IMG-LOGO

Dialog වෙතින් Unlimited YouTube

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC, පළමුවරට ශ්‍රී ලංකාවට Video විප්ලවයක් හඳුන්වාදෙමින් Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර ‘4G Video Blaster’ මොබයිල් ඩේටා පැකේජය හඳුන්වාදී ඇත. මෙම පැකේජය තුළින් පෙරගෙවුම් හා පසුගෙවුම් සියළුම පාරිභෝගිකයන් හට මාසෙටම රු. 249 /- කට තමන්ට කැමති පරිදි ලිමිට් නැතිව YouTube හරහා Unlimited වීඩියෝ නැරඹීමේ අවස්ථාව උදාවේ. ඊට අමතරව අනෙකුත් Apps සහ සේවාවන් සඳහා 3.5GB ඩේටා නොමිලේ හිමිවේ. මෙය Anytime, Night time සහ Anytime 4G බෝනස් ඩේටාවලින් සමන්විත වේ.

‘Dialog 4G Video Blaster’ පැකේජය Dialog 4G SIM පතක් භාවිත කරන, 4G දුරකථනයක් ඇති ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් පාරිභෝගිකයන් හට සක්‍රිය කරගත හැකි අතර, මෙමගින් Standard Definition වීඩියෝ (SD video) ලිමිට් නැතිව නැරඹිය හැක. MyDialog App එක මගින් www.dialog.lk/data වෙත පිවිසීමෙන් හෝ #678# ඩයල් කිරීමෙන් ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් පාරිභෝගිකයෙක් හට දින 30 ක වලංගු කාලයක් සහිත Dialog 4G Video Blaster පැකේජය activate කර ගත හැක. පෙරගෙවුම් පාරිභෝගිකයන් හට රු. 249 ක් රීලෝඩ් කිරීම මගින් ද පහසුවෙන් මෙම පැකේජය activate කර ගත හැක.

මේ පිළිබඳව අදහස් දැක්වූ Dialog Axiata PLC සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, ආචාර්ය රෙයිනර් ඩොයිෂ්මන් මෙසේ අදහස් දැක්වීය.“2020 වසරින් ආරම්භ වන නව දශකය සමඟ, ශ්‍රී ලංකාවේ අංක 1 ජාලය මෙන්ම වීඩියෝ සඳහා හොඳම ජාලය වන Dialog වෙතින් ශ්‍රී ලංකාවේ වීඩියෝ විප්ලවය ප්‍රථම වරට හඳුන්වාදෙනු ලැබුවා. ඒ හඳුන්වාදුන් අපගේ ‘Dialog 4G Video Blaster’ පැකේජය මගින් තමන්ට කැමති පරිදි ලිමිට් නැතිව සහ ඩේටා ගාස්තු නොමැතිව YouTube හරහා Unlimited වීඩියෝ නැරඹීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට උදාකර දී තිබෙනවා. මෑතකදී අප හඳුන්වාදුන් ViU app මගින්ද මෙම නව හඳුන්වාදීමට ගැළපෙන පරිදි Dialog ජාලය තුළ Unlimited Live TV සහ Video-on-Demand සේවාවන්, ජංගම දුරකථනයෙන් හෝ ViU hub පහසුකම සහිත Android TV මගින් ඩේටා ගාස්තු රහිතව නැරඹීමේ හැකියාව උදා කර දී තිබෙනවා.”



අදහස් (0)

Dialog වෙතින් Unlimited YouTube

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 99 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 643 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site