හෘදයාබාධ ඇතිවීම වළක්වාගැනීමට භාවිතයට ගන්නා ඇස්ප්‍රීන්ම හෘදයාබාධ වැළැදීමටත් සාධකයක් වන බව ඇමරිකාවේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
ඇස්ප්‍රීන් ලොව ලක්ෂ ගණනක් දෙනා භාවිතයට ගන්නා ඖෂධයකි.එයින් මිනිස් සිරුරේ ඇති හෝමෝන කාණ්ඩයක් නිපදවීම පාලනය කරයි.
මෙම හෝමෝන කාණ්ඩය ආතතිය උද්දීපනය කිරීමට හේතු වන්නේ යැයි සොයාගෙන තිබේ.විද්‍යාඥයින් පවසන ආකාරයට ආතතිය හෘදයාබාධ ඇතිවීමේ අවධානම ඉහළ නංවන්නකි.
මෙනිසා හෘදයාබාධ අවධානම ඇති පුද්ගලයින්ට ඇස්ප්‍රීන් වෛද්‍යවරුන්ම නිර්දේශ කරන්නකි.
පර්යේෂකයින් පවසන්නේ මෙසේ ඇස්ප්‍රීන් හෘදයාබාධ අවධානම ඇති සෑම පුද්ගලයෙකුටම නිර්දේශ කිරීම සුදුසු නොවන්නේයැයි තම පර්යේෂණයෙන් සොයාගැනීමට හැකිවූ බවයි.
ඔවුන් පවසන ආකාරයට ඇතැම් පුද්ගලයින්ට ආතතිය උද්දීපනය කරනා හොමෝනයන් පාලනය කරන ජානයක් උත්පත්තියෙන්ම පිහිටා ඇත.මෙවන් පුද්ගලයින්ට ඇස්ප්‍රීන් ලබාදීම සුදුසු නොවන බව ඔවුහු කියති.
මෙම ජානය පවතින පුද්ගලයින්ට හෘදයාබාධ වැළැදීමේ අවධානම සියයට 35 ක් පමණ වන බවත් නමුත් මෙවන් පුද්ගලයෙක් ඇස්ප්‍රීන් භාවිතයට ගත්විගස මෙම ස්වභාවික ආරක්ෂක ක්‍රියාවලිය බිදවැටී හෘදයාබාධ වැළැදීමේ අවධානම සියයට 85 ක් පමණ දක්වා ඉහළ යන බවත් විද්‍යාඥ පිරිස පවසති.
මෙනිසා ඇස්ප්‍රීන් ලබාදීමට ප්‍රථමයෙන් එකී ජානය පිහිටා ඇත්දැයි මුල් කොටම සොයාබැලිය යුතුව ඇතැයි ඔවුන්ගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
හෘද රෝග අවධානමක් ඇති පුද්ගලයින්ට දැනට සිදුකෙරෙන්නාක් මෙන් නිකන්ම ඇස්ප්‍රීන් දෙනවාට වඩා විධිමත් ක්‍රියාපිටිපාටියකට ඔවුන්ව අධ්‍යනය කර සුදුසු නම් පමණක් ඇස්ප්‍රීන් ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතුව ඇතැයි වෛද්‍ය විශේෂඥයින් පවා පිළිගන්නකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මාලි බටහිර විද්‍යාවට බැන අඬ ගහන එකත් සමහරුන්ගේ හොඳ බිස්නස් එකක් තමයි. නමුත් ඔයත් ඇතුළුව එයාල හැමෝම මේ ලෝකේ තාමත් ජීවත් වෙන්නේ බටහිර විද්‍යාවේ දැනුමෙන් ඒක අකමැත්තෙන් හරි පිළිගන්න වෙනවා. කාටකාටත් නැතුව ලෙඩක් හැදුනම නාත දෙවියෝ බෙහෙත් දෙන්නේ නැහැ දීලත් නැහැ (නදී)
බටහිර වෛද්‍ය විද්‍යාව ඔහොම තමයි ඕක හොද බිස්නස් එකක් විතරයි (නදී)
මාලි, ඔබ හරියටම හරි. බටහිර බෙහෙත් වලින් රෝග සුව වෙනවා නොවෙයි. යටපත් කරනවා පමණයි. ඔය හදන්නේ තව අලුත් බෙහෙතක් මාර්කට් එකට දාන්න හදන පොතක්.(නදී)