IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහැරීම යන ප්‍රතිපත්තීන් අනුව ක්‍රියා කිරීමට සැරසෙනු ඇත. මෙම ගමනේදී, SLASSCOM දැනුම හා නවෝත්පාදන අංශයන්හි ජාතික පුරෝගාමියා වශයෙන් ක්‍රියා කරමින් ඔවුනගේ දූරදර්ශි ප්‍රතිපත්තිය වන "දැනුම ජ්වලනය, ප්‍රබෝධමත් වර්ධනය" යන ප්‍රතිෂ්ඨාවට අනුව ක්‍රියා කරනු ලැබේ.

 

නවෝත්පාදනයන් තුළින් ආර්ථික වර්ධනය කරා

ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන උපායමාර්ගයන්ගෙන් අවධාරණය කෙරෙන පරිදි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පුළුල් කිරීමේ අවශ්‍යතාව අනුව නවෝත්පාදන සවිබල ගැන්වීම සහ තාක්ෂණය තීරණාත්මක සාධකයන් ලෙස නම් කරනු ලැබේ. මේ අනුව SLASSCOM මෙම දැක්ම ඉදිරියට ගෙනයෑම සඳහා දැනුම හා නවෝත්පාදන අංශයන්හි නව වර්ධනයන්  ඇති කිරීමට කටයුතු කරමින් පවතී. එනයින්, ගෝලීය තරඟකාරීත්වය පෝෂණය කිරීම, කුසලතා වැඩි දියුණු කිරීම , අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ නව රැකියා උත්පාදනය කිරීම උදෙසා වැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අනුව, මෙරට ශ්‍රම බලකාය තාක්ෂණය මත පදනම් වූ ගෝලීය ආර්ථික පරිසරයක් මත නිර්මාණය කිරීමට උත්සුක වනු ඇත.

විශේෂිත පුහුණු වැඩසටහන් හා කලාපීය කුසලතා සංවර්ධන වැඩසටහන් මඟින් මෙරට ආර්ථික විවිධාංගීකරණය වැඩි දියුණු කිරීම සහ එම ගතික පරිසරයට ඔරොත්තු දීම හුරුකරමින් ක්ෂේත්‍රයේ දිගුකාලීන වර්ධනයක් ඇති කිරීමට සමත් වනු ඇත. එම වැඩසටහන් වලට අනුව , සහභාගී වූවන්ගෙන් 60% කට වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශ වලින් පැමිණි අය වන අතර, එමඟින් SLASSCOM හි සාර්ථකත්වය මොනවට විදහා දැක්වේ.

 

අන්තර්කරණය වූ ආර්ථික සහභාගීත්වය ප්‍රවර්ධනය

ජනාධිපතිවරයාගේ ආර්ථික නයාය පත්‍රයේ මූලික ප්‍රතිෂ්ඨාපනය වන්නේ ආර්ථිකයට සක්‍රීය දායකයන් වීමට පුරවැසියන් සවිබල ගැන්වීමයි. ඒ අනුව ක්‍රියාත්මක වෙමින්, SLASSCOM බස්නාහිර පළාතෙන් ඔබ්බට ඇති ප්‍රාදේශීය පළාත් වල ඩිජිටල් ආර්ථිකයේ අවස්ථාවන් ව්‍යාප්‍ත කිරීමට උත්සුක වී ඇත. එමඟින්, ව්‍යවසායකත්ව හා ආරම්භක ව්‍යාපාරයන් පෝෂණය කරමින්, මෙරට ජාතික ආර්ථික වර්ධනයට සහභාගී වීමට පුරවැසියන්ට නව ම‍‍ංපෙත් නිර්මාණය කරඇත.

තවද, කාන්තා තාක්ෂණික ව්‍යවසායකයන්ට ඇති බාධක බිඳ දැමීම හා කාන්තා නායකත්වය හා සහභාගීත්වය ඔප්නැංවීම  කර්මාන්ත තුළ නව පෙරළියක් ඇති කිරීමට ඉවහල් වනු ඇත.

 

සාධාරණව ධනය බෙදාහැරීම පෝෂණය කිරීම.

සමාජ ස්ථාවරත්වය සහ සහජීවනය සාක්ෂාත් කරගැනීම සඳහා ධනය සාධාරණ ලෙස බෙදාහැරීම ඉතා වැදගත් වන අතර, මෙය යථාර්ථයක් කිරීමට SLASSCOM කැපවී සිටියි. සදාචාරාත්මක භාවිතයන්, සාධාරණ වැටුප් සහ තිරසාර ව්‍යාපාර ආකෘති වෙනුවෙන් පෙනී සිටීමෙන් SLASSCOM දැනුම සහ නවෝත්පාදන අංශයේ ආර්ථික ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදාහදා ගැනීම සහතික කරයි.

SLASSCOM හි ආයතනික සමාජ වගකීම් සහ තිරසර භාවිතයන් කෙරෙහි අවධාරණය කිරීම, සමතුලිත සහ සාධාරණ ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා වගකීමෙන් යුතුව යුතුව ස්වාභාවික සම්පත් උපයෝගී කර ගැනීම සඳහා වන රජයේ දැක්ම සමඟ සමපාත වේ.

ජාතික සමුර්දිමත් බව සඳහා වූ පොදු දැක්ම

"දැනුම ජ්වලනය , ප්‍රබෝධමත් වර්ධනය" යන SLASSCOM හි ප්‍රතිපත්තිය නවෝත්පාදන අ‍ංශය උදෙසා බලපාන්නා වූ අඩිතාලමකට වඩා මෙරට අනාගතය උදෙසා වූ සැලැස්මක් ලෙස හඳුන්වා දිය හැකිය. එමෙන්ම, ස්‍රීඝ්‍ර වර්ධනයක්, ස්‍රීඝ්‍ර සහභාගීත්වයක් මූලබීජ වූ සෞභාග්‍යමත් රටක් උදෙසා ඇති රජයේ දැක්ම අනුව යමින්ද නවෝත්පාදනයන්හි ප්‍රගතියද, සමෘද්ධිමත් බවද ඉහළ නැංවීමට SLASSCOM ක්‍රියා කරනු ඇත.

තවද, ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති රටක් බවට සනිටුහන් කරමින්, සෑම පුරවැසියෙකුගේම දායකත්වය පෙරදැරි කරමින් සාධාරණ සහ සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීමට ඇති වගකීම මෙහෙයවීමට SLASSCOM පෙරදැරිව සිටියි.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 598 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 509 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site