IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


ඉන්දියානු නිදහස් දිනය නිමිත්තෙන් මහ කොමසාරිස්තුමාගේ පණිවිඩය

H.E. Gopal Baglay

ඉන්දියාවේ 73 වන නිදහස් දින සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානුවන්ටත් මිත්‍රශීලී ශ්‍රී ලාංකික ජනතාවටත් මාගේ සුභාසිංශන එක් කරමි.

එසේම, කොවිඩ්-19 වසංගතයේ අභියෝග ජයගනිමින් මහ මැතිවරණය සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය ජනතාවගේ සුබ පැතුම් ශ්‍රී ලාංකික ජනතාවට පළ කර සිටිමි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විවිධත්වයේ සහ ශිෂ්ටාචාරයේ ගැඹුරත්වය විසින් ආශිර්වාද ලත් ප්‍රජා‍තාන්ත්‍රික රාජ්‍යයන් දෙකකි. මෙම සමීප මිතුරු රාජ්‍යයන් දෙක අතර ශක්තිමත් ආධ්‍යාත්මික සහ සංස්කෘතික බැඳීම් පවතී. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්හි සිට මහත්මා ගාන්ධිතුමාගේ දර්ශනය සහ ගුරුදේව් තාගෝර්තුමාගේ කලාකෘතීන් දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග සහ සම්ප්‍රදායන් ආවේණික අයුරකින් සමපාත වේ. දෙ‍රටෙහි මිත්‍රත්වය සහ බැඳීම අද වන විට ක්‍රිකට්, ආහාර පාන, බොලිවුඩය, බුදු දහම සහ රාමායනය ආශ්‍රිත සංචාරක කර්මාන්තය වැනි විවිධ ක්ෂේත්‍ර තුළින් පිළිඹිබු වීම පුදුමයක් නොවේ.

ප්‍රගතිය සහ සාමය සඳහා වන පොදු අධිෂ්ඨානය තුළින් මෙන්ම අනාදිමත් කාලයක සිට දෙරට ලොව හා සම්බන්ධ කරන භූමියේ සහ සාගරයේ ආරක්ෂාව පිළිබඳ පොදු අභිලාෂයන් සම්බන්ධයෙන් දෙරටෙහි ජනතාව අතර තිබෙන සහයෝගීතාවයේ ශක්තිමත්භාවය තුළින් අද වන විට මෙම ඉපැරණි බැඳීම් තවත් ප්‍රාණවත් වී ඇත.

දෙරටෙහි නායකයන් විසින් මෙම සම්බන්ධතාවය වෙනුවෙන් ලබාදෙන දැඩි කැපවීම සහ ඉහළම ප්‍රමුඛත්වය ඔවුන් විසින් කරනු ලබන නිරන්තර සංචාර සහ අන්තර්ක්‍රියා තුළින් පිළිඹිබු වේ. ‍ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළඳ, ආයෝජන සහ සංවර්ධන සහකරුවකු පමණක් නොව අවැසි අවස්ථාවන්හිදි පිහිටට එමින් පළමුවෙන්ම ප්‍රතිචාර දක්වන මිතුරා බවද නායකත්වයේ මඟ පෙන්වීම විසින් සහතික කර ඇත.

මෑත කාලීන වශයෙන්, ඉන්දියාව විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ තොගද, දෙරටෙහි ප්‍රවීණයන් සහ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර අන්තර්ජාලය හරහා සිදු වූ අන්තර්ක්‍රියාවන්ද කොවිඩ්-19 වසංගතයේ අභියෝග සමනය කිරීමට ඉවහල් වී ඇත. උතුම් වෙසක් සතියේදී, ඖෂධ තොගයක් සමඟින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වශයෙන් දිවයිනට පැමිණීමට ලැබීම මා ලද භාග්‍යයකි. මෑතකදී ඉන්දීය සංචිත බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර එකඟ වූ ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකම ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය හා ප්‍රගතිය වෙනුවන් ඉන්දියාව දක්වන කැපවීම සඳහා තවත් නිදසුනකි.

සෑම අභියෝගයක්ම අවස්ථාවක්ද වේ. කොවිඩ්-19 වසංගතයට එරෙහි ඉන්දියාවේ සටන තුළ ස්වයංපෝෂිත ඉන්දියාවක් වෙනුවෙන් ගන්නා ප්‍රයත්නයන් සහ ආර්ථික පුනර්ජීවනය අරමුණු කරගත් සුවිසල් පැකේජයක් වැනි වැදගත් පියවර දක්නට ලැබේ. පසුගිය මාස තුන තුළ ලොව සෑම කොණකින්ම මිලියනයකට ආසන්න ඉන්දියානුවන් පිරිසක් නැවතත් මව්රටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියානු බලධාරීන් කටයුතු යොදා තිබිණ. ඉන්දියාවෙන් ලැබෙන පණිවිඩය වන්නේ අධිෂ්ඨානයයි; අනාගතය දෙස අපේක්ෂා සහගතව බැලීමයි; කුසලතාවයන් ගොඩනගා ගැනීම සඳහා හැකි සෑම උත්සහයක්ම දැරීමයි.

සැම විටම මෙන්, ඉන්දියාවේ ප්‍රයත්නයන් හි අරමුණ සියලු මිතුරන් සහ සහකරුවන්ගේ සුබසිද්ධිය යි. ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය ඉන්දියාවේ වර්ධනය තුළින් සැමට ප්‍රතිලාභ හිමිවන බවට සහතික වේ. තොරතුරු තාක්ෂණය සහ සංචාරක කර්මාන්තය, විද්‍යාව සහ ආධ්‍යාත්මිකත්වය, අධ්‍යාපනය සහ ක්‍රීඩාව, සෞඛ්‍ය සහ ආරක්ෂාව ආදි එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන් තුළ වර්ධනය වන ඉන්දියා - ශ්‍රී ලංකා සහයෝගීතාවය ඉන්දීය සහ ශ්‍රී ලාංකික ජනතාවගේ මෙන්ම කලාපයේද සාමය සහ සෞභාග්‍යය උදෙසා එක ලෙස දායක වනු ඇත.

එබැවින් මෙම නිදහස් දිනයේදී, අපි “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” එනම් සියලු සත්වයෝ සුවපත් වේවා! යන ප්‍රාර්ථනය සැබෑ කර ගැනීම උදෙසා කැප වෙමු.

 

President H.E. Gotabaya Rajapaksa with President H.E. Ram Nath Kovind at Rashtrapati Bhavan, New Delhi, November 2019

 

President H.E. Gotabaya Rajapaksa with Hon'ble Prime Minister Narendra Modi at Hyderabad House, New Delhi, November, 2019

Hon'ble Prime Minister Mahinda Rajapaksa with President H.E. Ram Nath Kovind at Rashtrapati Bhavan, New Delhi, February, 2020

Hon'ble Prime Minister Mahinda Rajapaksa with Hon'ble Prime Minister Narendra Modi at Hyderabad House, New Delhi, February, 2020​

Hon'ble Minister Dinesh Gunawardena with Hon'ble Minister Dr. S. Jaishankar, New Delhi, January, 2020​

Prime Minister Shri Narendra Modi at St. Anthony's Church, Colombo, June 2019​

Prime Minister Shri Narendra Modi at Dalada Maligawa, Kandy, May 2017​




අදහස් (1)

ඉන්දියානු නිදහස් දිනය නිමිත්තෙන් මහ කොමසාරිස්තුමාගේ පණිවිඩය

සමනලි Thursday, 10 September 2020 11:17 AM

හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32958 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15590 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site