IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු .බිලියන 11.7ක දැවැන්ත බදුපෙර ලාභයක් වාර්තා කරයි

Left – SLIC Chairman - Eng.Vijitha Herath, SLIC Chief Executive Officer - Chandana L. Aluthgama

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු.බිලියන 11.7 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 43.2 ක රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා කරමින් 9.7% ක විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ.

රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද , සිය වත්කම් සම්භාරය රුපියල් බිලියන 268 දක්වා සහ ජීවිත අරමුදල රු . බිලියන 152ක් දක්වා ඉහළ නංවාගනිමින් රටේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතන ලෙස සිය ස්ථානය නැවතත් තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.

රටේ වත්මන් ආර්ථික තත්වය හේතුවෙන් අනෙකුත් රක්ෂණ ආයතන මෙන්ම ශ්‍රේණිගත කිරීම "watch negative " ලෙසින් සඳහන් වුවද දිගුකාලීන මුල්‍ය ස්ථාවරත්වය සඳහා AA  ( lka ) ෆිච් ශ්‍රේණිගත කිරීම එලෙසින්ම පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ. තවද AA  ( lka ) ෆිච් ශ්‍රේණිගත කිරීම හිමිකරගෙන ඇති එකම ශ්‍රී ලාංකික රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයි.

එමෙන්ම තවත් ජයග්‍රහණයක් සටහන් කරමින් ශ්‍රී ලංකාවේ වඩාත් අගනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය සහ වඩාත් ජනාදරයට පත් රක්ෂණ සන්නාමය ලෙස අඛණ්ඩව පස්වන වරටත් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඇගයීමට ලක්විය.

2021 වසර තුළ  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ජිවිත රක්ෂණ වාරික ආදායම් අගය රු.බිලියන 19.3 ක සිට රු.බිලියන 21..9ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන අතර එහි වර්ධනය 14.1% ක් වේ. රක්ෂණ ක්ෂේත‍්‍රයේ පුරෝගාමීත්වය තහවුරු කරමින් එම ක්ෂේත‍්‍රය තුල  ප‍්‍රකාශිත වැඩිම බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින්  2021 වසරේදී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජිවිත රක්ෂණ  ඔප්පුහිමියන් වෙත රු.බිලියන 8.6 ක දැවැන්ත මුදලක් බෝනස් දීමනාව ලෙස ලබාදීමට සමත්වූ අතර  මේ අනුව පසුගිය වසර 15 මුළුල්ලේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ප‍්‍රකාශයට පත්කරන ලද අසමසම  බෝනස් දීමනාවන්හි එකතුව රු. බිලියන 73.2 ක අගයක් ගනී.

සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල   ප්‍රමුඛයා ලෙසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ  සිය රක්ෂණ වාරික ආදායම් අගය රු. බිලියන 21.2 දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන අතර එය 5.4%ක වර්ධනයකි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විවිධ රක්ෂණ විසඳුම් හඳුන්වාදීම සහ විවිධ වෙළඳපල සඳහා ප්‍රවේශ වීම තුලින් සියලුම ජන කොටස් සඳහා රක්ෂණ සේවා පහසුකම ලබාදීම සඳහා ප්‍රායෝගික සහ දැරිය හැකි අන්දමේ රක්ෂණ විසඳුම් හඳුන්වාදෙන අතර ශාඛා සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 190කට අධික සංඛ්‍යාවක් සහ 8000කින් සමන්විත පුළුල් රක්ෂණ උපදේශක ජාලය හරහා රක්ෂණ සේවා සපයයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය මෙහෙයුම් ක්‍රියාවලිය සහ පාරිභෝගික අතුරු මුහුණත් ඩිජිටල් තාක්ෂණය සමගින් බලගැන්වීම සඳහා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරනු ලබන අතර පසුගිය වසර තුලදී එහි ස්ථාවර ප්‍රගතියක් අත්කරගෙන තිබේ.  එසේම මෝටර් හිමිකම් ගෙවීමේ ක්‍රියාවලියද වැඩිදියුණු කරමින් පාරිභෝගිකයින්ට පහසු සහ කාර්යක්ෂම හිමිකම් පියවීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සලසා දී තිබේ. එමෙන්ම මෙහෙයුම් පිරිවැය අවම කිරීම සඳහා  කඩදාසි රහිත මෙහෙයුම් ක්‍රියාවලි පද්ධතියක් සඳහා පහසුකම් සලසමින් ආයතනයේ ඩිජිටල් මෙහෙයුම් ක්‍රියාවලීන් වේගවත් කර තිබේ.

මෙම විශිෂ්ට ප්‍රතිපල පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා සඳහන් කලේ " පසුගිය වසර අප අභියෝගාත්මක අවස්ථාවන් රැසක් මධ්‍යයේ වුවද අපගේ රක්ෂණ සේවාවන් අඛණ්ඩව සපයමින් දේශාරක්ෂකයා ලෙසින් අපගේ දේශය වෙත රැකවරණය සැලසීමේ අපගේ වගකීම ඉටුකිරීමට අපට අවස්ථාව ලැබුනා. වසර 60ක විශිෂ්ටත්වය සමගින් අපගේ සේවාවන් පරිවර්තනයකට ලක්වන යුගයක් වෙත ගමන් කරන මෙම අවස්ථාවේ දේශයේ විශ්වසනීය රක්ෂණ ආයතනය ලෙසින් අප ගොඩනගාගෙන ඇති විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යාමට අප ඇප කැප වනවා. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙසින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය පරිසරය ගොඩනැංවීම සඳහා සහ සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා රැකවරණය සලසමින් ඔවුන් සුරක්ෂිත කිරීම සඳහා අප අඛණ්ඩව දායකත්වය දක්වනවා. ශ්‍රී ලංකාවේ  විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතනය ලෙස පරම්පරා ගණනාවක් පුරා දිනාගත් විශ්වාසය තහවුරු කරමින් නව අවශ්‍යතා සඳහා අනුගත වෙමින්  අපගේ සියලුම පාර්ශවකරුවන්ට අගය එක්කිරීමට අප බලාපොරොත්තු වනවා.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා සඳහන් කළේ, “ අතිශයින්ම තරඟකාරී වෙළදපල තත්වයක් සහ සීග්‍රයෙන් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා මධ්‍යයේ වුවද මෙවන් විශිෂ්ට මුල්‍ය ප්‍රතිපලයක් පෙන්නුම් කිරීම අපගේ විචක්ෂණශීලී උපාය මාර්ගික භාවිතයන් සහ විශිෂ්ට සේවා සැපයීම නැවතත් තහවුරු කර තිබෙනවා. අපගේ ව්‍යාපාරයේ සියලුම පාර්ශවකරුවන්ට විශිෂ්ට සේවාවක් සැලසීම සඳහා අප අපගේ උපායමාර්ගික පියවරයන් ඔස්සේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට අප සමත්ව තිබෙනවා. ඉදිරියේදී වඩාත් ශක්තිමත් සහ සුක්ෂම උපායමාර්ග ඔස්සේ අභ්‍යන්තර කාර්යක්ෂමතාවය ඉහල නංවාලමින් සහ ඵලදායිතාවය වැඩිදියුණු කරමින් අනාගතයේ වෙනස්කම් සඳහා මනා සුදානමක් සහිත රක්ෂණ ආයතනයක් බවට පත්වීම සඳහා අප නිරන්තරයෙන් කටයුතු කරනවා.

 



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු .බිලියන 11.7ක දැවැන්ත බදුපෙර ලාභයක් වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න
2025 අප්‍රේල් මස 29 373 0

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර


HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.
2025 අප්‍රේල් මස 29 97 0

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප


ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ
2025 අප්‍රේල් මස 18 1125 0

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස


ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය
2025 අප්‍රේල් මස 11 451 0

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 592 2

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 1148 2

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 373 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 97 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site