්කම සහ එහි වටිනාකම. සහ එවැනි සිදුවීම් වලදී අවදානමට ලක්විය හැකි වින්දිතයෙකුගේ තත්වය කෙරෙහි ඔවුන් පෙන්විය යුතු සංවේදීතාව පහදා දිය යුතුය.            විසඳුමක් වශයෙන් පුහුණුකිරීම් උපුටාගෙන ඇති නමුත් වැඩමුළු සහ සම්මන්ත්‍රණ මගින් පමණක් මෙම වෙනස ඇති කිරීමට නොහැකිය.  පැවරී ඇති කාර්‍යබාරය ගැඹුරුව නිසි ආකාරයෙන් හඳුනාගත් විෂයභාර නිලධාරීන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වුනු වින්දිතයින් සමඟ ගනුදෙනු කිරීමට පත්කර යුතුව තිබේ.

බොහෝ අවස්ථාවල අපරාද නීති පද්ධතියට ප්‍රවේශවීම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් වින්දිතයින් බියගැන්වීමට ලක්කරන අතර එහි අවදානම් රැසක් ද පවතී. එම හේතුවෙන් වින්දිතයින් නීති පද්ධතියට ප්‍රවේශ වන්නේ එහි කාර්‍යක්ශමතාවය ගැන ඔවුන්ට විශ්වාසයක් ඇතිවුවහොත් පමණි.  පරිපාලන පියවර රාශියකට මුහුණදීමට සිදුවීමත්, විවිධ සේවාවන් ලබාගැනීමට තැනින් තැනට යෑමට සිදුවීමෙන් වින්දිතයින්ට නීති පද්ධතියේ සහාය ලබාගැනීමට අධෛර්යමත් කරයි.

අඩපනවූ ක්‍රම තුලින් වින්දිතයින්‍ට ඇතිවන හානිය වැඩිවන අතර ඔවුන්ට අවශ්‍ය සහාය කඩිනමින් නොලැබුනහොත් ඔවුන්ට නැවතත් අපයෝජකයා වෙත යෑමට සිදුවේ. මෙම ක්‍රියාවලිය විධිමත් කිරීමෙන් සහ සියලු සේවාවන් එකම ස්ථානයකට ගෙන ඒමෙන් බියවී සිටින වින්දිතයින්ට නීති පද්ධතියට යොමුවීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත.

පවතින සේවාවන් නවීකරණය කිරීමෙන් ගෘහස්ථ හිංසනයට ලක්වූ වින්දිතයින්ට සැණින් සහායවීමට බොහෝ පියවර ඇත. උදාහරණයක් වශයෙන්  ඍජු දුරකථන සේවාවන් තුලින් වින්දිතයින්ට බොහෝ දුරකට සහායදීමට හැකිවනු නමුත් මෙම සේවාවන් සමහර අවස්ථාවලදී ප්‍රතිචාර නොදක්වයි. මෙවැනි අවස්ථාවලදී මහජනතාව වින්දිතයින්ට සහාය වන්නෙ කෙසේද යනුවෙන් පවත්වන මාධ්‍ය ආවරණ වඩාත් ඵලදායි වනු ඇත. 'උපකාරක සංඥා’ (Signal for Help) [මහපට ඇගිල්ල අල්ල මත තබා අනෙකුත් ඇගිලි උඩට පහලට යැවීම] වැනි හස්ත සංඥා පිලිබඳ වින්දිතයින්‍ට අවබෝධකරදීම තුලින් එවැනි සංඥා මහජනතාවටද හඳුනාගැනීමට උපකාරීවෙයි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇතිවිය හැකි අවස්ථා මුලිනුපුටා දැමීමට සහ එහි අනුපාතයන් අඩුකිරීමට නම් ක්ෂේත්‍රයන් දෙකක් කෙරෙහි අවධානය යොමුවිය යුතුයි; එනම් අධ්‍යාපනය සහ කලහකාරී හැසිරීම්වලට පොලඹවන කරුණු සහ කලකිරීම් වේ. අධ්‍යාපනය තුලින් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ ඒකාකෘති වැලැක්වීමත්, ගැහැණු ළමුන් තරුණ අවදියේ සිටම ඔවුන්ගේ නියෝජනය ප්‍රකාශ කිරීම සහ රැකබලාගැනීමට බලගැන්වීම යෝග්‍යවේ. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට උරදෙන ඒකාකෘති සහ ස්ත්‍රී-පුරුෂ භූමිකාවන් මුල් බැසගෙන ඇති හෙයින් එය වෙනස්කිරීමට නම් පවතින දෘශ්ටිකෝණයන් නවීකරණය විය යුතුව තිබේ. පාසලේ විෂය නිර්දේශ තුලින් පමණක් මෙම ප්‍රතිඵල අපේක්ෂා කිරීමට අපහසු වන අතර ගෘහය, ආගමික ස්ථාන, මාධ්‍ය සහ වැඩිහිටියන්ගේ හැසිරීම් රටා තුලින් ද මෙම අධ්‍යාපනය ලැබිය යුතුයි.

විශේෂඥයින් පවසන අන්දමට කලහකාරී හැසිරීම් ඇතිකිරීමට ප්‍රධාන හේතු දෙකක් වන්නේ ළමා අපයෝජනය සහ ශාරීරික දණ්ඩනයන් සිදුවන අනුපාතයන් වැඩිවීමයි. එම හේතුවෙන් තරුණ අවදියේ සිටම ප්‍රචණ්ඩත්වය යනු තරහා සහ පීඩාවන් පිටත්කිරීමට/ ප්‍රකාශ කිරීමට ඇති නීත්‍යානුකූල මාර්ගයන් ලෙස හඳුනාගෙන තිබීමයි. අනෙකුත් කාරණාව වන්නේ අපයෝජකයෙක් ලෙස සැකකෙරෙන බොහෝ පිරිමි පුද්ගලයින් විවිධ ආර්ථික අපහසුතා හෝ ඇබ්බැහිවීම් තුලින් පීඩා විදින අතර ඔවුන්ගේ හැසිරීම් අවබෝධ කරදුන් නමුත් ඔවුන්ට එම අපයෝජන චක්‍රයෙන් ගැලවීම අභියෝගයක් වේ.

වින්දිතයින්ට මනෝ-සමාජීය උපදේශන සේවාවන් ලබාදීම වැදගත්වන අතර මෙම චක්‍රය බිඳින්නට නම් අනෙකුත් කණ්ඩායම්වලට ද සහාය ලබාදිය යුතුව තිබේ.

මෙම වෙනස්වීම් ඵලදායි වීම  සඳහා අරමුදල් වැඩිපුර එක්‍ රැස් කිරීම අවශ්‍ය වන්නේ නැත. සැබෑ වෙනසක් ඇති කිරීමට ඇති ප්‍රධානතම බාධාව දේශපාලනික උවමනාවක් නොතිබීමයි. අරගලයේදී උද්ධමනයෙන් පීඩා විඳින මිලියනයකට වැඩි ශ්‍රී ලාංකික ජනතාව පාරට එකතුවී වෙනසක් වෙනුවෙන හඬ නැගුවේය. මෙවැනි අවස්ථාවන්වලදී, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වුනු සහ සමාජයෙ තවත් අවදානමට ලක්වී ඇති, තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් හඬක් නගන්නට තරම් හයියක් නැති පුද්ගලයින්ගේ දුක අමතක නොකළ යුතුයි. එමගින් අර්ථවත් වෙනසක් අපේක්ෂා කළ හැකිය.

 



අදහස් (0)

අර්බුදයන් හමුවේ වෙනසක් අපේක්ෂාවෙන්; අවදානමට ලක්වූවන් සිහියේ තබාගෙන.

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 380 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1775 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1607 4

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 919 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 509 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 584 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 380 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1775 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1607 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site