IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. NSBM හරිත සරසවියේ හවුල්කාර විශ්වවිද්‍යාලයක් වන ප්ලිමත් විශ්වවිද්‍යාලය මෙම ගෞරව ආචාර්ය උපාධිය ඒ මහතාට ප්‍රධානය කරන ලද්දේ AnchorNSBMහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතියේ ඊයේ (දෙසැම්බර් 10) පැවති දෙවන දිනයේදීය.

ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල වසර 35 කට වැඩි වෘත්තීය පළපුරුද්දක් සහිත කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානීවරයෙක් වන මුදලිගේ මහතා 1991 වසරේ සිට වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙස කටයුතු කරයි. ඔහු ICASL, CIMA-UK, ACCA-UK, සහ CPA Australia ඇතුළු ලෝකයේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය ආයතනයන්ගේ සාමාජිකයෙකි. PwC ආයතනයෙහි වසර 25 ක කීර්තිමත් වෘත්තීය කාලයක් ගතකළ ඔහු 2023 දක්වා ආයතනයේ කළමනාකාර සහකරු සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වසර හතක් සේවය කළේය.

ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ද බොහෝ අවස්ථාවන්ගේ කීර්තිමත් භූමිකාවන් හෙබවූ මුදලිගේ මහතා ආසියා පැසිෆික් ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ (CAPA) සභාපති සහ ජාත්‍යන්තර ගිණුම්කරණ අධ්‍යාපන ප්‍රමිති මණ්ඩලයේ සාමාජික වැනි ඉහළ තනතුරු දරා ඇත. ජාතික වශයෙන් ඔහු මූල්‍ය පාලනය සම්බන්ධයෙන් උපදේශකයෙක් ලෙස දායක වී ඇති අතර, SEC, NMRA, සහ BoI වැනි නියාමන ආයතනවල සේවය කරමින් ඩිජිටල් බැංකුකරණය සහ බ්ලොක්චේන් වැනි මුලපිරීම්වලට නායකත්වය දී ඇත.

Anchorමුදලිගේ මහතා ශ්‍රී ලංකාවේ ගණකාධිකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රය සඳහා ලබාදුන් අසමසම දායකත්වය අගයමින් ලොව ඉහළම ශ්‍රේණිගත විශ්වවිද්‍යාලයක් වන එක්සත් රාජධානියේ ප්ලිමත් විශ්වවිද්‍යාලය විසින් මෙම ගෞරව ආචාර්ය උපාධිය ඒ මහතාට පිරිනමනු ලැබුවේය. NSBMහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතියේ දෙවන දිනයේ සුවිශේෂී අංගයක් වූ මේ අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

උපාධි ප්‍රදානෝත්සව සතියේ දෙවන දිනයේ ප්‍රධාන සැසි 3ක් පැවති අතර එහිදී NSBM හරිත සරසවිය මඟින් පිරිනමන ඉංජිනේරු සහ අභ්‍යන්තර නිර්මාණකරණ යන උපාධි පාඨමාලා මෙන්ම ව්‍යාපාර අධ්‍යයන සහ ව්‍යාපාර පරිපාලන යන පශ්චාත් උපාධි හැදෑරූ සිසුන් සිය උපාධිය ලබාගන්නා ලදී. තවද, මෙදින එංගලන්තයේ ප්ලිමත් සරසවිය (University of Plymouth, UK) අනුබද්ධව ව්‍යාපාර විෂය ක්ෂේත්‍රයන්ගෙන් සහ අභ්‍යන්තර නිර්මාණකරණ උපාධි සම්පූර්ණ කළ සිසුන්ට ද උපාධි පිරිනමන ලදී.

උත්සවයේ දෙවන දිනයේ සෑම උපාධි ප්‍රධාන සැසියක් සම්භාවනීය අමුත්තකුගේ සහභාගීත්වයෙන් ආලෝකමත් වූ අතර එහිදී ආරාධිත අමුත්තන් විසින් උපාධිධාරීන් අමතා වටිනා දේශනයක්ද පවත්වන ලදී. එදින ආරාධිත අමුත්තන් ලෙස ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ලෝකප්‍රකට නව නිපැයුම්කරුවෙකු සහ ව්‍යවසායකයෙක් වන ආචාර්ය බන්දුල විජේ මහතා මෙන්ම ප්ලිමත් සරසවියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපතිතුමන් වන මහාචාර්ය ඩැෆිඩ් මුවර් මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ.

එසේම NSBM හරිත සරසවියේ උපකුලපතිතුමන් මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතා, නියෝජ්‍ය උපකුලපතිතුමන් මහාචාර්ය චමින්ද රත්නායක මහතා, අධ්‍යයන සංවර්ධන හා තත්ත්ව සහතික අංශයේ ප්‍රධානීතුමන් මහාචාර්ය J. භරත දොඩංකොටුව මහතා, පීඨාධිපතිවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනෙකුත් ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ උපාධිධාරීන්ගේ දෙමාපියන් ද මෙම අවස්ථාව වර්ණවත් කිරීමට එක් වූහ.

NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතියේ අවසන් දිනය වන හෙට (දෙසැම්බර් 13) දිනයද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී. එදිනට ප්ලිමත් සරසවිය මඟින් පිරිනමනු ලබන පරිගණක උපාධි සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සරසවිය මඟින් පිරිනමන ව්‍යාපාර සහ පරිගණක උපාධි සම්පූර්ණ කළ සිසුන්ට උපාධි සහතික පත් පිරිනමයි. ඒ සඳහා සම්භාවනීය අමුත්තන් ලෙස ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මහා ලේකම් (දේශපාලන සහ ආර්ථික), ආචාර්ය පෝල් සේකොලා මහතා සහ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ - හවුල්කාරීත්ව කරීන් නේරී මහත්මිය ප්‍රමුඛ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඉකුත් සඳුදා (දෙසැම්බර් 09) හෝමාගම පිටිපන NSBM හරිත සරසවි ශ්‍රවණාගාරයේදී ආරම්භ වූ NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතිය තුළ NSBM හරිත සරසවියෙහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු, විද්‍යා සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයන් ඔස්සේ උපාධි පාඨමාලාවන් හැදැරූ 1500 කට අධික සිසුන් ප්‍රමාණයක් සිය උපාධි ලබාගැනීමට නියමිතයි. උත්සවය උපාධි ප්‍රධානය කරන විශ්වවිද්‍යාල සහ ප්‍රධාන විෂය ධාරාවන් අනුව වෙන්කරන ලද ප්‍රධාන සැසි 09 ක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

 



අදහස් (0)

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13543 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site