තමිල්නාඩුව හා ශී‍්‍ර ලංකාව අතර මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමේ යෙදෙන ධීවරයින් සම්බන්ධයෙන් එළැඹෙන ජනවාරි 20 වැනිදා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සවිමත් පදනමක් දැමිමට සිරගත කර සිටින ධීවරයින් හුවමාරු කර ගැනිමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවා ඇතැයි ඉන්දියාවේ ද හින්දු වෙබ් අඩවියේ දැක්වේ.
දෙපාර්ශවය අතර ඇති කරගෙන තිබෙන එකගතාවය අනුව ශී‍්‍රලංකාව ජනවාරි මස 13 වැනිදා සිට සිරගත කර සිටින තමිල්නාඩු ධීවරයින් නිදහස් කිරීම අරඹනු ඇත.එයට පිළිතුරු ලෙස තමිල්නාඩුව එහි සිරගත කරගෙන සිටින ශී‍්‍රලාංකික ධීවරයින් 179 දෙනෙක් නිදහස් කරනු ඇති බව වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.
ධීවර ගැටලූවේදී ඉන්දීය බළධාරීන් ශී‍්‍රලංකාවට පක්ෂපාතී බවත් දක්වන්නේයැයි තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් චෝදනා නගා ඇතත් ඇය මේ වැඩපිළිවෙල හා එකඟ වී ඇතැයි වාර්තාවේ වැඩිදුරටත් සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු සීමා වල මාලුවෙක් ඇල්ලීම නෙවෙයි අපිට ඇති ජාතික ප්‍රශ්නය. මේ මුවාවෙන් කරන කුඩු හා රත්රන් ජාවාරම් ගැනයි. ඉන්දියාවට වඩා දෙරටේ මෙම කටයුත්ත ගැන ශ්‍රී ලංකා රජය විමසිලිමත් වීම වඩාත් යෝග්‍යයි.(නදී)
ඉන්දියාව නම් විශ්වාස නැහැ.(නදී)
දීලා දන්නා දීලා දන්නා නැතිනම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ (දී)