සුදු රුධිරාණු වල ඇති කුඹ සෛල ආධාරයෙන් සමෙහි තුවල සුවපත් කළ හැකි ක්‍රමයක් සොයාගැනීම නිසාද පසුව එහි වූ ගැටලූකාරී බව නිසා මුළු පර්යේෂණයම නිශ්ප්‍රභ කිරීම නිසාද ලෝකයේම අවධානය දිනාගත් ජපාන පර්යේෂක පිරිසේ සිටි ප්‍රධාන විද්‍යාඥයෙකු සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.
පර්යේෂණ කණ්ඩායමේ සිටි ප්‍රධාන විද්‍යාඥයෙකු වන යොෂිකි සායි මෙසේ සියදිවි නසාගෙන ඇතැයි සදහන්ය.
සයන්ස් ජර්නලයේ පළවී තිබූ මෙම මුළු පර්යේෂණයම එම පර්යේෂණයේ නිගමනයන් කරා එළැඹීමට යොදාගෙන තිබූ ක්‍රමවේදයේ ගැටලූකාරී තත්ත්වය නිසා පසුව සම්පූර්ණයෙන්ම නිශ්ප්‍රභ කර දැමීම සිදුවිය.
මෙසේ පර්යේෂණයක් සම්පූර්ණයෙන්ම නිශ්ප්‍රභ කර දැමිමේ සිදුවීම් ඉතා විරලය.
යොෂිකි සායි ඇතුළු පර්යේෂක පිරිස ජපානයේ ‘‘රිකෙන්‘‘ ආයතනයේ සේවය කළෝ වෙති.
සොයාගැනීම නිමිත්තෙන් මෙම වසර මුලදී පැවැති හමුවේදී පර්යේෂණයෙන් කුඹ සෛල ආධාරයෙන් සම සුවපත් කළ හැකි ක්‍රමයක් සොයාගත්තේ යැයි ඔවුහු පැවසූහ. මීයන්ගේ සෛලලයන් මධ්‍ය අම්ලකර පරිසර තත්ත්ව වල තැබීමෙන් ඒවා කුඹ සෛල බවට පත්වන බව සොයාගත්තේ යැයිද මෙම ක්‍රමවේදය තවදුරටත් දියුණු කිරීමෙන් විවිධාකාර ලෙඩ රෝග වල ප්‍රතිඵලයක් ලෙස සිදුවන තුවාළ ඉක්මනින් සුවපත් කර ගත හැකි ක්‍රමයක් සොයාගත හැකිවනු ඇතැයිද ඔවුහු කියා සිටියහ.
නමුත් පසුව සිදුකෙරුණු විමර්ශණයන්ගෙන් අනාවරණය වූයේ පර්යේෂක කණ්ඩායම නිගමනයන්ට එළැඹීමට භාවිතා කර ඇති ක්‍රම වල ගැටලූ පවතින බවයි. මේ නිසා මුලූ පර්යේෂණයම නිශ්ප්‍රභා කර දැමීම සිදුවුණි.
මෙය ජපානයේ මෙන්ම ලෝක මාධ්‍යයන්ද වාර්තා කළේ සමස්ථ ජපාන විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයටම සිදුවූ නොමැකෙන කැළළක් ලෙසය.
රිකෙන් ආයතනය සිදුකළ විමර්ශණයකින් පර්යේෂණ කණ්ඩායමේ වෙනත් සාමාජිකයෙකු සාවද්‍ය කරුණු ඉදිරිපත් කර ඇතැයි සොයාගැනීමට හැකිවූවත් යොෂිකි සායි එහි සම්පූර්ණ වරද තමන් අත තිබුණේයැයි සිතා සිටි බව ඔහුගේ මිතුරෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් ජාතික යොෂිකි සායි හද පත්ලෙන්ම තම පර්යේක්ෂණ කටයුතු කලබව පෙනී යනවා.ජපන් ජාතිකයන් අවංක,නීති ගරුක,නිහතමානී ,කඩිසර ,නැණවත් ජාතියක්. නමුත් සුළු දෙයකටත් කම්පාවෙන ,ඉතාමත් සංවේදී ජාතියක්. ඊළඟ ප්‍රයත්නයේදී ජයග්‍රහණය පෙන්නුම් කිරීමට හැකියාව තිබුනත් හිත් වේදනාව උසුලාගැනීමේ ශක්තියක් පෞද්ගලික ජීවිතයේ ඔවුන්ට නැත.කණගාටු දායක සිද්ධියක් ! (අ)
ඇයි මෙහෙම උත්සාහය අත්හැරියේ? (නි)
ආත්ම ගාතනය ජපාන සංස්කෘතියේ ලක්ෂණයක් මේ වගේ සම්පූර්ණ පරික්ෂනයම අසාර්ථක උන තැන් තව තියනවා නමුත් ඒවා කරපු අය ජපන් ජාතිකයන් නොවෙයි (දී)
ජිවිතේ නැති කර ගන්න අවශ්‍ය නැහැනේ (දී)