IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමෙරිකානු සරසවිය සමග සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබයි


ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියාය. ඈ පැමිණියේ NSBM හරිත සරසවියටත් ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලැබීමට නොනිත් ආශාවෙන් පෙළෙන ශ්‍රී ලාංකික දරු දැරියන්ටත් සුබාරංචියක් රැගෙනය. ඇය හරිත සරසවියට ආවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම පිළිගැනීමක් තිබෙන ඇමරිකානු විශ්වවිද්‍යාලය සමග සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබන ගෞරවනීය අවස්ථාවට සහභාගි වීමටය. ඒ නිසා ඇය හරිත සරසවියට පැමිණි ගමන ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබීමට නොනිත් ආශාවෙන් පෙළෙන ශ්‍රී ලාංකික දරු දැරියන්ට ගෙනා සුබාරංචියකි. ඒ සඳහා විශ්වවිද්‍යාල දෙක අතරත්, රටවල් දෙක අතරත් අවබෝධය ඇතිකොට මඟ පෙන්වා දී තිබුණේ වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති ගරු මහින්ද සමරසිංහ මැතිතුමාත්, එතුමාගේ මෙහෙයවීමෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් විසිනි.
හරිත සරසවිය සමග සහයෝගිතා ගිවිසුමකට එළඹුණ ඇමරිකානු සරසවිය 1893 දී පිහිටවනු ලැබූ දැනට වසර එකසිය තිස් දෙකක් පැරණි ඓතිහාසික වටිනාකම් රැසක් රැගත් වොෂිංටන් නගරයේ තිබෙන විශ්වවිද්‍යාලයකි. එය සියවසකට අධික කාලයක් ඇමෙරිකාවේත් ලෝකය පුරාමත් දේශපාලන නීති, ජනමාධ්‍ය සංස්කෘතික සේම ආර්ථික ක්ෂේත්‍රයේ මැදිහත්වීම් කරනු ලැබූ කීර්තිමත් විශිෂ්ටයන් බිහි කළ විශ්වවිද්‍යාලයකි. වසර සියයක් ඉක්මවා විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන යන විට අත්පත් කර ගන්නා ගුණාත්මක හා හරයාත්මක බරසාර වටිනාකම් ලොව කවර විශ්වවිද්‍යාලයකට වුව අත්පත් කර ගැනීම දුර්ලභ කාරණයකි.

ඇමරිකානු විශ්වවිද්‍යාලය මේ සහයෝගිතා ගිවිසුම අත්සන් කළේ ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ විශ්වවිද්‍යාලය සමගය. ඒ නිසා ලොව පිළිගත් නූතන අධ්‍යාපන ක්‍රමවේදයන් ඉතාමත් ඉහළින් ක්‍රියාත්මක කරන ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නූතන ඵලදායී මොඩලය වූ හරිත විශ්වවිද්‍යාලය ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටනයේ ඓතිහාසික විශ්වවිද්‍යාලයක් සමග අත්වැල් බැඳ ගැනීම කාලෝචිතය.

මෙම සහයෝගිතාව හරහා NSBM හරිත සරසවියේ සිසුන්ට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියේ මුල් වසර දෙක ශ්‍රී ලංකාවේදී සහ අවසන් වසර දෙක ඇමරිකාවේ වොෂින්ටනයේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේදී හැදෑරීමෙන් ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් බවට පත් වීමට හැකි වේ. එසේම එය මෙරට දරුවන්ට ලොව පිළිගත් ජාත්‍යන්තර උපාධියක් සාපේක්ෂව ඉතා අඩු පිරිවැයකින් ලබා ගැනීමට පහසු මාර්ගයක් විවර කර දීමකි.

එපමණක් නොවේ, එය NSBM හරිත සරසවියේ උපකුලපති මහාචාර්ය E. A. වීරසිංහ මහතා උසස් අධ්‍යාපනය පිළිබඳව දරන සාර දර්ශනය ක්‍රියාවට නගන NSBM හි ගෝලීය ව්‍යාප්ති ප්‍රයත්නයන්හි ඉදිරි ගමනකි. එය ඉදිරි දැක්මක් සහිතව යන නොනවතින ගමනේ සන්ධිස්ථානයකි. සහයෝගිතා ගිවිසුම අත්සන් කළ තානාපතිනිය තම කෙටි දෙසුම මෙම වදන්වලින් සැරසුවාය.

‘‘මේ හරිත සරසවියට පැමිණ එය ගවේෂණය කරනකොට එය ඉතාම සුන්දර විශ්වවිද්‍යාලයක් බව දැනුණා. හරිත සරසවිය උසස් අධ්‍යාපනයේ සහ නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් හැටියට දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකික සිසුන් පෝෂණය කරලා තිබෙනවා.’’

හරිත සරසවියේ සුන්දරත්වය පිළිබඳ ඉතාමත් සතුටටත්, පුදුමයටත් පත් වුණ ඇමෙරිකානු තානාපතිනිය මේ විශ්වවිද්‍යාල අතර අත්සන් කළ ගිවිසුම නිසා ලාංකික සිසුන්ට ජාත්‍යන්තර ලැබෙන වටිනාකම ගැනද විස්තර කළේ ඉතා සතුටිනි.

මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ NSBM හරිත සරසවිය පාර්ශ්වයෙන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය E. A. වීරසිංහ මහතා වෙනුවෙන් ව්‍යාපාර පීඨයේ පීඨාධිපති සහ වැඩබලන කුලපතිනි තිලිණි ද සිල්වා මහත්මිය සහ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හවුල්කාරිත්ව සහ උපායමාර්ගික මුල පිරීම් අධ්‍යක්ෂ ටෂීනා ගිරෝඩ් මහත්මිය ය.

ඇමෙරිකානු තානාපතිනි ජූලි චෑන්ග් මහත්මිය මෙම ඓතිහාසික සහයෝගිතාව සිහිපත් කිරීමට හරිත සරසවි බිමේ ජාතික වෘක්ෂය වූ නා පැළයක් රෝපණය කළාය. නා පැළය අනාගතයේ විසල් වෘක්ෂයක් බවට පත්ව හරිත සරසවියේ හරිත වර්ණයට එක්වෙමින් මේ සහයෝගිතාව ගැන විශ්වයට කියාපානු ඇත.














අදහස් (2)

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

hemantha Monday, 14 April 2025 11:44 AM

මොකද්ද ඔය කියන වටිනා විශ්ව විද්‍යාලය ?

:       0       0

කුමාර පෙරේරා Thursday, 17 April 2025 02:39 AM

ජූලී චුන්ග් කියන්නේ ලන්කාවේ ආන්ඩුකාරිනිය.... ඈමරිකාවට කෙලවිලා , මෙයා මෙහේ අපේ උන්ව රවට්ටලා මහා ලොකු දෙයක් කරනවා වගේ කරනවා.... අපේ උන්ට ටයි පොලුදාලා හිරකල්ලා ඒ මදිවට....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1818 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1476 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site