අධික හිරු එළියට ඇස් නිරාවරණයවීම හානිකරයි.
මේ දවස්වල අව්ව හරිම සැරයි නේ ද? සමහර වෙලාවට ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබේ රාජකාරි කටයුතු හේතුවෙන් හෝ ගමන් බිමන් යාමේ දී ඔබට එළිමහනේ අව්වේ ඉන්න සිද්ද වෙනවා. දැඩි හිරු රශ්මිය අපේ සමට වගේම ඇස්වලට නරකයි කියලා කවුරුත් දන්නවා. නමුත් අපිට ඇඳුම්, හිසට හිස්වැස්මක් ශරීරයේ එළියට නිරාවරණය වෙන කොටස්වලට හිරු රැස් ආරක්ෂණ ක්‍රීම් එකක් භාවිතා වැනි දේවල් භාවිතා කරල අපේ සම ආරක්ෂා කර ගන්න පුළුවන්. ඒත් අපේ ඇස් අධික හිරු එළියෙන් හානිවෙන්න පුළුවන් කොහොම ද කියලා ඔබ මොහොතක් හිතුව ද?
අධික හිරු එළියේ තියෙන විවිධ අහිතකර කිරණ සමට සහ ඇස්වලට අහිතකරබව ඔබ දැනටමත් දන්නවා. ඒ අහිතකර කිරණ මඟින් ශරීරයේ ඉතාම සංවේදී සෛලවලට හානි කරනවා. ඔබේ ඇස්දෙක කියන්නේත් ඒවගේ ඉතාම සියුම් සංවේදී සෛල විශාල ප්‍රමාණයක් තියෙන අපේ වටිනාම වස්තුවක්. ඇසේ මතුපිට සියුම් සංවේදී පේශීවලට, අක්ෂි කාචයට සහ ඇස් අවට සංවේදී ස්ථානවලට අධික හිරු එළියේ ඇති විවිධ කිරණවලින් හානි වෙන්න පුලුවන්. අපි අපේ ඇස් අධික හිරු එළියෙන් ආරක්ෂා කරගන්න උපරිම වෙහෙසක් දරන්න ඕනේ. ඒ නිසා මේ ගැන දැනුවත් වෙන එක ඉතාම හොඳයි.
ඇස් දෙක අධික හිරු එළියෙන් බේරගන්න දැනට තියෙන හොඳම විසඳුම තමයි නිවැරදි උපදෙස්වලට ගැළපෙන අව්කණ්ණාඩි භාවිතා කිරීම. අව් කණ්ණාඩි පැළඳීම මඟින් ඔබට වාසි කිහිපයක් අත්වෙනවා. ඔබේ ඇස් හානිකර කිරණවලට නිරාවරණය වීම පාලනය කිරීම, දැඩි ආලෝක නිසා වන දැකීමේ අපැහැදිළිතා. උදාහරණයක් විදිහට වැඩියෙන් දිළිසෙන දේවල් නැරඹීමේ අපහසුතාවය මඟ හැරීම, ඇස්වලට පහසුවක් දැනීම මෙන්ම, විලාසිතාවක් ලෙස ඔබේ පෙනුම වැඩිකර ගැනීමට ද අව්කණ්ණාඩි පාවිච්චි කළාම අවස්ථාව ලැබෙනවා.
සාමාන්‍යයෙන් අපි වගේ සමකාසන්න රටවල සියලු දෙනාටම අව්කණ්ණාඩි භාවිතා කිරීම ඇස්වල නිරෝගීකමට ගොඩක් හොඳයි කියලා වෛද්‍ය විශේෂඥයෝ නිර්දේශ කරනවා. මොකද අපේ කලාපයට හිරු රැස් වැටීම ඉතා අධිකයි. අපි නිතර නිතර අව්කණ්ණාඩි පළඳින්න පුරුදුවෙන්න ඕනේ. සෑම කෙනෙකුටම වගේ අතේ තියාගන්න සුදුසුම පළඳනාවක් ලෙස අව්කණ්ණාඩිය හඳුන්වන්න පුලුවන්. සමහරු හිතනවා ඇති අව්කණ්ණාඩි ඉතාම මිල අධිකයි කියලා. නමුත් ඉතාම පහසු මිල ගණන් යටතේ අව්කණ්ණාඩි ලබා ගන්න පුලුවන්. හැබැයි ඊට කලින් දැනගන්න ඕනේ වටිනාම කාරණාව තමයි, අව්කණ්ණාඩි මිලදී ගැනීමේ දී තමන්ගේ ඇස්වල පෙනීමට අදාළ නිවැරදි අව්කණ්ණාඩි දෙකක් තෝරාගැනීම. නිසි ආකාරයෙන් ඇස් දෙක පරීක්ෂා කර ගෙන, ඔබට හරියටම ගැළපෙන අව් කණ්ණාඩි මිලදී ගන්න නම්, ඒකට විශ්වාසවන්ත හරි තැනකට යන්න ඕනේ. මොකද ඔයාගේ ඇස්දෙක තමයි ඔයාට තියෙන වටිනාම වස්තුව. ඒක ආරක්ෂා කරගන්න එක ඔයාගේ වගකීමක්. අව්ව කොච්චර තිබුණත් හානිකර කිරණ කොච්චර ආවත් නිවැරදි ඇස්කණ්ණාඩි දෙකක් දැම්මොත් ඔයාගේ ඇස්දෙක ඔයාට කිසි බයක් නැතුව ආරක්ෂා කරගන්න පුලුවන්. -
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මේ දිනවල පවතින අධික උෂ්ණත්ව සහ දැඩි හිරු එළිය ඇස්වලට ඒතරම් හොඳ නෑ